Hindi Songs Now And Then – හින්දි සින්දු එදා සහ අද – 9

TheHummaSong-OkJaanu-shraddhakapoor
සින්දුවේ නම                               : The Humma Song (දෙදෙනා එක්කෙනෙක් වුවා)
මුල්ම එළිදැක්වීම සිදුවූ වර්ෂය       : 1995
නව නිර්මාණය සිදුවූ වර්ෂය          : 2017
 
ආයුබෝවන් ඔයාලට ඔක්කොමට. ඔන්න ඉතින් ඔයාල ඔක්කොටම මම අරගෙන ආවේ අලුත්ම අලුත් සින්දුවක විස්තර. අතිශය ජනප්‍රිය සින්දුවක් වෙලා තිබ්බ මේක වර්තමානයේත් ඉන්දියාවේ සංගීත චාර්ට් වල උඩින්ම තියනවා කියල කියන්න පුළුවන්.
 
මේ ගීතය හැඳින්වෙන්නේ The Humma Song කියල. 2017 වසරේ ජනවාරි 13 වෙනිදින තිරගත වෙන්න නියමිත Ok Jaanu චිත්‍රපටියට තමා මේ ගීතය ඇතුලත් වෙන්නේ. ඔයාල හොඳින්ම දන්නා අර ආශිකි පෙම් යුවල වන ආදිත්‍ය රෝයි කපුර් සහ ශ්‍රද්ධා කපුර් තමා මේ ගීතයේ නිරුපනය කරන්නේ. මෙහෙබුබ් කියන පද රචකයාගේ පළමු ගීතයේ පදවැල් වලට බාද්ෂා කියන රැප් ගායකයා රැප් කොටස් එකතු කරලා තියනවා. ගීත ගායනය ජුබින් නවුට්යාල්, ශාෂා ත්‍රිපති, තනිශ්ක් බාගී සමග බාද්ෂා කරන්නේ. සංගීත නිර්මාණය ඒ ආර් රහුමාන් තමා සිදුකරලා තියෙන්නේ. සංගීත ඇල්බමයේ අයිතිය Sony Music India ආයතනය සතු වෙනවා.
 
මේ ගීතය පළමු වරට ඇතුලත් වෙන්නේ 1995 වසරේ තිරගත වෙච්ච Bombay චිත්‍රපටයේ. රෙමෝ, ස්වර්ණලතා සමග සුරේෂ් පීටර් තමා ගීතය ගායනා කරන්නේ. සංගීත නිර්මාණය ඒ ආර් රහුමාන් විසින් කරලා තියෙන්නේ. පද රචනය මෙහෙබුබ් ගෙන්. ගීතයට රඟපෑමෙන් අරවින්ද් සාමි, මනිෂා කොයිරාල, නාගේන්ද්‍ර ප්‍රසාද් එක්ක සොනාලි බ්‍රේන්ද්‍ර එකතු වෙනවා. සංගීත ඇල්බමයේ අයිතිය Universal Music ආයතනය සතු වෙනවා.
 
නව ගීතය දැනට යුටියුබ් නැරඹුම් 58,815,559 පමණ වාර්තාවෙනවා. ඉතින් ඔයාල මේ ගීත දෙකම බලලා රසවිඳින්න කියල කියනවා. ගිහින් එන්නම් තවත් සින්දුවක් අරගෙන මේ විදියේ.
 
බුදු සරණයි.
 
 
මෙන්න 2017 දී Ok Jaanu චිත්‍රපටයට ඇතුලත් අලුත් ගීතය
 
මෙන්න 1995 වසරේ දී Bombay චිත්‍රපටයට ඇතුලත්ව තිබු පැරණි ගීතය
G.A.P. Ranathunga (45 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *