Hindi Songs Now And Then – හින්දි සින්දු එදා සහ අද – 11

maxresdefault
සින්දුවේ නම                                : Haseeno Ka Deewana (සුන්දරියන්ගේ උම්මත්තකයා)
මුල්ම එළිදැක්වීම සිදුවූ වර්ෂය      : 1981
නව නිර්මාණය සිදුවූ වර්ෂය          : 2017
 
ආයුබෝවන් ඔයාලට ඔක්කොමට. ඔන්න ඉතින් මේ දිනවල ඉන්දියාවේ ලැව් ගින්නක් වගේ ජනප්‍රයත්වය පැතිරයන සින්දුවක් තමා මම ඔයාලට හඳුන්වාදෙන්න යන්නේ. ඉන්දියානු ගීත දර්ශකවල උඩින්ම තියන මේ සින්දුවේ අතීත සහ වර්තමාන කතාව දැන් ඔයාලට තේරුම් කරන්නම්.
 
මෙම නව ගීතය ඔයාලට 2017 ජනවාරි මස 25 වන දින තිරගත වීම ආරම්භ කරන Kaabil කියන චිත්‍රපටයට තමා ඇතුලත් වෙන්නේ. රිතික් රොෂාන් තමා ප්‍රධාන චරිතය නිරුපනය කරන්නේ. මෙම ගීතයේ රූපරාමු වලට අතිශය ජනප්‍රිය සුරූපී උර්වෂි රෝටෙලා තමා පෙනී සිටින්නේ. පායල් දේව් සමග රෆ්තාර් ගායනයෙන් එකතුවෙන අතරේ නව සංගීත නිර්මාණය ගෞරව් රෝෂින් විසින් තමා කරලා තියෙන්නේ. නව පද වැල් කුමාර් විසින් නිර්මාණය කරලා තියනවා.
 
පැරණි ගීතය අපි කවුරුත් දන්නා අමිතාබ් බච්චන් රඟපාන ලද 1981 තිරගත වෙච්ච Yaarana චිත්‍රපටයට තමා ඇතුලත් වෙන්නේ. අන්ජාන් කියන පදවැල් රචකයාගේ පද වලට රිතික් රොෂාන් ගේ මාම කෙනෙකුත් වෙන රාජේශ් රොෂාන් තමා සංගීතය නිර්මාණය කරලා තියෙන්නේ. ගායනය කිෂෝර් කුමාර් විසින් කරලා තියනවා.
 
පැරණි ගීතයත් නව ගීතයත් අතර තියන ප්‍රධාන වෙනස තමා පැරණි ගීතය පිරිමි චරිතයක් මුල් කරගෙන නිර්මාණය වුවත් නව නිර්මාණය කාන්තා නිරුපනයක් මුලික වීම.  නව ගීතය T-Series සංගීත ආයතනට හිමි වන අතරේ දැනට යු ටියුබ් මිලියන පනහකට වඩා වැඩි ප්‍රමාණයක් නරබලා තියනවා. ඉතින් මෙම ගීත දෙකම රසවිඳින්න කියල ආරාධනය කරන ගමන් සමුගන්නම්. තවත් ගීතයකින් ලබන සතියේ හමුවෙන්න එන්නම්.
 
බුදු සරණයි.

මෙන්න 2017 දී Kaabil චිත්‍රපටයට ඇතුලත් අලුත් ගීතය

මෙන්න 1981 වසරේ දී Yaarana චිත්‍රපටයට නිර්මාණය වූ පැරණි ගීතය

G.A.P. Ranathunga (45 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *