Hindi Songs Now And Then – හින්දි සින්දු එදා සහ අද – 10

 maxresdefault
සින්දුවේ නම                                : Laila Main Laila (මම තමයි ලෙයිලා)
මුල්ම එළිදැක්වීම සිදුවූ වර්ෂය       : 1980
නව නිර්මාණය සිදුවූ වර්ෂය           : 2017
 
ආයුබෝවන් ඔයාලට ඔක්කොමට. ඔන්න ඉතින් තවත් අලුත්ම අලුත් සින්දුවක් අරගෙන ආව ඔයාලට පරණ විස්තරත් එක්ක. දැනට මිලියන පනස් පහකට වැඩි නරබන්නන් ප්‍රමාණයක් බලලා තියන මේ ගීතය ගැන ඔයාලට පැහැදිලි කරනා අතරේ පැරණි ගීතය ගැනත් ඔයාලට කියන්න තමා මේ හදන්නේ.
 
අලුත් ගීතය ගැන නම් කියන්න තියෙන්නේ මේ දිනවල ඉන්දියාවේ අතිශය ජනප්‍රිය ගීත කිහිපයෙන් එකක් කියලයි. රඟපෑමෙන් ශාරුක් කාන් සමග සනි ලියෝනි එකතු වීම ඒකට ලොකු හේතුවක් වෙලා තියනවා. මෙම ගීතය ඇතුලත් වෙන්නේ 2017 ජනවාරි 25 වන දින තිරගත වෙන්න නියමිත Raees කියන හින්දි චිත්‍රපටයේ. පළමු ගීතයේ සංගීත සංයෝජනයේ වෙනසක් රාම් සම්පත් කියන රිමික්ස් සංගීත ශිල්පියා කරලා තියන අතරේ ඉන්දිවර් ගේ පද රචනය ජාවෙඩ් අක්තාර් විසින් සුළු වෙනසක් කරලා තියනවා. ගීතය ගායනය පවනි පාන්ඩේ කියන ගායිකාව සිදුකරලා තියනවා. සංගීත ඇල්බමය Zee Music Company ආයතනය සතු වෙනවා.
 
පැරණි ගීතය ඇතුලත් වෙන්නේ 1980 දී තිරගත වෙච්ච Qurbani කියන හින්දි චිත්‍රපටයේ. ෆිරෝස් කාන් සමග සිනත් අමාන් තමා රංගනයෙන් දායකවෙලා තියෙන්නේ. ඉන්දිවර් කියන පද රචකයාගේ පදවැල් කල්යාන් ජි සහ ආනන්ද් ජි කියන සංගීත නිර්මාණ ශිල්පින් දෙපල විසින් සංගීතය නිර්මාණය කරලා තියනවා. ගීතය ගායනය අමිත් කුමාර් සමග කන්චන් විසින් සිදුකරලා තියනවා.
 
ඉතින් ඔන්න ගීත දෙකම බලලා රසවිඳින්න කියන ගමන් සමුගන්නවා.
 
බුදු සරණයි.
 
 
මෙන්න 2017 දී Raees චිත්‍රපටයට ඇතුලත් අලුත් ගීතය
 
මෙන්න 1980 වසරේ දී Qurbani චිත්‍රපටයට ඇතුලත්ව තිබු පැරණි ගීතය
G.A.P. Ranathunga (45 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *