Hindi Songs Now And Then – හින්දි සින්දු එදා සහ අද – 7

O-Janiya
සින්දුවේ නම                                : O Janiya (මගේ වස්තුව)
මුල්ම එළිදැක්වීම සිදුවූ වර්ෂය      : 1987
නව නිර්මාණය සිදුවූ වර්ෂය          : 2016
 
ආයුබෝවන් ඔයාලට ඔක්කොමට. ඔන්න ඉතින් ඉතින් මේ සතියේ ඔයාලට හඳුන්වාදෙන ගීතය අරගෙන ආවා. මේ සිංදුව නම් ඉතින් ගොඩක්ම ජනප්‍රිය වෙච්ච එකක් කියුවොත් හරි. ඉතින් නව පරපුරේ ඔයාලට ඒ අතීතය ගැනත් මුල් ගීතය ගැන දන්නා ඔයාලට අලුත් ගීතය ගැනත් හඳුන්වා දෙන්න තමා මේ හදන්නේ.
 
ඕ ජනියා කියන මේ ගීතය ඇතුලත් වෙන්නේ 2016 වසරේ තිරගත වෙච්ච අතිශය ජනප්‍රිය වෙච්ච Force 2 කියන චිත්‍රපටයේ. නෙහා කක්කර් කියන ජනප්‍රිය ගායිකාව තමා නව ගීතය ගායනා කරන්නේ. ගවුරව් රෝෂන් කියන නවක සංගීත නිර්මාණ ශිල්පියා නව සංගීත නිර්මාණය කරලා තියන අතරේ නව පදවැල් කිහිපයක් කුමාර් කියන පද රචකයා එකතු කරලා තියනවා, ගීතයේ දර්ශන සඳහා සොනක්ෂි සින්හා සමග ජෝන් ඒබ්‍රහම් පෙනී සිටිනවා.
 
පැරණි ගීතය ගැන කතා කලොත් හින්දි චිත්‍රපට ලෝකයේ මුදුන් කණු කිහිපයක් එකතුව නිර්මාණය කරන ලද ගීතයක් කියුවොත් නිවැරදියි. 1987 වර්ෂයේ තිරගතවෙච්ච මිස්ටර් ඉන්දියා චිත්‍රපටයේ තමා Kaate Nahi Katthe Ye නමින් මෙම ගීතය මුලින්ම නිර්මාණය වෙන්නේ. ජාවෙඩ් අක්තාර් කියන ප්‍රසිද්ද පද රචකයාගේ පද වලට ලක්ශ්මිකාන්ත් ප්යාරෙලාල් කියන සංගීත නිර්මාණ ශිල්පින් දේපල විසින් සංගීත නිර්මාණය කරලා තියනවා. කිෂෝ කුමාර් සමග අලිෂා චිනායි තමා ගීතය ගායනා කරන්නේ. අනිල් කපුර් සමග ශ්‍රී දේවි තමා ගීතයට පෙනී සිටින්නේ. අලුත් සහ පැරණි ගීත ඇල්බම් දෙකම T-Series ආයතනය සතු වෙනවා.
 
ඉතින් මෙම ගීත දෙකම රසවිඳින්න කියල ආරාධනය කරන ගමන් සමුගන්නම්. තවත් ගීතයකින් ලබන සතියේ හමුවෙන්න එන්නම්.
 
බුදු සරණයි.
මෙන්න 2016 දී Force 2 චිත්‍රපටයට ඇතුලත් අලුත් ගීතය
මෙන්න 1987 වසරේ දී Kaate Nahi Katthe Ye නමින් මිස්ටර් ඉන්දියා චිත්‍රපටයට නිර්මාණය වූපැරණි ගීතය
G.A.P. Ranathunga (44 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *