Hindi Songs Now And Then – හින්දි සින්දු එදා සහ අද – 6

maxresdefault
සින්දුවේ නම                               : Tumhein Apna Banane Ki (ඔබ මගේම කර ගැනීමට)
මුල්ම එළිදැක්වීම සිදුවූ වර්ෂය      : 1991
නව නිර්මාණය සිදුවූ වර්ෂය         : 2015
ආයුබෝවන් ඔයාලට ඔක්කොමට. ඔන්න ඉතින් මේ සතියේ ඔයාලට හඳුන්වාදෙන ගීතය අරගෙන ආවා. මේ සින්දුව ඇත්තටම ගොඩක්ම වෙනස් වෙලා කිවුවොත් හරි. මොකද පළමු වරට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ ආදරය වැඩියෙන් හැඟවීම සිදු උනත් නව නිර්මාණයේ ආදරයට වඩා කාමය ඉදිරිපත් කර තිබීමයි. ඒ හින්දා නව ගීතයේ රුප රාමු කුඩා දරුවන්ට එච්චර සුදුසු වෙන්නේ නැ කියල කියන්න ඕන.
පළමු වතාවට මෙම තුමේ අපනා බනානේකා කියන ගීතය ඇතුලත් වෙන්නේ 1991 වර්ෂයේ අතිශය ජනප්‍රිය වෙච්ච සඩක් කියන හින්දි චිත්‍රපටයට. පුජා බාත් සමග සංජය දත් රඟපෑමෙන් එකතුවෙන එම චිත්‍රපටයේ ලස්සන ආදර ගීතයක් ලෙස තමා මේ සින්දුව නිර්මාණය වෙන්නේ. සමීර් කියන පද රචකයාගේ පදවැල් වලට නදීම් ශ්‍රවන් සංගීතවත් කරලා තියන එම ගීතය අනුරාධා පොඩ්වාල් සහ කුමාර් සානු ගායනා කරනවා.
නව ගීතය ඔයාලට දක්නට ලැබෙන්නේ 2015 වර්ෂයේ තිරගත වෙච්ච හේට් ස්ටෝරි 3 කියන චිත්‍රපටයේ. මෙම චිත්‍රපටය වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපටයක් ලෙස නිර්මාණය වෙන්නේ. ෂෙරින් කාන් සමග ෂර්මන් ජෝෂි තමා රඟපෑමෙන් එකතු වෙලා තිබෙන්නේ. නව සංගීත සංයෝජනය අමාල් මලික් ගෙන්. පදවැල් වලට නව කොටස් කිහිපයක් රශ්මි විරාග් විසින් එකතු කරලා තිබෙනවා. ගීතය අර්මාන් මලික් සමග නීති මෝහන් ගායනය කරනවා.
අලුත් සහ පරණ ගීත ඇල්බම් දෙකෙහිම හිමිකාරත්වය T-Series ආයතනය සතු වෙනවා.   
 
ඔන්න ඉතින් අලුත් සහ පැරණි ගීත දෙකම ඔයාලට බලන්න පුළුවන්. ලබන සතියෙන් මේ විදියට අලුත් ගීතයක් හඳුන්වා දෙන්න එනවා කියන පොරොන්දුව දෙන ගමන් සමු ගන්නම්.
 
බුදු සරණයි.
 
මෙන්න 2015 දී Hate Story 3 චිත්‍රපටයට ඇතුලත් අලුත් ගීතය
මෙන්න 1991 වසරේ දී Sadak චිත්‍රපටයේ තිබු පැරණි ගීතය
G.A.P. Ranathunga (44 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *