Doctor Strange – මායා දොස්තර

doctor-strange-city-bending-179855

සම්පුර්ණ නම                 : ස්ටෙපාන් වින්සන්ට් ස්ට්‍රේන්ජ්

වෙනත් නම්                   : දොස්තර ස්ට්‍රේන්ජ්

උපන් වර්ෂය                  : 1930 වර්ෂයේ

උපන් ස්ථානය               : පිලඩෙල්පියා, පෙන්සල්වෙනියාව

උස                                : අඩි 6 අඟල් 2

බර                                 : කිලෝ 81

ඔන්න ඉතින් යාලුවනේ තවත් සුපිරි වීරයෙක්ගේ විස්තරක් අරගෙන ඔන්න මම ආවා. එත් ඉතින් මේ වීරයා ගැන ඔයාල තාම එච්චර දන්නේ නැ. එත් ඉතින් ඉක්මනටම ඔයාලට මෙයා ගැන දැනගන්න ලැබේවි. ඊට කලින් ඔයාලට මේ දොස්තර මහත්තයා ගැන දැනගන්න ඕන කියල හිතෙන විස්තර ටිකක් තමා මම කියන්න යන්නේ.

ස්ටෙපාන් ඉපදුනේ ඉයුජින් සහ බෙවර්ලි යුවලට දාව පළමු දරුවා විදියට. මෙයාට ඩොනා කියල සහෝදරියකුත් වික්ටර් කියල බාල සහෝදරයෙකුත් ඉන්නවා. මෙයාල ජිවත් උනේ ඇමරිකාවේ නෙබර්ස්කා ප්‍රදේශයේ තියන එයාලගේ පවුලේ ගොවිපලේ. ඉතින් මේ ස්ටෙපාන්ට තමන්ගේ ජිවිතේ ඉදිරියට මුහුණ දෙන්න වෙන ක්‍රියාකාරකම් ගැන අවබෝධය ලබා ගන්න එච්චර කාලයක් ගියේ නැ. මොකද මෙයාට පලවෙනි අමනුෂ්‍ය ප්‍රහාරය එල්ල වෙන්නේ වයස අටේදී. ඒ කාර්ල් මෝර්ඩො කියන යක්ෂයන් පාලනය කරන මන්තරකාරයා ළඟ හිටපු යක්ෂයෙක් ගෙන්. එත් ඒ මොහොතේ කිසිවක් දන්නේ නැති ස්ටෙපාන් මෝර්ඩොගේ ගුරුවරයා වන එන්ෂන්ට් වන් නමැති උත්තරීතර මන්තරකාරයා විසින් බේර ගන්නවා. වයස එකොළහ වන විට තමන්ගේ නැගණියට වන අනතුරකදී එයාට බෙහෙත් කිරීමෙන් පළමු වරට දොස්තර කෙනෙක් වීමේ සිහිනය සිතේ ඇතිකර ගන්නවා.

පාසල් කාලේ අවසන් උනාම ස්ටෙපාන් ඇතුලත් වෙනවා නිව් යෝක් වල පුර්ව වෛද්‍ය විද්‍යාව පිලිබඳ පාසලට.  එහි ඉගෙන ගනිමින් ඉන්න ස්ටෙපාන්ට තමන්ගේ ජිවිතේ පලවෙනි අසාර්ථකත්වයට මුහුණ දෙන්න වෙනවා. ඒක තමා වයස දහ නවයේදී තම නැගණිය ගේ අහිමිවීම. ඩොනාට තියනවා මස් පිඩු පෙරලීමේ රෝගයක්. ඉතින් ස්ටෙපාන් සමග පිහිනමින් සිටින වෙලාවක එයාට ඒ රෝගය ඉස්මතු වීම නිසා වතුරේ ගිලිලා මරණයට පත්වෙනවා. මල සිරුර පවා සොයා ගන්න දැඩි වෙහෙසක් ගන්න වෙනවා ස්ටෙපාන්ට. මේ සිදුවීම නිතරම ස්ටෙපාන් තම ජිවිතයේ ලොකුම අහිමිවීම විදියට සිහි කරනවා. එයා එයාගේ වෛද්‍ය උපාධිය අරගත්තට පස්සේ අවුරුදු පහක් සඳහා නිව්යෝක් රෝහලේ නේවාසික වෛද්‍යවරයා ලෙස කටයුතු කරන්න යනවා. මේ කාලේ තමා ස්ට්‍රේන්ජ් දොස්තරවරයා තමන්ගේ දක්ෂතාව ලොවට පෙන්වන්නේ. ඒ සාර්ථකත්වය හින්දම මුරණ්ඩු සහ ආඩම්බර කම සිත් දරාගන්න ස්ට්‍රේන්ජ් දොස්තරවරයාට තම මුළු ජිවිතේ පුරාම ඒ මුරණ්ඩුකම සිතින් අයින් කරගන්න බැරි වෙනවා. කොහොම උනත් තම මවගේ මරණයත් එක්ක රෝහලේ නේවාසික සේවය අවසන්කරන ස්ට්‍රේන්ජ් පුද්ගලික මට්ටමේ ප්‍රතිකාර පටන් ගන්නවා. මේ හින්ද ලොකු පොහොසතෙක් වෙන්න ස්ට්‍රේන්ජ්ට හැකිවෙනවා. මවගේ මරණයෙන් අවුරුදු දෙකකට පස්සේ පියාත් දැඩිලෙස රෝගාතුර වෙනවා. එත් ස්ටෙපාන් යන්නේ නැ එයා බලන්න. එයා හේතුව විදියට කියන්නේ පවුලේ තව මරණයක් දකින්න එයාට බැ කියලයි. පියාගේ මරණයෙන් දින කිහිපයකට පස්සේ එයාගේ බාල සහෝදරයා වික්ටර්, ස්ටෙපාන්ට බැන වදිමින් ඔහුගේ නිවස ඉදිරියේ පාර පනින වෙලාවේ කාර් එකකට හසුවී මිය යනවා. ස්ටෙපාන් වික්ටර් ගේ මල සිරුර භූමදාන කරන්නේ නැතුව අයිස් පෙට්ටියක දානවා. ඒ අනාගතේ ඔහුට පන ගන්නවා කියන බලාපොරොත්තුවෙන්.

කොහොම හරි මේ විදියට ජිවිතේ ගෙවන ස්ට්‍රේන්ජ් දොස්තරවරයා 1963 වර්ෂයේදී තදබල රිය අනතුරකට මුහුණ දෙනවා. ඒ හේතුවෙන් එයායේ අතෙහි ස්නායු දැඩිලෙස හානිවෙනවා. ඒක හින්ද එයාගේ දීප්තිමත් ව තිබ්බ වෛද්‍ය වෘත්තියට තදබල පහරක් එල්ලවෙනවා. මොකද අතෙහි ආබාදයක් සහිත දොස්තර කෙනෙක්ට සැත්කම් කරන්න තහනම් වගේම රෝගීන් පවා ප්‍රතිකාර ගන්න බියවීම. ඉතින් ආර්ථික අතින් පහල මට්ටමකට වැටෙන ස්ට්‍රේන්ජ් දොස්තර මහතා තම අත සනීප කරගන්න ක්‍රමයක් හොයමින් ඇවිදිනවා. එතකොට එයාට අසන්න ලැබෙනවා එන්ෂන්ට් වන් කියන මන්තරකාරයෙක් ගැන. එයාගේ ජිවිතේ බාල අවදියේ වෙච්ච සිදුවීමටත් එයා සම්බන්දයි නේ. ඉතින් එයා සොයාගෙන ස්ට්‍රේන්ජ් දොස්තර මහත්තයා හිමාලයට යනවා. එන්ෂන්ට් වන් මුණ ගැසුණත් එයා කැමති වෙන්නේ නැ ස්ට්‍රේන්ජ් ට උගන්වන්න හෝ අත සනීප කරන්න. මොකද මම මුලදී කියුව විදියටම ස්ට්‍රේන්ජ් දැඩි ආත්මාර්තකාමියෙක් වගේම මුරණ්ඩු චරිතයක්. කොහොම හරි මෙයාගේ හොඳ ගතිගුණ කිහිපයක් හින්දම අවසානයේ එන්ෂන්ට් වන් මෙයාට තම දැනුම උගන්වන්න තීරණය කරනවා. මේ හින්දම ස්ට්‍රෙන්ජ්ට තම ජිවිතේ ලොකුම සතුරා හදා ගන්න වෙනවා. එයා තමා කාර්ල් මෝර්ඩො. ඒකට හේතුව ඒ වෙනකම් එන්ෂන්ට් වන් ගේ ප්‍රධාන ගෝලයා වෙලා හිටිය මෝර්ඩො වෙනුවට ස්ට්‍රේන්ජ් ප්‍රධාන ගෝලයා කර ගැනීම.

කොහොම හරි ස්ට්‍රේන්ජ් මැජික්, භූත විද්‍යාව සහ අත්මාරක්ෂක සටන් ක්‍රම ගැන පරිපුර්ණත්වයට පත්වෙනවා ටිකෙන් ටික. මොකද ඔහුට කුඩා කාලේ ඉඳන්ම දෙයක් හොඳින් ඉගෙනීමේ හැකියාව තිබෙන හින්ද. ඉතින් එන්ෂන්ට් වන් ගෙන් මෙන්ම අජෙමටෝ, ඉකොන්, ඔස්ටර් වැනි ලෝකය පුරාම සිටින මායාකාරුවන්ගෙන් භූත විද්‍යාව ඉගෙන ගන්නා ස්ට්‍රේන්ජ් ලොව සිටින දක්ෂතම මායා කරුවෙක් බවට පත්වෙනවා. තමන් සතු වෛද්‍ය විද්‍යාව ගැන දනුම වගේම ආත්මාරක්ෂක සටන් ක්‍රම සහ මායා කර්ම පිලිබඳ හැකියාව හින්ද පසු කලෙක නව ඇවෙන්ජර්, ඩිෆෙන්ඩර්ස්, එන්ෂන්ට් වන් ගේ පුත්‍රයන් වැනි සුපිරි වීරයන්ගේ කණ්ඩායම් වලට ඇතුලත් ව ලොවට සේවය කරන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම ස්පයිඩර් මැන්, ෆැන්ටෑස්ටික් ෆොර් කණ්ඩායම, තෝර් සහ හලක් (එයත් ඉතින් දොස්තර කෙනෙක් නේ) වැනි සුපිරි වීරයන් ගේ හොඳ මිත්‍රයෙක් බවට පත්වෙන ස්ට්‍රේන්ජ්  දොස්තර මහත්තයා සිල්වර් සෆර්, මුරඩො සහ ලොකි වැනි දුෂ්ටයන් මෙන්ම ඩ්‍රැකියුලා, ඩොර්මුම්මු වැනි රාක්ෂයන් සමගද සටන් වදිනවා. කොහොම උනත් ස්ට්‍රේන්ජ් ට තියන ආත්මාර්ථකාමී බව හින්ද සමහර වෙලාවට එයාට හොඳම යාළුවන් පවා නැතිවෙනවා. ස්පයිඩර් මැන් ඒ අතරේ ප්‍රධාන තැනක් ගන්නවා.

datauri-file-1

ඔන්න ඉතින් ඕක තමා ස්ට්‍රේන්ජ් දොස්තර මහත්තයා ගැන කෙටියෙන් හඳුන්වා දෙනවනම් කියන්න වෙන්නේ. පළමු වතාවට ඔයාල හමුවට Strange Tales #110 (1963) කියන කොමික් පොතෙන් එන දොස්තර ස්ට්‍රේන්ජ් The Incredible Hulk (1996),The Super Hero Squad Show (2009) කියන රුපවාහිනී වැඩසටහන් වලින් ඔයාල හමුවට ඇවිත් තියනවා. Doctor Strange (2007) කියන ත්‍රිමාන සජීවිකරණ චිත්‍රපටයෙන් පලවෙනි වතාවට ඔයාලට ස්ට්‍රේන්ජ් දොස්තර මහතා ඔයාල හමුවට චිත්‍රපටයකින් ඇවිත් තියනවා. එහි දොස්තර ස්ට්‍රේන්ජ් වෙනුවෙන් බ්‍රෙස් ජොන්සන් කියන නළුවා හඬ කැවීම කරලා තියනවා. කොමික් පොත් විශාල ගණනකින් ඔයාල හමුවට එන මේ සුපිරි Marvel චරිතය සජීව චිත්‍රපටයකින් පලවෙනි වතාවට මේ ඔක්තෝම්බර් දහතුන්වන දින හොංග් කොංග් හි චිත්‍රපට ලෝලීන් හමුවට පැමිනි අතරේ නොවැම්බර් හතරවන දින සමස්ත ලෝක වාසි චිත්‍රපට ලෝලීන් හමුවට පැමිණෙන්න නියමිත වෙලා තියනවා.

Streng-Car

ඩොලර් මිලියන 165 යොදාගෙන නිර්මාණය කරලා තියන ඒ චිත්‍රපටය විනාඩි 115 පුරා දිවෙන්නක්. Benedict Cumberbatch කියන නළුවා තමා දොස්තර ස්ට්‍රේන්ජ් ගේ චරිතය නිරුපනය කරන්නේ. මම මේ චිත්‍රපටය ගැන වැඩි විස්තරක් කරන්නේ නැ මොකද මේ ලිපියේ අරමුණ ඔයාලට මේ චරිතය හඳුන්වා දීම හින්ද. ඒ උනත් මේ චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය ඔයාලට පහලින් නරබන්න පුළුවන්.

 

හොඳයි ඉතින්, තවත් සුපිරි වීරයෙක් එක්ක ඔයාල හමුවට එන බලාපොරොත්තුවෙන් සමුගන්නම්. ඔයාල ඔක්කොටම බුදු සරණයි.

G.A.P. Ranathunga (44 Posts)


5 thoughts on “Doctor Strange – මායා දොස්තර

  • November 8, 2016 at 7:55 PM
    Permalink

    මම බැටාගෙ එකත් කියෙව්වා මේකත් සුපිරියටම තියනව හොඳේ………..

  • October 31, 2016 at 8:44 PM
    Permalink

    ලිපියට ස්තූතියි සහෝ.පුළුවන් නම් ඊළඟ ලිපිය බැට්මෑන් ගැන ගේන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *