Underworld Blood Wars (2017) පස්වෙනි වරටත් සටන ඇරඹෙයි .. [පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරැසි සමග…]

maxresdefault
බයිස්කෝප් මංසල වෙනුවෙන් ලිපියක් ලියන්න මටත් ආසාවක් ඇතිවුණා. ඉතින් මගේ මුල්ම ලිපිය මඟින් ඔයාලට ඉදිරිපත් කරන්න යන්නෙ අපි කවුරුත් ආසාවෙන් නරඹපු සුපිරිම චිත්‍රපට මාලාවක අලුත්ම චිත්‍රපටය ගැනයි… Underworld චිත්‍රපට මාලාව ඔයාල කවුරුත් මේ වෙනකොට නරඹලා ඇතිනේ. ඉතින් මම අද ඔයාලට මේ චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටය, ඒ කියන්නෙ Underworld: Blood Wars(2017) චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරසිත් එක්ක අරගෙන ආවා.
ෆිල්ම් එක ගැන කියනවානම් මේ ෆිල්ම් එක Underworld චිත්‍රපට මාලාවේ පස්වැනි සිනමාපටය විදිහටයි නිර්මාණය කරල තියෙන්නෙ. මේ වෙනකොට  Underworld (2003, Underworld: Evolution(2006), Underworld: Rise of the Lycans(2009) හා Underworld: Awakening(2012) යන නම් වලින් ෆිල්ම් හතරක් තිරගත වෙලා තියනවා. Underworld: Blood Wars සිනමාපටය 2012 වසරේ තිරගතවුණු  Underworld: Awakening සිනමාපටයට අනුබන්ධිතවයි නිර්මාණය කරල තියෙන්නෙ Anna Foersterගේ අධ්‍යක්ෂණයෙන් හා Lakeshore Entertainment සමාගමේ නිශ්පාදනයෙන් නිර්මාණය කෙරුණු Underworld: Blood Wars චිත්‍රපටයේත් සුපුරුදු විදිහටම Kate Beckinsale ”සෙලේන්” විදිහට ප්‍රධාන චරිතයට පොවනවා. ඒත් එක්කමTheo James “ඩේවිඩ්” විදිහටත්, Tobias Menzies “මාරියස්” විදිහටත් මේ සිනමාපටයට රංගනයෙන් දායකවෙනවා. ඉතින් මේ සිනමාපටය තිරගත වෙන්නෙ නම් ලබන අවුරුද්දෙ. හරියටම කියනවානම්  2017 ජනවාරි හයවෙනිදා.
ෆිල්ම් එකේ හොඳ පිටපතක් අන්තර්ජාලයට නිකුත්වූ සැණින් Underworld: Blood Wars චිත්‍රපටයේ සිංහල උපසිරසි  ඔයාලට ලබාදෙන්න බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායම සූදානමින් ඉන්නවා. එහෙනම් අදට නවතින්නම්…
ඉසුරු සම්පත් (27 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *