Black Widow – සැමියා නොමළ වැන්දඹුව

සම්පුර්ණ නම     : නතාලියා අලියානොව්නා රමනොවා

වෙනත් නම්       : නතාෂා රමනොෆ්, බ්ලැක් විඩෝ

උපන් වර්ෂය      : අවුරුදු අසු අටයි

උපන් ස්ථානය   : ස්ටාර්ලින්ගාර්ඩ් නගරය, රුසියාව

උස                         : අඩි 5 අඟල් 7

බර                         : කිලෝ 59 කි.Black+Widow-Main

ආයුබෝවන් යාලුවනේ. ඔන්න ඉතින් තවත් සුපිරි වීර චරිතයක් අරගෙන ආවා මම. මංසලේ ඔයාලට ඉතින් සමන් ප්‍රසාද් සහෝදරයා DC කණ්ඩායමේ  සුපිරි වීරවරිය ගැන එන්න තියන චිත්‍රපටයේ පුරව ප්‍රචාරක පටය දීල තියනවා නේ. ඉතින් මම Marvel කණ්ඩායමේ ඉන්න සුපිරි වීරවරිය ගැන විස්තරයක් දෙන්න හිතුවා. ඒත් ඉතින් මෙයාගේ ලොකු විස්තරයක් නැ. මොකද මේ බ්ලැක් විඩෝ ගැන වෙනමම කොමික් කතා නිර්මාණය වෙලා තියෙන්නේ අඩුවෙන් හින්ද. ඒ උනත් දැනට දන්නා ටික ඔයාලට කියල දෙන්නම්.

නතාලියා අලියානොව්නා රමනොවා නැතිනම් නතාෂා රමනොෆ් ඉපදෙන්නේ 1928 දී රුසියාවේ ස්ටාර්ලින්ගාර්ඩ් (දැන් හඳුන්වන්නේ වොල්ගොගාර්ඩ්) වල. එම කාලයේම රුසියාවට මුහුණ දෙන්න වෙන සතුරු පහරදීමකට නතාෂා ජීවත්වෙලා සිටි ගොඩනැගිල්ලත් මැදිවෙනවා. ගිනි ගන්නා නිවසේ තනිවෙන මේ පුංචි කෙල්ල බේරාගන්නේ රුසියානු හමුදා සෙබලෙක් වෙන ඉවාන් පෙට්‍රවිච් විසින්. ඉවාන් ළඟ ඔහුගේ දියණිය විදියට හැදී වැඩෙන නතාෂා තරුණ වයසට එළබෙන විට තම හදාගත් පියා අනුව යමින් රුසියානු හමුදාවට එකතු වෙනවා. ඒ හමුදාවේ බුද්ධි අංශයේ එක ඒකකයක් වන බ්ලැක් විඩෝ සාමාජිකාවක් විදියට.  බ්ලැක් විඩෝ කියන්නේ කාන්තා කමාන්ඩෝ රෙජිමේන්තුවක්. රහසේ ක්‍රියාත්මක වෙන විශේෂ හැකියාවන් තියන අවශ්‍ය විට මරාගෙන මැරෙන්න උනත් සුදානම් කණ්ඩායමක්. ඒ කණ්ඩායමට බැඳෙන සියලුම යුවතියන්ගේ සියලුම මතකයන් මකා දමන අතර ශරීරය විශේෂ තත්වයට වෙනස් කිරීම සිදුකරනවා. ඒ රෙඩ් රුම් යනුවෙන් හැඳින්වෙන විද්‍යාගාරය තුල. මේ වෙනසට නතාශාත් මුහුණ දෙන නිසා තමා ඇය සෙමෙන් වයසට යන්නේ. ඒවගේම දිගු ආයුකාලයක් හිමිවෙලා තියෙන්නෙත්. රුදිරයේ තියන සුදු රුදිරානු විද්‍යනුකුලව වෙනස් කිරීම හින්ද වේගයෙන් තුවාල සුවවීම මෙන්ම ලෙඩ රෝග නොසැදීම වගේ විශේෂ හැකියාවන් ඇය සතුවෙනවා.

සැඟවී ඉන්න අවශ්‍ය හින්ද නතාෂා බැලේ නර්තනය ඉගෙන ගන්නවා. ඒ අතරේම අත්මාරක්ෂක සටන් පුහුණුව, හමුදා අවි ආයුද පුහුණුව මෙන්ම බ්ලැක් විඩෝ කණ්ඩායමට ආවේනික අධි තාක්ෂණික ආයුද පුහුණුවත් ලබා ගන්නවා. ඇය ඇතුළු කණ්ඩායමට ඉගැන්වීම කරන පුද්ගලයන් අතරේ අපි වින්ටර් සොල්ජර් නැත්නම් බකි කියල කැප්ටන් ඇමරිකා විසින් හඳුන්වන ජේම්ස් බාර්න්ස් පවා ඉන්නවා. පුහුණුව මුල් කාලයේ නින්ජා කණ්ඩායමකට හසුවන නතාෂා බෙර ගෙන ආපහු රුසියාවට අරගෙන යන්නේ අපි කවුරුත් හොඳින් දන්නා කැප්ටන් ඇමරිකා සහ වුල්වරින් විසින්. නතාෂා මේ සිදුවීම හොඳින් මතක තියා ගන්නවා. ඇත්තටම ඒක එයාගේ පසු ජිවිතයේ ලොකු වෙනස්කමකට පවා හේතුවෙනවා. තරුණ වියට එළබෙන නතාෂා යෝජනාවක් අනුව ඇලක්සි සොක්සටව් කියන ගුවන් යානා නියමුවා සමග විවාහ වෙනවා. ඒත් ඇලෙක්සි ට මෙහෙයුමක් වෙනුවෙන් සියලු සම්බන්දතා අතහැරීමට වෙන හින්ද බොරු ගුවන්යානා අනතුරක් සිදුකිරිමෙන් මිය යාමක් පෙන්වලා ලෝකෙන් සැඟවිලා යනවා. මේ විදියට සැමියා ජීවත්ව සිටියත් වැන්දඹුවක් වෙන නතාෂා බ්ලැක් විඩෝ කණ්ඩායම වෙනුවෙන් ක්‍රියාකාරී සේවයට එක්වෙනවා. ඇත්තටම බොහෝ කාලයට පස්සේ තමා ඇය තමන්ට වෙන රැවටීම දැන ගන්නේ. පසු කලෙක ඇය රුසියාව එක්ක විරසක වෙන්න ඒක එක හේතුවක් වෙනවා.Nathasha-01

විඩෝ බයිට් ලෙස හැඳින්වෙන වෝල්ට් තිස්දාහක් පිටකරන්න පුළුවන් උපකරණ, කඳුළු ගෑස්, ස්වයංක්‍රිය පිස්තෝල මෙන්ම අත් බෝම්බ වැනි සුවිශේෂ ආයුද වලින් සැදී වළලු බ්ලැක් විඩෝ නිල ඇඳුම සතුවෙනවා. ඊට අමතරව හමුදා පිහි සහ පණිවිඩ හුවමාරු උපකරණත් ඒ ඇඳුම සතුවෙනවා. බ්ලැක් විඩෝ ලෙස නතාශාට ලැබෙන පළමු මෙහෙයුම තමා ඇමරිකානු රහස් රැගත් ඩනි ෆ්රන්ච් පැහැර ගෙන රුසියාවට අරගෙන ඒම. එය සාර්ථකව සිදුකරන නිසා ඇයට දිගටම අමාරු මෙහෙයුම් ලැබෙනවා. දෙවන ලෝක යුද්දයට පවා ඇය දායකත්වය ලබා දෙනවා. එයාට ලැබෙන මෙහෙයුම් අතරට අපි අයන් මෑන් ලෙස හදුන්වන ටෝනි ස්ටාක් මරාදැමීම වැනි මෙහෙයුම් ඇතුලත්. ඇමරිකාවේ පාතාල සාමජිකයෙක් වෙන හෝක් අයි සමග එකතුවෙලා ඒ සඳහා උත්සාහ ගත්තත් ස්ටාර්ක් ගේ දක්ෂතාව හමුවේ එය කරන්න බැරිවෙනවා. සමහරවිට ඔයාල දන්නේ නැතුව ඇති හෝක් අයි ට පළමු වතාවට පුපුරන ද්‍රව්‍ය සහිත ඊතල ලබාදෙන්නෙත් නතාෂා. ස්පයිඩර් මෑන් ට පහරදීමත් ඇයට ලැබෙන මෙහෙයුම් වලින් එකක්. නීති විරෝදී ක්‍රියාවල නිරතව සිටියත් වරක් වුල්වරින්ට හයිද්‍රා මිනීමරුවන් ගෙන් වෙන්න ගිය ප්‍රහාරයකින් බේර ගන්නෙත් නතාෂා. ඒ ඔහු වෙපන් එක්ස් පරීක්ෂණයට මුහුණ දීම හින්ද සිහි මද ගතියෙන් ඉන්න වෙලාවේ.

කොහොම උනත් පසුව හෝක් අයි සහ ඇය කැප්ටන් ඇමරිකා ඇතුළු පිරිස විසින් අල්ලාගෙන පුනුරුත්තාපනය කරලා ශිල්ඩ් සහ අවෙන්ජර්ස් වැනි කණ්ඩායම් සාමාජිකයෙක් විදියට යොදා ගන්නවා. හෝක් අයි සමග කෙටි කාලින ආදර සම්බන්දයක් තිබ්බත් ඇයගේ ඉතිහාසය හින්ද දෙදෙනාට එකතුවෙන්න බැරි වෙනවා. එත් පසුව අවෙන්ජර්ස් ලට එකතු වූ වින්ටර් සොල්ජර් එහෙම නැත්නම් බකි එක්ක තමා නතාෂා මේ දිනවල ආදරයෙන් බැඳී ඉන්නේ. උපතින් රුසියානුවෙක් උනත් නතාෂා ඇමරිකානුවන්ට අවංකව සේවය කරන හින්ද කැප්ටන් ඇමරිකා නොමැති අවස්ථාවල අවෙන්ජර්ස් කණ්ඩායමට නායකත්වය පවා ලබාදෙනවා. ඇයට ඩෙයාඩෙවිල්, ස්පයිඩර් මෑන්, අයන් මෑන් වැනි සුපිරි වීරයන් සමග වැඩ කරමින් සිටින විට වරක තවත් බ්ලැක් විඩෝ සමාජිකාවක් වෙන යෙලේනා බොලවා කියන සටන්කාරිය සමග පවා ගැටෙන්න සිදුවෙනවා.Nathashaa-02

ඔන්න ඕක තමා බ්ලැක් විඩෝ මේ දක්වා කතාව. මාවේල් නිර්මාපකයන් මේ චරිතය තවදුරටත් නිර්මාණය කරමින් ඉන්න නිසා ඉදිරියට ඇයගේ ජිවිතයේ මොනවා වෙනස් වේවිද කියල දන්නේ නැ. Tales of Suspense #52 කියන කොමික් කතාවෙන් 1964 දී පළමු වරට අපි අතරට ආව බ්ලැක් විඩෝ මාවේල් කොමික් ආයතනයේ හිටපු සභාපති වන ස්ටේන් ලි විසින් නිර්මාණය කරන ලද කොමික් චරිත වලින් එකක්. එයාට ඩොන් රිකෝ සහ ඩොන් හෙක් ගේ සහය ඒකට ලැබෙනවා. ඊට පසු විවිද කොමික් කතාවල චරිතයක් ලෙස අප අතරට ආව බ්ලැක් විඩෝ, Black Widow: The Things They Say About Her #1 කියන කොමික් කතාවෙන් 2005 වසරේ දී පළමු වරට එයාටම වෙන්වූ කොමික් කතාවක් ලෙස එලි දකිනවා. මාවේල් චිත්‍රපට බොහෝ ගනනකට Scarlett Johansson නිළිය විසින් මේ සුරූපී වීරවරිය වෙනුවෙන් චරිත නිරුපනය කරනවා. අපිට ඉදිරිකාලයේ Black Widow නමින්ම චිත්‍රපටයක් දක්නට ලැබෙන්න ඉඩ තියනවා කියන ගමන් මම මේ ලිපිය අවසන් කරනවා.


ඉතින් තවත් සුපිරි වීර චරිතයක් එක්ක ඔයාල හමුවට එන බලාපොරොත්තුවෙන් සමු ගන්නම්. ඔයාල ඔක්කොටම බුදු සරණයි.

G.A.P. Ranathunga (44 Posts)


5 thoughts on “Black Widow – සැමියා නොමළ වැන්දඹුව

  • November 16, 2016 at 8:14 PM
    Permalink

    නියමයි නියමයි බොහොම ස්තුතියි.

  • November 14, 2016 at 11:16 PM
    Permalink

    patta a

  • November 14, 2016 at 3:09 PM
    Permalink

    පට්ට වැඩක් ඈ… අයන්මෑන් ගැනත් දාමුද?

  • November 13, 2016 at 10:47 PM
    Permalink

    ස්තූතියි සහෝ ලිපියට. ඊළඟ ලිපිය FLASH ගැන ගේන්න පුළුවන් නම්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *