සිව්වන වරටත් රලතුරින් දියඹට

The Last Ship Season 04 පෙරවදනක්


පොරොන්දු වුනු විදියට මේ සූදානම The Last Ship කතා මාලාවේ Season 3 අවසානයත් සමග ඉදිරියට විකාශය වීමට නියමිත Season 4 මොන විදියට ඉදිරියට ගමන් කරාවිද, ඉදිරියට මොන වගේ සිදුවීම් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද කියන දේවල් ගැන පොඩි සඳහනක් කරන්න. පලමු සමයේ ඉඳන් සඳහනක් කරන එකෙන් වැඩක් නෑනේ. දැනටමත් අපි දන්නවා ඒවයේ මොනවද වුනේ කියලා. ඒත් තුන්වෙනි සමයේ අවසානයේ බලපෑමත් සමග ඉදිරියට මොනවායින් මොනවා වේවිද කියන එක ගැනයි අපි තක්බීරි වෙලා බලාගෙන ඉන්නේ.

FB_IMG_14739966469442713කතාව වෙනදට වඩා ගොඩක් අය අතරේ පැතිරිලා තියෙන නිසාම කතාවේ ඉතිහාසයෙන් පටන් ගනිමු. හැමෝම වගේ මේ The Last Ship කියන්නේ මොකක්ද, මේ කතාවේ ආරම්භය සිද්ධ වෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් දැනගෙන ඉඳිමු.

FB_IMG_14739966402299396මේ කතාවේ ආරම්භය සිද්ධ වෙන්නේ 1988 දී William Brinkley නම් කතුවරයා විසින් රචනා කරන ලද The Last Ship කියන නව කතාව ඇසුරින්. ඔව් ඔයාලා හිතන විදියටම කතා මාලාවට අරගෙන තියෙන්නෙත් ගෙඩි පිටින්ම ඒ නම තමයි. 😀 ඕක තමයි කතාවේ සැලකිය යුතු ඉතිහාසයකට කියලා තියෙන්නේ. ඒ වුනත් කවුරුත් දන්නවා පොතක තියෙන කතාවක් රෑපවාහිනී තිරයට හෝ සිනමා තිරයට එනවා කියන්නේ ප්‍රධාන කතා ගමන් මග සහ අතුරු කතාවන් සියල්ලක්ම පාහේ වෙනසකට ලක් වෙන බව. ඒ කියන්නේ පොතේ තියෙන කතා සහ චරිත බොහෝමයක් තිර පිටපත රචනා කිරීමේදී තිර රචකයා විසින් කැමරාවට ගැලපෙන අයුරින් නිර්මාණාත්මක විභේදනයකට ලක් කරනවා. ඒකට හේතුව තමයි, පොතකින් පාඨක මනසකට ලබාදෙන දේ කර්තෘ වරයා විසින් අවස්ථා සම්බන්ධයන් ගැලපීමකට ලක් කරන්නේ මනසේ චිත්ත රෑප මැවෙන ආකාරයට. නමුත් දෘශ්‍ය මාධ්‍යකින් ඒ කතාව රචනා කරද්දී අපි කියවපු අකුරු වලින් අපට ගැලපෙන අයුරින් පොතේ කරුණු මූලික කරගෙන, අපේ හිත තුල අපිම අධ්‍යක්ශණය කොටගෙන නිර්මාණය කරගත් රෑප රාමූන් සියල්ලක්ම තිර රචකයා විසින් සියලුම දෙනාට ගැලපෙන නෙත්කලු ආකාරයේ දර්ශණ පෙලකට ගොඩනැගීම සිදු කරනවා. මේක ගොඩක් අභියෝගාත්මක කාර්යයක්. මොකද කිව්වොත් අපිට කොතෙකුත් පොත්වලින් උපන් සුප්‍රසිද්ධ කතා සිනමාවට හෝ ටෙලිනාට්‍ය වලට නැගීමේදී ඒවායේ තත්වය බාල වුනු අවස්ථාවන් දැකගන්න ලැබිලා තියෙනවා. මේ නිසා කතාවේ රසවත් බව බාල වන්නට නොදී රසික ජනතාවට ලබා දීමට තිර රචකයාට මෙන්ම අධ්‍යක්ශක වරයාටත් ලොකු වෙහෙසක් දරන්නට සිදු වෙනවා. බොහෝමයක් අවස්ථාවන් වලදී තිර රචකයා විසින් විසින් රචනා කල තිර පිටපත් අධ්‍යක්ශක වරයා අතින්ද සංශෝධනයට ලක් වෙනවා. ඉතිං මේ විදියට වෙනස්වුනු පොත තමයි ඔයාලා මේ අද ටෙලි කතා මාලාවක් විදියට රස විඳින්නේ. නමුත් මේ සමයේ අවසානයේදී නම් සියලුම දෙනාට වගේ රස වින්දනයට වඩා දුක් වින්දනයක් තමයි අත් විඳින්නට සිද්ධ වුනේ.

The_Last_Ship_Eric_Daneදෙවන කතා සමයේ අවසානයේදී කණ්ඩායමේ අය එකට එකතු වෙලා පහල මාලයේ ජය පැන් බොන අතරේ ඩොක්ටර් රේචල් ස්කොට් උඩු මහලේදී ප්‍රතිශක්තිකයින්ගේ කණ්ඩායමේ ඉතුරුවුනු පුද්ගලයෙකුගේ අතින් ඝාතනය වුනා. මේ සිද්ධියෙන් පසුව වසරකට ආසන්න කාලයක් අපේ හිතේ දෙගිඩියාවක් තිබුනේ, “ඩොක්ටර් රේචල් ජීවතුන් අතර ඉඳීවිද නැද්ද” යනුවෙන්. නමුත් කතාව ආරම්භ වුනේ සති කිහිපයකට පසුව සේන්ට් ලුවිස් වල තත්වය සමගින්. එමෙන්ම ජනපති මිචෙනර්‘ගේ මුවෙන් ඩොක්ටර් රේචල්ගේ මරණය පිලිබඳවත් සඳහන් කිරීමට යෙදුනේ අපේ හිතේ ලොකු බලාපොරොත්තු සුන් වුනු බවක් ජනිත කරමින්. මේ එක්කම අපි ලොකු බලාපොරොත්තුවකින් හිටියේ අනිත් අයවත් හැලෙන්නේ නැතුව ඒ විදියටම ඉඳීවි කියලා බලාපොරොත්තුවකින්. ඒත් ටෙක්ස් ගැන කිසිම ආරංචියක් අපිට දැනගන්න ලැබුනේ නෑ. නමුත් 2016 Comic Con එකේදී ඒ සාකාංව දුරුවෙන්න කියලා ඒ කාල වකවානුව අනුව ඉදිරියට විකාශය වීමට නියමිත කතාංග වලින් එකතු කරලා හදපු විශේෂ පූර්ව ප්‍රචාරක පටයක් නිකුත් කලා. කාටත් ඒක පුදුමයක් බවට පත් වුනේ, අන්තර්ජාලයේ කොතනකවත් ටෙක්ස්‘ගේ නැවත පැමිණීම සඳහන් නොකර Comic Con වලදීම ඒ ගැන හෙලිදරව් කිරීම. මේ නිසා කැප්ටන් චැන්ඩ්ලර්ට වඩා ගොඩක් දෙනෙක් අවධානය යොමු කලේ ටෙක්ස් වෙතට. ඒ වගේම විකාශය වුනු කතාවලින්ම ටෙක්ස් ගැන ගොඩක් අයගේ හිතේ පැහැදීමක් ඇතිවෙලා තිබුණා. ඒකට හේතුව වුනේ, ටෙක්ස් නාවික නීති රෙගුලාසි වලින් බැඳී සිටියේ නැතත් නැවේ අයත් සමග මිත්‍රත්වයෙන් බැඳී සිටිය පුද්ගලයෙකු වීම. මේ නිසා තෙවන සමයේදී අනපේක්ශිත අයුරින් මතුවුනු ටෙක්ස් ගැන හැමෝම හිතින් අල්ලගෙනයි හිටියේ. මේ නිසාම අනපේක්ශිත අයුරින් මතුවුනු ටෙක්ස් අනපේක්ශිත අයුරින්ම නැතිවී යාම ගොඩක් අයට තදින්ම දැනෙන දුක්බර සිදුවීමක් බවට පත්වුනා. ඒත් කතාව තියෙන්නේ යුද්ධයක් ගැන නම් අනිවාර්යෙන්ම අපිට ලොකු පොඩි වුනත් උණ්ඩේ වැදුනොත්, කවුරු නමුත් මැරෙන්න එපැයි. මේ විදියට මැරුණු ගොඩක් අය හිටියා. පලමු සමයේ ඉඳන් ගත්තොත් (*නාවිකයින්ට අමතරව මිත්‍රශිලි පාර්ශවයේ අය පිලිවෙලින්)


