Raees (2017) – කිං ඛාන් නැවතත්…!!! (පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරැසි සමඟ)

ශාරුක් ඛාන්….දශක ගණනාවක් මුළුල්ලෙහි සුවහසක් ප්‍රේක්ෂක ජනී ජනයාගේ හදවත් අමන්දානන්දයට පත්කරමින් එදා මෙදා තුර බොලිවුඩ් ඉතිහාසයේ නළුවෙකු හට ලඟා විය හැකි ඉහලම සාර්ථකත්වයට ලඟා වී, වර්තමාන බොලිවුඩයේ හිනිපෙත්තේම රජයන, බොලිවුඩයේ ‘කිං ඛාන්’ යන නාමයෙන් හඳුන්වනු ලබන්නා වූ, ඉන්දීය ජනයා දේවත්වයෙන් සළකන මෙම බොලිවුඩ් රජුගේ නවතම චිත්‍රපටය, 2017 වර්ෂයේ ජනවාරි මස 26 වෙනි දින සිට ලොව වටා ප්‍රදර්ශණය සඳහා සියළු කරුණු කාරණා සකස් වෙමින් පවතිනවා.Raees-SRK-New-Upcoming-Blockbuster-Movie

Action සහ Thriller යන කාණ්ඩ යටතේ, Gauri Khan, Ritesh Sidhwani සහ Farhan Akhtar ගේ නිෂ්පාදන දායකත්වයෙන් සහ Rahul Dholakia ගේ අධ්‍යක්ෂණය යටතේ,  Red Chillies Entertainment සහ  Excel Entertainment යන ආයතනයන්හි බෙදා හැරීමේ අයිතිය මත දිවයන මෙම අනගි සිතුවමෙහි, සෙසු ප්‍රධාන චරිත සඳහා Mahira Khan සහ Nawazuddin Siddiqui සිය රංගන ප්‍රතිභාවෙන් මෙම සලරුව තව තවත් ඔපමට්ටම් කරනු ලබනවා.එමෙන්ම විශේෂිත කරුණ වන්නෙ, බොලිවුඩයේ ‘Barbie Doll’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන, Sunny Leone ගේ එක සිහිනයක් සැබෑ කරමින්, චිත්‍රපටයේ එක් විශේෂ ගීතයක් සඳහා, සුවහසක් ජනී ජනයා උන්මාදයෙන් මුකුළිත කළ, සිය අයස්කාන්ත නර්ථන හැකියාව විදහා පානු ඇත.

එසේනම්, එළඹෙන්නා වූ 2017 වර්ෂය බොලිවුඩ රසිකයන් හට කිරියෙන් පැණියෙන් ඉතිරෙන්නා වූ සුභම සුභ අවුරුද්දක් බවට ඉඟි පාමින්, වර්ෂයේ ප්‍රථම මාසයේදීම සිනමා ශාලා ජනතාවගෙන් අතුරු සිදුරු නොමැතිව පිරවීම උදෙසා මේ වන විටත් ලහි ලහියේ සුදානම් වන මෙම අනගි සිත්තමෙහි ප්‍රථම පූර්ව ප්‍රචාරක පටය මේ වන විටත් අන්තර්ජාලය තුල සිදුකොට ඇති කැළඹීම නම් සුළු පටු නොවෙයි.බොහෝමයක් ආදායම් වාර්තා බිඳහෙලනු ඇතැයි දැනටමත් විචාරකයින් අනාවැකි පවසන, සිය දිවියේ පනස් වන වර්ෂය ගෙවා දමමින් සිටිනා කිං ඛාන්ගේ මෙම නවතම බොලිවුඩ් සිත්තම, ඔහුගේ ජීවන මං පෙතේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන බැව් නම් නොඅනුමානය.

Sisila Prasad (4 Posts)


3 thoughts on “Raees (2017) – කිං ඛාන් නැවතත්…!!! (පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරැසි සමඟ)

  • March 15, 2017 at 1:21 PM
    Permalink

    mekata sub dennako

  • October 20, 2016 at 9:19 AM
    Permalink

    බාබිඩෝල්ගෙ වීඩියෝ ටික තමයි පට්ට… ආයේ ඒවයෙ රඟපාන්නෙත් නෑලු. ශැක් අපරාදෙ. කමන්නෑ. Filmවල හරි දකිවිනෙ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *