Logan Official Trailer 2 [ලෝගන් දෙවන පුර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරසි සහිතව]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න ඉතින් තවත් ඔයාල එනකම් බලාගෙන සිටින චිත්‍රපටයක අලුතින්ම නිකුත්වෙච්ච පුර්ව ප්‍රචාරක පටයක සිංහල උපසිරැසිය අරගෙන ආවා. තුන්වන සහ අවසන් වුල්වරින් චිත්‍රපටය ලෙස මෙන්ම දස වන එක්ස් මෑන් චිත්‍රපටය ලෙස 2017 මාර්තු මස තුන්වන දින නිතුත්විමට නියමිත මෙම Logan චිත්‍රපටයේ නිකුත් වෙච්ච මෙම පුර්ව ප්‍රචාරක පටය මගින් ඔයාලට එම චිත්‍රපටයේ කතාව දලවශයෙන් සිතා ගන්න පුළුවන්.
ඔයාල දැනටමත් නරබලා තියන X-Men: Days of Future Past චිත්‍රපටයේ කතාව සිදුවෙලා අවුරුදු පහක් ගියතැන සිදුවෙන කතාවක් විදියට තමා මේ චිත්‍රපටය දිග හැරෙන්නේ. වයසට ගිය මහාචාර්ය එක්ස් සමග ලෝගන් සැඟවෙච්ච ජිවිතයක් ගතකරනවා මැක්සිකානු දේශ සිමාවේ. ඒත් ඔවුන් අතරට අහම්බෙන් පැමිණෙනවා තවත් වුල්වරින් වගේම වෙපන් එක්ස් විද්‍යාගාරය නිර්මාණය කරනා ලද අපසාරියෙක්. ඒ ඇත්තටම X-23 ලෙස නැත්නම් ලෝරා ලෙස හැඳින්වෙන අවුරදු එකොළහක කුඩා දැරියක්. ඇයට වුල්වරින්ගේ හැකියාවන් පිහිටලා තියනවා. එසේ වන්නේ ලොගන්ගේ ජාන මගින් ඇය නිර්මාණය කරලා තියන හින්ද. ඇය සොයාගෙන පැමිණෙන වෙනත් අපසාරින් කණ්ඩායමක් එක්ක ඇතිවන සටන තමා මේ චිත්‍රපටයේ කතාව විදියට දිග හැරෙන්නේ.
මෙම චිත්‍රපටය 20th Century Fox ආයතනය මගින් බෙදාහැරීමට නියමිත චිත්‍රපටයක්. නිෂ්පාදනය Marvel Entertainment, TSG Entertainment, The Donners’ Company යන ආයතන තුන මගින් සිදුකරලා තියනවා මේ චිත්‍රපටයේ වැඩි විස්තරයක් මම කලින් දීල තියන පළමු පුර්ව ප්‍රචාරක පටයට අදාල ලිපියේ තියනවා.
ඉතින් මේ වගේ තවත් චිත්‍රපටයක් ගැන විස්තරයක් රැගෙන එන්නම් කියන ගමන් සමු ගන්නවා.
බුදු සරණයි…
maxresdefault

 

 

 

G.A.P. Ranathunga (44 Posts)


2 thoughts on “Logan Official Trailer 2 [ලෝගන් දෙවන පුර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරසි සහිතව]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *