Rock On 2 (2016) | සිංදු ගොඩාරියයි..

 

ඔන්න ඉතින් තවත් හින්දි චිත්‍රපටයක පුර්ව ප්‍රචාරක පටය අරගෙන තමා මම මේ ආවේ. මේක 2008 අවුරුද්දේ සාර්ථකව තිරගතවෙච්ච Rock On කියන චිත්‍රපටයේ දෙවැන්න. මේ චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ ෆර්හාන් අක්තාර් සහ රිතේෂ් සිද්වානි. සංගීත අධ්‍යක්ෂණය ශංකර් එසාන් ලොයි කියන සංගීත නිර්මාපකයක් තුන්දෙනා. ඒවගේම ෆර්හාන් අක්තාර්, අර්ජුන් රාම්පාල්, ප්‍රාචී දෙසයි, පුර්බි ජෝෂි මෙන්ම ඔයාලට ආශිකී 2 චිත්‍රපටයේ මෙන්ම බාගී වැනි ජනප්‍රිය ඇති සාර්ථක චිත්‍රපට වල දුටු ශ්‍රද්ධා කපුර් ප්‍රධාන චරිත නිරුපනය කරනවා.maxresdefault
මේ චිත්‍රපටය Drama, Music නැතහොත් සංගීතය හා සම්බන්ද කතාවක් ඇතුලත් චිත්‍රපටයක් කියුවොත් හරි. එත් තාම මෙහි නිශ්පාදකයන් කතාව නිල වශයෙන් එලි දක්වලා නැ. ඒ උනත් කතාව පළමු චිත්‍රපටයේ තිබ්බ සංගීත කණ්ඩායම හා සම්බන්ද එකක් කියල පැහැදිලියි. වඩා වැදගත් වෙන්නේ ආශිකි චිත්‍රපටයේ ශ්‍රද්ධා කපුර් සින්දු කියනවා රඟපෑමක යෙදුනත් මෙහි සැබෑවටම සියලු ගීත ගායනා කර තිබීම. ඒවගේම මෙහි ගීත නවයක් ඇතුලත් වෙනවා. අභිෂේක් කපුර් සහ පුබාලි චවුද්රි තිර රචනය කරලා තියන අතර චිත්‍රපට අධ්‍යක්ෂණය කිරීම සුජිත් සවුදාගර් විසින් සිදුකොට තියනවා.
 
මේ චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය පසුගිය ඔක්තෝම්බර් විසි හතරවන දින ප්‍රකාශයට පත් වූ අතර මේ වන විට යු ටියුබ් හි විශාල නැරබුම් ප්‍රමාණයක් වාර්තාවෙලා තියනවා. Eros International ආයතනය බෙදාහැරීම් කටයුතු කරන මේ චිත්‍රපයට නොවැම්බර් මස එකොලොස්වන දින තිරගත වීමට නියමිතයි.
 
G.A.P. Ranathunga (45 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *