Hindi Songs Now And Then – හින්දි සින්දු එදා සහ අද – 1

gal-ban-gayi-759

  • න්දුවේ නම : Gal Ban Gay (පට්ටෙට වැඩේ කෙරුණා)
  • මුල්ම එළිදැක්වීම සිදුවූ වර්ෂය : 1997
  • නව නිර්මාණය සිදුවූ වර්ෂය : 2016

ආයුබෝවන් ඔයාලට ඔක්කොමට. ඉතින් මේක මගේ මන්සලට එවන හයවන ලිපිය. ඔයාල චිත්‍රපට, ටීවී සිරියල් එහෙම බලාගෙන ඉන්නකොට මට හිතුනා අලුත්ම අත්දැකීමක් ඔයාලට දෙන්න. ඔයාල දන්නවා හින්දි ගීත කියන්නේ ඉතින් ගොඩක් අයට තේරුම නොදන්නවා උනත් අසාවෙන් අහන්න පුළුවන් ඒවා නේ. ආච්චිලා සියල උනත් කොච්චර සින්දු වලට බැන්නත් පැරණි හින්දි ගීතයක් යනකොට සද්දේ වහ ගන්නවා. ඒ වගේම වර්තමානයේ සිංහල සින්දු බොහොමයකට තනුව සපයන්නේ මේ හින්දි සින්දු. එත් ඉතින් එයාලට බනින්න බැ. මොකද ජෝතිපාල කියපු සින්දු වලින් කියක් හින්දිද කියල ඔක්කොම දන්නවා නේ නේද. හෙහ් හෙහ්.

එත් මම මේ කරන්න යන්නේ ඔයාලට හින්දි සින්දුවක් නිකම් අහන්න දෙන්න නෙවි. සින්දුව අහන ගමන් අමුතු අත්දැකීමක් දෙන්න තමා මේ උත්සාහය. මගේ චිත්‍රපට උපසිරසි වලටනම් ඔයාල ගොඩක් බනිනවනෙ පරණ ඒවා කියල. ඉතින් මෙන්න අලුත් සහ පරණ දෙකම එක සේ ජනප්‍රියයි කියල පෙන්නන්න පුළුවන් උදාහරණ එක්ක තමා මම මේ අද ඉඳල අලුත් පොස්ට් එකක් විදියට මන්සලට දෙන්න පටන් ගන්නේ. ඔයාල දන්නවා හින්දි සින්දු කාලෙන් කාලෙට නව ප්‍රති නිර්මාණයක් ලෙස එළිදකිනවා. අන්න ඒ අලුත් සහ පරණ ගීත දෙක එකතුවක් ලෙස ඉදිරිපත් කිරීම තමා මේ කරන්නේ. එතකොට අපි වගේ අවුරුදු තිස් ගණන් වල ඉන්න අංකල්ලා වෙන්න ඉන්න ඉන්න අයියලා සහ මේ වෙබ් අඩවිය බාවිතා කරන පුංචි කොල්ලෝ කුරුට්ටෝ තමන්ගේ රසවිදීම් කොහොමද කරන්නේ කියල අවබෝදය ගන්න පුළුවන්.

මම මේ යටතේ ඉස්සෙල්ලම ඔයාලට ගේන්නේ මේ දිනවල අතිශය ජනප්‍රිය හින්දි ටොප් චාර්ට් වල උඩින්ම තියන සින්දුවක්. Gal Ban Gay කියල නම් කරලා තියන මේ සින්දුව බාගයක් විතර පන්ජාබ් ස්ටයිල් එකට යන්නේ. හින්දි ගීත ක්ෂේත්‍රයේ අතිශය ජනප්‍රිය Meet Bros, Neha Kakkar, Sukhbir, Yo Yo Honey Singh යන අය තමා ගායනයෙන් එකතු වෙන්නේ. සංගීතය ඉතින් ඔයාල හොඳින්ම දන්නා Chitiya Kalaiya වැනි සින්දුවලට සංගීතය නිර්මාණය කරපු Meet Bros ලා. මේ ගීතයේ වැදගත්ම දේ තමා පළමුවරට 1997 දී මේ ගීතය ගායනා කරපු Sukhbir කියන පන්ජාබ් ගායකයාම මේ ගීතයත් රැප් කොටසක් ගායනා කිරීම. මේ ගීතයට රංගන දායකත්වය ක්‍රියාදාම නළුවෙක් වෙන Vidyut Jammwal සහ ලස්සන නිරුපන ශිල්පිනියක් වෙන Urvashi Rautela විසින්.

T-Series මගින් එළිදැක්වූ මේ ගීතය මේ වෙනකොට 9,507,679 වැනි විශාල පිරිසක් නරබා තියන අතරේ MTV සහ Zoom ගීත දර්ශය වල ඉහලින්ම තියනවා. ඉතින් මෙන්න ඔයාලට ඒ අලුත් ගීතය සහ පරණ ගීතය දෙකම නරඹලා රසවිඳින්න කියල කියනවා.

මෙන්න අලුත් ගීතය

 

මෙන්න 1997 දී පළමුවරට එළිදැක්වූ පැරණි ගීතය

https://www.youtube.com/watch?v=e9rlYGuQsaA

 

G.A.P. Ranathunga (44 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *