Vixen season 2 | ඇය නැවතත්.. [පූර්ව ප්‍රචාරක පටය සමග]

Vixen කියන කොමික් චරිතය එක්කාසු කරලා CW නාලිකාව මගින් අන්තර්ජාලය හරහා පමණක් විකාශය කරපු Vixen පළමු කතාමාලාව මමම බයිස්කෝප් සිංහලෙන් අඩවියට උපසිරැසි ගන්වලා දුන්නා මතකයි. පළමු කතාමාලාවේ අවසානයෙන් පස්සේ මීට මාස කිසිපයකට පෙර පැවති COMIC CON සමුළුවේදී දැනුම් දුන්නා මෙහි දෙවැන්නක් එනවා කියලා වගේම  පූර්ව ප්‍රචාරක පටයකුත් එලි දැක්වූවා. දන්නෙම නැතිව දැන් ඒ දවසට කිට්ටු වෙලා. ලබන සිකුරාදා ඉදන් එනම් (ඔක්තෝම්බර් 14 වැනිදා) කතාමාලාව ආරම්භ කරන්න නියමිත වෙලා තියෙන්නේ. කොටස් හයකින් සමන්විත මේ කතාමාලාව පෙර පළමු  කතාමාලාවට වඩා වෙනස්කම් කිහිපයක් කරලා තියෙනවා කියලයි ආරංචි වුණේ. ඒ මොකද කියනවනම් මෙවර එක් කොටසක් පැය එකාමාරකට දීර්ඝ කර ඇති බවයි කියලා තියෙන්නේ. මතක ඇතිනේ පෙර කොටසක් වැඩිම වුණොත් විනාඩි අටක් හෝ දහයක් තමයි ධාවන කාලය සටහන් වුණේ. ඔක්තෝම්බර් 14 වැනිදා ඉදන් ආරම්භ කරන Vixen දෙවැනි කතාමාලාව නොවැම්බර් 18 වැනිදා දක්වා අන්තර්ජාලය හරහා විකාශය වීමට නියමිතයි. මේපාර ෆයර්ස්ට්‍රෝම්ව, ලෝරල් ලාන්ස්ව එහෙමත් බලාගන්න පුළුවන්.

චාමර සම්පත් (43 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *