Shivaay (2016) – පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරසි සමඟ

ප්‍රථම වතාවට මංසලට ලිපියක් ලියන්න ඕනේ කියලා හිතුණා.එම නිසාවෙන්ම ඔක්තෝම්බර් මාසයේදී බොලිවුඩ් පුරවරය කළඹවමින් නිකුත් වීමට තිබෙන දැවැන්ත හින්දි සිනමා සිත්තමක් පිළිබඳව බයිස්කෝප් ප්‍රේක්ෂකයින් දැනුවත් කිරීමට අදහස් කළා.


අජය දේව්ගන්…ලොකු කුඩා සියළු දෙනාගේම ආදරය දිනාගනිමින් දශක ගණනාවක මුළුල්ලේ සිය රංගන ප්‍රතිභාවෙන් බොලිවුඩය ඔපමට්ටම් කළ ප්‍රතිභා පූර්න නළුවෙක්….ඕනෑම අසීරු චරිතයක් සඳහා සාධාරණත්වයක් ලබාදිය හැකි, සම්මානනීය නළුවෙක්…තවත් විටෙක ආදරණීය සැමියෙක්…එමෙන්ම දයාබර පියෙක්…2016 වර්ෂය වෙනුවෙන් මෙම රංගධරයා සිය රංගන ප්‍රතිභාව මුසු කරන්නාවූ පළමු සහ අවසාන සිනමා සිත්තම තමයි shivaay.pirates-of-the-caribbean-5-05
Shivaay චිත්‍රපටය සඳහා පළමු නිළ පූර්ව ප්‍රචාරක පටය මීට දින කීපයකට පෙර නිකුත් වූවේ සමස්ථ බොලිවුඩ් ප්‍රේක්ෂක ජනතාවගේම සිත් සතන් අමන්දානන්දයට පත් කරමිනුයි යැයි පැවසුවහොත් එය මුසාවක් නොවෙයි.මන්ද යත්, කිසිවෙකුත් සිහිනෙන් පවා නොසිතූ අන්දමේ අනර්ඝ චිත්‍රපටයක ඉඟි පාමින්, එහි පළමු වෙඩි මුරය ලෙසින් නිකුත් වූ මෙම පූර්ව ප්‍රචාරක පටය මේ වන විටත් ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක ජනතාවගේ පැසසුමට ලක්වී හමාරයි.චිත්‍රපටයේ කතා මාලාව තවමත් හෙළිදරවු නොකලත්, අතිශය ඉහල මට්ටමේ කතාවක් සහිත අතිශය ඉහල මට්ටමේ තාක්ෂනය පිරිපුන් සටන් ජවනිකා සහිත කුතුහලය පිරිපුන් සලරුවක් බව නම් සහතික කල හැකිය.එහෙන්ම සංගීත අධ්‍යක්ෂක Mithoon ගේ සුමියුරු සංගීතයට Arijit Singh, Sunidhi Chauhan, Mohit Chauhan, Sukhwinder Singh ආදී බොලිවුඩ් පුරය මන්මත් කළ ගායක ගායිකාවන්ගේ මනෝරම්‍ය ගී නාදයෙන් අලකෘත වී ඇති මෙම අනභිබවනීය සිත්තම, අජය දේව්ගන්ගේම අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය යටතේ මෙම වසරේ ඔක්තෝම්බර් මස 28 වෙනි දින කලඑළි බැසීමට සියල්ල සුදානම්ව පවතී.
මේ ආකාරයෙන් මෙම වර්ෂයේදී නිකුත් වන තවත් අති දැවැන්ත චිත්‍රපටයක පූර්ව ප්‍රචාරක පටය මෙසේ සිංහල උපසිරැසි සමගින් නැරඹීමට ප්‍රේක්ෂක ඔබ සියළු දෙනාටම අවකාශය උදාවනවා.එසේ නම්, වහා වහා ඔබේ ආසන පටි තද කරගන්න…බිඳකට වත් හුස්ම ගැනීමට සිත යොමු නොකරන්න…ඔබගේ අවධානය වෙනතක යාවි…අප සමගින්ම රැදී සිටින්න…වසන්තය නුදුරු දිනෙකම උදාවනවා සහතිකයි…

Sisila Prasad (6 Posts)


2 thoughts on “Shivaay (2016) – පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරසි සමඟ

  • October 27, 2016 at 10:26 PM
    Permalink

    Godaaaak sthuthi sahoooo
    Oyata jaya………..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *