ඉදිරි දිගහැරුම C | The Maze Runner – Death Cure | වංකගිරි ධාවකයාගේ මීළඟ ආගමනය

b32cdd26427751.563550a74a110

Maze Runner (වංකගිරියේ ධාවකයා) කීවම හැමෝම දන්නවා මෙතෙක් ආපු චිත්‍රපට මාලාවලින් ප්‍රේක්ෂක සිත් ඇදලා තියාගත්ත සුපිරිතම චිත්‍රපට මාලාවක් (Maze Runner Saga) කියලා. මේක  James Dashner කතෘෘවරයා විසින් ලියපු  Maze Runner කෘතිය ඇසුරින් තමයි නිර්මාණය වෙන්නෙ. Maze Runner කෘතිය ග්‍රන්ථ තුනකින් සමන්විත වෙලා තියෙනවා. ඒ වගේමයි චිත්‍රපට මාලාවෙත් දැනට ග්‍රන්ථ දෙකක් අළලා චිත්‍රපට දෙකක් තිරගත වුණා. අන්තිමටම තිරගත වුණේ Maze Runner –  The Scorch Trial චිත්‍රපටයේ දෙවැන්න. ඒ වගේම මෙම චිත්‍රපට මාලාවේ මීළඟ අදියර වෙන Maze Runner- The Death Cure මේ වෙනකොට නිෂ්පාදන මට්ටමේ පසුවෙනවා. අන්තර්ජාලයේ පළවෙන විදිහට චිත්‍රපටිය 2018 ජනවාරි 12 වෙනිදා තිරගත කිරීම ආරම්භ කරන්න චිත්‍රපට නිෂ්පාදක මණ්ඩලය බලාපොරොත්තු වෙනවලු. නමුත් මීට කලින් මෙම චිත්‍රපටය තිරගත කිරීමේ දිනය යෙදුනේ 2017 පෙබරවාරි 17 වෙනිදා. කොහොම වුනත් පහුගිය දවස් වල චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නියෝජනය කරන Dylan O’ Brien (ඩිලන් ඕබ්‍රයන්) තෝමස්ට හිටිහැටියේම අනතුරකට මුහුන දෙන්න සිද්ධ වෙලාලු (කාර් එකක හැප්පිලා). ඉතින් ඔහු සුව අතට හැරෙනකල් චිත්‍රපටයේ තිරගත වීම ප්‍රමාද කරන්නට සිදුවුණු බවයි මාධ්‍යය වාර්තාකරන්නේ. හැබැයි මේ හේතුව ඇරෙන්න තවත් හේතු ගණනාවක් චිත්‍රපටයේ ප්‍රමාදයට බලපාලා තියෙන බවත් තවදුරටත් මාධ්‍යය වාර්තා කරනවා. ඉන් ප්‍රධාන එකක් තමයි චිත්‍රපටයේ නිෂ්පානයේදි අපේක්ෂා කරපු වියදම ඉහළ යාම, දරන්නට බැරි වීම. කොහොම වුණත් මීළඟ අදියර සැලකෙන්නේ මේ සුපිරිතම චිත්‍රපට මාලාවේ අවසානම අදියර හැටියටයි.

 

1252454_1280x720

Maze Runner කතාව ඇරඹෙන්නෙ වංකගිරියක් තුළ සිරවෙලා සිටින තරුණ ගැටවරයින් පිරිසක් වටා. මෙහි පළවෙනි චිත්‍රපටයෙදි අපිට දැකගන්න ලැබෙන්නෙ, ඒ වංකගිරියෙන් තම ජීවිතය ගලවාගැනීම සඳහා මෙම ගැටවරයින් උත්සාහයක නිරත වීම පිළිබඳවයි. කතාව ප්‍රධාන චරිතය වෙන තෝමස් හිටිහැටියේම වංකගිරියට පැමිණෙනවා. නමුත් ඔහුට කිසිම අදහසක් නෑ ඔහු පැමිණියේ කොහාටද, පැමිණියේ කොයිද යන වග. අඩුම තරමින් ඔහුට ඔහුගේ නමවත් මතක නැති වෙනවා. මාස කිහිපයකට වරක් වංකගිරිය වෙත පැමිණෙන අලුත් ගැටවරයින් අතරෙ, මොහු ඒ ගැටවරයින් අතර විශේෂ කෙනෙකු වුණා. බිත්ති වලින් වට කරපු කුඩා භූමි ප්‍රදේශය තමයි ඔවුන්ගෙ වාසස්ථානය වුණේ. ඉන් එහාට පුළුල් ප්‍රදේශයක් දක්වා  විහිදිලා ගියපු වංකගිරිය දකින්නට ලැබුණා. හැම රාත්‍රියකට වරක්ම වංකගිරියේ පිහිටීම වෙනස් වෙනවා. කණ්ඩායම සිටින ධාවකයින්ගේ වගකීම වුණේ ඒ වෙනස් වෙන වංකගිරිය ගැන දවසින් දවස අධ්‍යයනය කරලා වංකගිරියෙන් ගැලවෙන්න මඟක් හොයාගන්න එක. ඒත් ඒක ඒතරම් ලේසි පාසු දෙයක් වුණේ නම් නෑ. කොහොම නමුත් තෝමස්ගෙ හැකියාවත් එක්ක වංකගිරියෙන් බේරිලා යන්න ගැටවරයින් කණ්ඩායමට පුළුවන් වෙනවා. මෙතනින් පස්සෙ ඔවුන් ගණුදෙනු කරන්නෙ වංකගිරියෙන් එපිට තියෙන සැබෑ ලෝකයත් එක්කන්. චිත්‍රපට මාලාවේ දෙවෙනි අදියර ආරම්භ වෙන්නෙ මෙන්න මෙතනින්.

the-maze-runner-1

 පිටත ලෝකය සහමුලින්ම විනාශ වෙලා. ජීවත්ව සිටින කිසිදු මිනිසකු නිරුපද්‍රිතව නොමැති බව මොවුන්ට පෙනෙනවා. මේ හැම එකකටම හේතු වෙලා තියෙන්නෙ Flare (ෆෙලයාර්) කියන මාරාන්තික වෛරස් එක මිනිසුන්ට වැළඳීමත් සමඟමයි. WCKD නමින් හඳුන්වන දෙපාර්තමේන්තුවක් මඟින් එම තත්වයන්ට මුහුණ දිය හැකි සුපිරිතම පළපුරුදුතාවයෙන් යුතු ගැටවරයින් බොහෝ දෙනෙකු නිර්මාණය කරන්නට සමත් වුණා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි මරණීය වංකගිරියෙන් දිවි බේරාගත් ඉතාමත් දක්ෂ ගැටවරයින් පිරිසක් බිහිවුණේ. නමුත් පළවෙනි චිත්‍රපටයේදි අපි හිතාගෙන උන්නු විදිහට ඔවුන් විතරක්ම නෙවෙයි ඒ විදිහට වංකගිරියක පුහුණුව ලබපු ගැටවරයින් වුණේ. WCKD  විසින් ප්‍රදේශ ගණනාවකම මේ වංකගිරි තුළ තරුණ පිරිස් පුහුණුව ලැබීම සඳහා මෙහෙයවනු ලැබුවා. නමුත් එසේ පුහුණු කිරීම සඳහා හේතු වුණේ මොකද්ද?

ඒ තමයි ඒ දරුණු මාරාන්තික වෛරසය සඳහා නිසි බෙහෙතක් හොයා ගන්න එක. ඒ බෙහෙත සොයා ගැනීම සඳහා මේ තරුණ පිරිස යෙදීම තමයි WCKD හි අරමුණ වුණේ. නමුත් කොහොමින් කොහොම හරි යම් යම් හේතු නිසා තෝමස් ඇතුළු පිරිසට WCKD හි තම අප්‍රසාදය පළවෙන්න පටන්ගන්නවා. ඒ ඔවුන් තමුන් විසින්ම සිදු කරනු ලැබුණු විවිධ ක්‍රියා මාර්ග නිසා. කොහොම හරි WCKD ට එරෙහිව තෝමස් ඇතුළු පිරිස සටන් වදින්නට එළඹෙන්නෙ ඒ නිසා. චිත්‍රපට මාලාවෙ දෙවෙනි කතාංගය දිව යන්නෙ මෙන්න මේ සිදුවීම වටා.

 Free download bluray 1080p 720p movie google drive The Maze Runner 2 Scorch Trials, USA, 2015, Wes Ball, Dylan O'Brien, Kaya Scodelario, Thomas Brodie-Sangster, Ki Hong Lee

තුන්වෙනි කතාංගය කෙසේ වෙයිද?

WCKD  හා ඊට විරුද්ධ පිරිස් අතර මහා සංග්‍රාමය ඇති වෙන්නෙ මේ කොටසෙදියි. ඒ වගේම කළින් සඳහන් කළා වගේම කතාවෙ අවසානය සිද්ධ වෙන්නෙත් මේ කොටසෙදියි. චිත්‍රපට මාලාවෙ පළවෙනි කොටසෙදි Flare  රෝගය සඳහා බෙහෙතක් සෙවීම චිත්‍රපටයේ දෙවන කොටසෙදි සිදුවන්නට තිබෙන බව ඉඟි පළකලාට ඇත්තටම එවැනි දෙයක් සිදුවුණේ නෑ. දෙවෙනි කොටසෙදි සිද්ධ වුණේ එකිනෙකාගෙ පක්ෂපාතීත්වය රඳා පවතින්නෙ කුමක් සඳහා ද යන්න උරගා බැලීම. නමුත් තෙවැනි කොටසෙදි WCKD  වලට එදිරිව සටන් වදින අතර තුරම රෝගයෙන් ගැලවීම සඳහා බෙහෙතක් සොයාගැනීම සිදුවන්නෙත් තෙවෙැනි කොටසෙදි බවයි සඳහන් වෙන්නෙ. බෙහෙත සොයා ගැනීම සඳහා ප්‍රධාන සටනක නිරත වෙන්නෙ තෝමස් සහ මින්හෝ. ඔවුන් WCKD  විසින් අතුගාලා දාලා තිබුණු තමන්ගෙ පෙර මතකය නැවත ලබා ගන්නට සමත්වෙනවා. ඒ රෝගය සඳහා බෙහෙතක් සොයා ගැනීම මහත් පිටුවහලක් වන නිසා.  තෙවෙනි කොටස දැවැන්ත සටනක්. කවුද දිනයි ද? කවුරු පැරදෙයි ද? අපි බලාගෙන ඉන්නෙ ගොඩක් කුතුහලයකින්…

යස්මික සෞභාග්‍ය (14 Posts)


One thought on “ඉදිරි දිගහැරුම C | The Maze Runner – Death Cure | වංකගිරි ධාවකයාගේ මීළඟ ආගමනය

  • October 13, 2016 at 9:44 AM
    Permalink

    Patta.. Balagena inne ooka enakn. mn patta kmati film series 1k

Leave a Reply

Your email address will not be published. Required fields are marked *