Interstellar Party : අමුතුම දැන්වීමක් – නටන්න බැරිනම් බලන්න එපා

බයිස්කෝප් මංසල හඳුන්වන්නේ සිනමාවේ නෙක තතු සොයා කියන ආදර්ශ පාටයෙන්. ඒ කියන්නේ වීඩියෝ මාධ්‍යයෙන් ලොව සිදුවන විශේෂ සිදුවීම් සහ අමුතු දේවල් ඔයාල හමුවට අරගෙන එන තැන. ඉතින් මම ඒවගේ දුටු විශේෂම වීඩියෝවක් ඔයාලට ඉදිරිපත් කරන්න තමා මේ හදන්නේ. ඇත්තටම මේක වෙළඳ දැන්වීමක්. ඒත් මේක ඔයාලට පෙන්නන්න ඕන කියල මට හිතෙන්න වෙනම කතාවක් තියනවා.

මේ ලිපිය ලියන්නේ සෙනසුරාදා රැ දහය පහුවෙලා විනාඩි කිහිපයක් ගිහිල්ල තියන වෙලාවේ. මම සුපුරුදු විදියට ඔයාලට ඊළඟට දෙන්න ඉන්න චිත්‍රපටය වෙන සුපර් මැන් තුන්වන කොටසේ උපසිරැසිය හදමින් ඉන්නේ. මේ වෙලාවේ මගේ ලඟට ආව තාමත් අමාරුවෙන් ඇවිදින මගේ යන්තම් අවුරුද්ද සම්පුර්ණ වෙච්ච චුටි දුව. මේ වෙලාවේ රුපවාහිනියේ පිටරට චැනලයක මෙන්න මේ දැන්වීම ප්‍රචාරය උනා. මේ සින්දුව ඇහුන ගමන් එයා නටන්න ගත්තා. මම පසුව යු ටියුබ් වලින් දෙතුන් පාරක් දැම්මා. ඒ හැම වෙලාවේම කටපුරාම හිනාවෙලා නටන්න ගත්තා. අපිට වැඩක් නැ මේ දැන්වීමේ තියන දේ. එත් දැන්වීම ලස්සනයි. මම වගේ අලුත් තාත්තාලාට මට දකින්න ලැබුන අත්දැකීම ගන්න පුළුවන් වේවි කියල හිතල තමා මේ පොස්ට් එක සකස් කරන්නේ.

මේ දැන්වීම ගැන මම පොඩ්ඩක් හෙවුවා. එතකොට දැනගන්න ලැබුනා එයාල මේකට කියන්නේ Interstellar Party AD කියල. ඔයාල සමහරවෙලාවට දන්නේ නැතුව ඇති මේ කම්පැනිය ප්‍රසිද්දයි විවිධ අමුතු අමුතු තේමා රැගත් වෙළඳ දැන්වීම් නිර්මාණය කරන්න. ඉතිහාසේම ඒක තියනවා. දැන්වීමේ පෙන්වන්නේ එය නම් කරලා තියන විදියටම තාරකා අතර සිදුවන සිද්දියක් විදියට. කම්මැලි ග්‍රහලෝකය යන පෘතුවි යානකින් මේකේ පෙන්නන කෑම වැටිලා තිබිල අහුලා ගත්ත ඒ ලෝකේ ජීවින් ඒවා කනවා. ඒක කෑව ගමන් එයාලට එන්නේ නටන මුඩ් එකක්. ඉතින් එයාල පට්ට ඩාන්ස් එකක් දානවා. මම හිතන්නේ අපිටත් නටන්න පුළුවන්. මේ දැන්වීම පලවෙනි වතාවට රියෝ ඔලිම්පික් වල තමා එයාල හඳුන්වා දුන්නේ. මේ වෙළඳ බාන්ඩය ප්‍රචාරය උනේ නැතත් මේ සින්දුව මට සහ මගේ දුවට වගේ ලෝකේ ගොඩක් අයගේ සිත් ගත්තා කියල අන්තර්ජාලයේ මේක ගැන හොයනකොට මම දැක්කා.කොටින්ම මේ සවුන්ඩ් ට්‍රැක් එක අරගෙන විශාල වීඩියෝ ප්‍රමාණයක් නිර්මාණය වෙලා තියනවා. මොකද මේ ට්‍රැක් එක එච්චරම සිත්ගන්නා සුළුයි.

ඔන්න ඉතින් මංසලට එන ඔයාලට ලේ පොඩ්ඩක් පිරිසිදු කරගන්න හිනාවෙන්න මෙන්න ඒ වීඩියෝ එක. ඔයාල අලුත් තාත්තා කෙනෙක් නම් මම ලබා ගත්ත අත්දැකීම ගන්න උත්සාහ කරන්න කියලත් කියනවා.maxresdefault

සැලකිය යුතුයි..

මේ දැන්වීම විතරයි හොඳ. මේ වෙළඳ බාන්ඩය ගැන අපිට වැඩක් නැ.

G.A.P. Ranathunga (44 Posts)


One thought on “Interstellar Party : අමුතුම දැන්වීමක් – නටන්න බැරිනම් බලන්න එපා

  • November 1, 2016 at 7:49 PM
    Permalink

    Thanks

Leave a Reply

Your email address will not be published. Required fields are marked *