Season 01

1. Franki Benz

2. Berchem

3. Smith

4. Cossetti

5. Maya

FB_IMG_14739966002305392Season 02

6. Dr. Quincy Thophet

7. Walker

8. Lynn

9. Chung

10. Ravitt

11. Barker

12. Walker

13. Lynn

14. Chung

15. Biwas

16. Dr. Rachel

FB_IMG_14739965485310497Season 03

17. Valkri

18. Maison

19. Kudelsky

20. Wolas

21. Butler

22. Cruise

23. Jeffrey Michener (US President)

24. Baity (Last US Senetor)

25. Riveera (Secratery forigne)

26. Jacob (Media Reporter)

27. Ken G. Nolan (Tex…)

End…?


ඉතිං මේ විදියට නැතිවුනු චරිත අතරේ ඉදිරියට පැමිණීමට නියමිත Season 04 ගැන පොඩි හෙලිදරව්වක් කිරීමටයි මේ සූදානම් වෙන්නේ.

FB_IMG_14739965591891643මේ ගැන කතා කරන්නට කලියෙන් පොඩ්ඩක් කැප්ටන් චැන්ඩ්ලර් චරිතයේ පෞද්ගලිකත්වය පිලිබඳ සඳහනක් කල යුතුයි. චැන්ඩ්ලර් කියන්නේ සාමාන්‍ය නාවික සෙබලෙක්ව සිට ඉදිරියට ගමන් කරමින් අත්දැකීම් ගොඩනගා ගනිමින් ඉදිරියට ගමන් කර කපිතාන් පදවියට පත්වුනු පුද්ගලයෙක්. වෛරසයේ පැතිරීමේ මූලික අවධියේදී CDC (Central Disease  Control ) වෙතින් දැනගැනීමට ලැබෙනවා වෛරසය ඉතාමත් වේගයෙන් විකෘතිතාවයට (Mutate) වෙමින් යන ප්‍රභේදයේ එකක් බව. මේ නිසා කාටවත්ම විකෘතිතා කාලය අතරතුර වෛරසයට ප්‍රතිකාරයක් හෝ පූර්ව වලකාලීමේ එන්නතක් සොයාගැනීමට අපහසුයි. මේ නිසා ඩොක්ටර් රේචල් විසින් CDC වෙත ඉල්ලීම් සිදු කරනවා භූමියෙන් වෙන්ව මුහුද මැද මේ සඳහා පර්යේශණ සිදු කිරීමට. නමුත් CDC වෙතින් කිහිප වතාවක්ම ඩොක්ටර් රේචල්ගේ ඉල්ලීම ප්‍රතික්ශේප කරනවා. නමුත් අවසානයේ ඇයගේ නොකඩවා සිදු කෙරෙන බලපෑම් මත, ඩොක්ටර් ක්වින්සි ටොෆෙට් එකතුව මේ දෙදෙනාට මුහුද මැද පර්යේශණ සිදු කිරීමට අවසර ලැබෙනවා. නමුත් මෙය Top Secret මෙහෙයුමක් බවට පත්වෙනවා. මෙහි රහස්‍යබාවයේ තත්වය තරමට ධවල මන්දිරයත්, ඩොක්‍ටර් රේචල් සහ ක්වින්සි පමණයි මේ පිලිබඳව දැන සිටියේ. මේ නිහඬ පෙරලිය අතරේ කැප්ටන් චැන්ඩ්ලර් නිවාඩුවට තමුන්ගේ පවුලේ අයත් සමග ගත කිරීමටයි සැලසුම් කරගෙන සිටියේ. නමුත් ඔහුගේ තත්වයත්, පෞද්ගලිකත්වය අනුව ඔහුගේ වැදගත්කම නිසාම ඔහුව තෝරාගත්තා වෙන්න පුළුවන්. නැතිනම් ඩොක්ටර් රේචල් විසින්ම මෙම තෝරාගැනීම කලා වෙන්නත් පුළුවන්. කෙසේ නමුත් විශාල නොවන මධ්‍ය ප්‍රමාණයේ යුධ නැවක් තමයි මේ සඳහා තෝරාගන්නට යෙදුනේ. එයට හේතුව කිසිවෙකුගේ අවධානය මේ පිලිබඳව යොමු වීමේ අවධානම වලකාගැනීම. මේ නිසාම කැප්ටන් චැන්ඩ්ලර් තේරීම් කිහිපයකින් ඉහලට ආවා වෙන්නත් පුළුවන්. කොහොම නමුත් ආක්ටික් වෘත්තය ආසන්නයේ මාස 3ක යුධ අභ්‍යාසයක් හිටි හැටියේම කැප්ටන් චැන්ඩ්ලර් වෙත යොමු වෙනවා. මේ යොමුවීමත් සමගින් කැප්ටන් චැන්ඩ්ලර්ට හිටි අඩියේම තමුන්ගේ පවුලෙන් මාස 3ක කාලයකට ඈත් වන්නට සිදු වන්නේ. නමුත් මේ මාස 3ක කාලය ඇතුලත ලෝක විනාශ වී හමාරයි. යුධ අභ්‍යාසක මුවාවෙන් මේ සිදු කෙරුණු මෙහෙයුමේ සැබෑ අරමුණ කැප්ටන් චැන්ඩ්ලර්ට හෙලිදරව් වෙනවා. ඒ වගේම මේ ගොඩබිම සිදුවී ඇති විනාශය තමුන්ගේ කණ්ඩායමට දැනුම් දීමට යාම කැප්ටන් චැන්ඩ්ලර්ට ලොකු අභියෝගයක් වගේම විශාල මානසික ආතතියකටත් මුහුණ පෑමට සිදු වෙනවා. නමුත් ඔහු ඒ සියල්ලක්ම හිතේ තද කරගෙන නොසැලී ඉන්න තරම් ශක්තිමත් කෙනෙක් බව කතාව අතරතුර හොඳින්ම පැහැදිලි වුනා.

The Last Ship - Series 2 - Episode 13 - A More Perfect Union, Rhona Mitra as Dr. Rachel Scott.

වෛරසයෙන් ගොඩබිම විනාශ වී ඇති බව කියැවුනු පණිවුඩයත් සමග නැව තුල ඇතිවුනු දෙපිල බෙදීමේදී ඔහුගේ කරමත පැටවුනු බර තවත් වැඩි වෙනවා. කතාව පුරාවටම අනෙක් සෙබලුන්ට තමුන්ගේ අහිමිවීම් සහ දුක් ගැනවිලි කියන්නට, බෙදා හදාගන්නට කිසිවෙකු සිටියත්, කැප්ටන් චැන්ඩ්ලර් හට එවැනි කෙනෙක් සිටියේ නෑ. නමුත් පලමු සමයේ අවසාන බාගයේ පටන් පෞද්ගලිකව ඔහුගේ හිතේ ගොඩගැසුනු දුක් ගැනවිලි බෙදා හදාගන්නට තමුන්ගේ නැවේ සිටි ඉහල නිලධාරීන් පමණයි සිටියේ. X.O ස්ලැටරි, මාස්ටර් චීෆ් රසල් සහ මිත්‍රයෙකු වශයෙන් බොහෝම සමීපව සිටි ටෙක්ස් යන අයයි පෞදිගලිකව ඔහුගේ හැඟීම් දැනීම් බෙදා හදාගැනීමට සිටියේ.

The_Last_Ship_Eric_Daneමාස්ටර් චීෆ් රසල් සෑම විටම බිඳුනු හිත අස් වසන්නටත්, ඉදිරියට කුමක් කරන්නද? මොනවායින් මොනවා වේවිද? ”අපි කොහොමද මේකට මුහුණ දෙන්නේ ?” යන දේවල් කතා කරන්නට X.O ස්ලැටරිත්, “උඹ ලයින් දාන්නේ නැතිනං රේචල්ට මම ට්‍රයි එකක් දානවා” යනුවෙන් විහිලු තහලුවෙන් හිතේ දුක සමනය කරන්නට ටෙක්ස්, යන ආකාරයෙන් තමයි කැප්ටන් චැන්ඩ්ලර් යහපත් මානසික සෞඛ්‍යයෙන් මහමෙරක් ප්‍රශ්ණ සමග නැව තුල කොටුවී සිටියේ.

5a198660a261464ec613018cdb6ab3b6තෙවන සමයේ අවසාන කතාංගයේ ආරම්භක කොටසේදී කැප්ටන් සහ මාස්ටර් චීෆ් අතර ඇතිවුනු කතා බහේදී…

චැන්ඩ්ලර් :- රට ආපහු කෑලි වලට කඩා වැටෙනවා.

මාස්ටර් චීෆ් රසල් :- ඒත් අපි තාමත් මෙතන ඉන්නවා කැප්ටන්, කෑලි වලට කැඩෙද්දී. අපි ඒක හරිගස්සමු.

චැන්ඩ්ලර් :- ඒ වුනාට මේක ලොකු රටක්…. ලොකු රටක්.

මෙතෙක් කාලයක් මාස්ටර් චීෆ් විසින් ඉහලට ඔසවා තිබු කැප්ටන්ගේ ආධ්‍යාත්මය ධනාත්මකව ඔප දමන්නට මාස්ටර් චීෆ් රසල්ට හැකියාව ලැබී තිබුණත්, කාලයක් තිස්සේ පිට පිට පැමිණෙන කරදර මත්තේ නොසැලී ඔහුට ඉදිරියට ගමන් කරන්නට මානසික දිරිය මාස්ටර් චීෆ් රසල්ගෙන් ලැබුණත්, තමුන්ගේම රට තමුන්ට ද්‍රෝහි වීම මත කැප්ටන්ගේ සිතට සෘණාත්මක සිතිවිලි ඇතුල් වී තිබුණු බවක් අවසානයේ කැප්ටන් විසින් කියූ “මේක ලොකු රටක්…” යන්නෙන් පැහැදිලි වේ. එමෙන්ම අවසානයේදී ශෝ විසින් තමුන්ගේ දරුවන් දෙදෙනා පැහැරගත් අවස්ථාවේ, තමුන්ට පවුලකට කියා ඉතිරිවී තිබූ තමුන්ගේ දරු දෙදෙනා බලාකියා ගන්නට ස්ථාවර කෙනෙකුට සිටියේ තමුන්ගේ පියා පමණයි. නමුත් ඔහුද ශෝ ගේ මිනිසුන් විසින් ඝාතනයට ලක්වී තිබිණි. ඒ පුවත හරියාකාරව දරා ගන්නට කල් නොයාම ඔහු ඉදිරියේ තමුන්ගේ අතිජාත මිත්‍රයකු වුනු ටෙක්ස් අවසන් හුස්ම හෙලුවේ, තමුන්වත් එකඟ නොවන “උඹ හොඳ මිනිහෙක්…!” යන ටෙක්ස්‘ගේ අවසන් වදන් හිතට ලොකු කම්පනයක් ඇති කරමිනි. මිය යන්නට ප්‍රථමයෙන් ටෙක්ස් ඉල්ලා සිටියේ ශෝ නොමරණ ලෙසයි. නමුත් හිතට පැමිණි ආවේගය පාලනය කරගත නොහැකිව කැප්ටන් ශෝට වෙඩි තබා ගුවන් යානය තුලදීම මරා දමන්නට යෙදුනා. අවසානයේදී කැප්ටන් තමුන්ගේ අවසන් දුක් ගැනවිල්ල කියා සිටියේ කැප්ටන් ස්ලැටරි විසින් කැප්ටන් ශෝව මරා දැමීම ගැන සාධාරණීකරනය කරන්නට උත්සාහා කල අවස්ථාවේදීයි. එහිදී…

කැප්ටන් චැන්ඩ්ලර්      :-    මම මේ නැව උඩ… හිටගෙන… රේචල්ට දේශණයක් දුන්නා නීතිය ක්‍රියා කරන්නේ කොහොමද කියන එක ගැන.

කැප්ටන් ස්ලැටරි     :-     උඹත් අපි වගේම මනුස්සයෙක්.

කැප්ටන් චැන්ඩ්ලර්  :-     මට මගේ තත්වය ඊට වඩා ඉහල තැනක තියාගෙන ඉන්න වෙනවා. ශෝ කියපු එක දෙයක් හරි. මේ රටේ සදාචාරාත්මක දිශානතිය නැත්තටම නැතිවෙලා ගිහිල්ලා. ඒකට මග පෙන්වන්න කෙනෙක් ඕනේ වෙනවා. අභ්‍යන්තරික ගුණ ආපහු ඉස්මතු කරගන්න. මට ඒ විදියේ කෙනෙක් වෙන්න හැකියාවක් නෑ.

Episode_7_SOS6මෙතැනදී කැප්ටන් චැන්ඩ්ලර් විසින් තමුන්ගේ හීන මානය ඉස්මතු කරන්නට යෙදෙනවා. ඔහු මෙතෙක් කාලයක් රටට කල සේවය ඉමහත් වුවත්, දිනක් තුන සිදුවූ දේවල් අවසානයේ ඔහුගේ හිතට දරාගැනීමට නොහැකිව යයි. මේ නිසාම ඔහු අවසානයේදී කැප්ටන් ස්ලැටරිගෙන් අවසර ඉල්ලනුයේ…

  “අවසාන වතාවට වෙරලට ගොඩබහින්න අවසර.”

යනුවෙනි.

the-last-ship-53aacc7226990මෙතෙක් කාලයක් ඔහුගෙන් අමිල සේවයක් සිදු වූවත්, මිනිසුන්ට එය මතකයේ පවතින්නේ සීමිත කාලයකට පමණි. එමෙන්ම ඒ තාක් කාලයක් ඔහුට විඳදරා ගැනීමට සිදුවූ දේවල් පිලිබඳව සමීපතමයන්ට අදහසක් තිබුණත්, ඒ තුල තමුන්ට දැනුනු වේදනාවන් වල තරම දන්නේ ඔහු පමණි. තමුන්ගේ පියා නැතිවීමත් සමග සේවයෙන් ඉවත් වන්නට ඔහු ගත් තීරණය තාර්කිකව බැලූ කල බුද්ධි ගෝචරය. එයට හේතුව වනුයේ තමුන්ගේ දරු දෙදෙනා බලා කියා ගැනීමට තවත් පවුලේ කිසිවෙකු ඉතිරි වී නැති බැවිනි.

FB_IMG_14739966002305392මේ ආකාරයෙන් තමයි ආරම්භයේ පටන් කතාවේ සිදුවූ සෑම දෙයක්ම කැප්ටන් චැන්ඩ්ලර්‘ගේ චරිතයේ දෘශ්ඨි කෝණයෙන් බැලූ කල සිදුවූයේ.


Season 4 මං සලකුණු…

ප්‍රධාන චරිතය වූ කැප්ටන් චැන්ඩ්ලර් සේවයෙන් ඉවත් වූ පසුව ඔහුගේ චරිතය කතාවේ ඉදිරියට කෙසේ ගමන් කරාවිද? මෙයයි දැනට අපි කාටත් ඇතිවෙලා තියෙන තියෙන ප්‍රශ්ණය.

tom-chandlerකතාවේ ඉදිරි ගමන්මග හුදෙක්ම රඳා පවතින්නේ කතාවේ රචක සහ නිශ්ඵාදකයින් වෙන Steven Kane සහ Hank Steinberg අතේ. එමෙන්ම මොන ආකාරයෙන් අපිට මේ දේවල් දැකබලා ගැනීමට ලැබේද කියන එක තීරණය වෙන්නේ කතාවේ අධ්‍යක්ශකවරුන් වෙන Jack Bender සහ Jonathan Mostow අතේ. ඉතිං දැනට අපිට දැනගන්න ලැබී තියෙන අයුරින් නම් ඉදිරි ගමන ගැන විස්තර වශයෙන් කරුණු දෙකක් පමණයි හරියාකාරවම දැනගන්න ලැබිලා තියෙන්නේ.

 කතා රචක ස්ටීවන් කේන් ප්‍රකාශ කල විදියට…

 There will be a time jump of “well over a year.”

 “වසරක පමණ කාලයක් ගත වීමෙන් පසුව තත්වයත් සමග කතාව ආරම්භ විය හැකියි.”

ඒත් මේ ප්‍රකාශයක් අවිනිශ්චිත බවකින් සිදුකල ප්‍රකාශයක්. ඒත් සමගම ඔහු විසින් ඉදිරියට Bridget Regan (සාශා) කතාවේ සැලකිය යුතු ප්‍රධාන චරිතයක් විදියට රඟ දක්වන බවත් ප්‍රකාශ කොට තිබෙනවා.

FB_IMG_14739966267690041එමෙන්ම කැප්ටන් ටොම් චැන්ඩ්ලර්‘ගේ චරිතය රඟ දක්වන Eric Dane විසින් මෙවැනි ප්‍රකාශයක්, මාධ්‍ය වෙත නිකුත් කොට තිබෙනවා.

 “Tom has been on three very different, personal journeys between season one and three. Season four will probably be about Chandler’s journey back to consciousness. It’s going to be like an epic, mythical-type odyssey. You’re going to dig it,”

 “ටොම් විසින් එකිනෙකට වෙනස් පෞද්ගලික වික්‍රමයන් තුනකට මුහුණ දෙනු ලැබුවා, පලමු සමයේ සිට තෙවන සමයේ අවසානය දක්වාම. සිව්වන සමය බොහෝවිට ඔහු ඔහුගේම මානසික ස්වභාවය තුලට ගමන් ගන්නා වූ වික්‍රමයක් බවට පත්වේවි. එය මහත්, මිත්‍යා-ප්‍රබන්ධිත හැඟීම් සංකලනය වුනු ත්‍රාසමය දිගු ගමනක් වේවි. ඒ වගේම ඔයාලා හැමෝම ඒකට ගොඩක්ම කැමති වේවි”

FB_IMG_14739965906316348ඉතිං ඔන්න මේ විදියට Season 4 විස්තර මෙතනින් නිමා කරන්නයි මගේ සූදානම. විස්තර හොයාගන්න අතහිත ලබාදුන්නු “හසිත සෙනෙවිරත්න” සොයුරාටත් ස්තුතිය පුද කරන ගමන්ම, මම අදට සමු ගන්නම්.

ප්‍රනීත් චින්තක රණසිංහ (6 Posts)


13 thoughts on “සිව්වන වරටත් රලතුරින් දියඹට

  • December 6, 2016 at 6:34 AM
    Permalink

    Good job ……………………………………………………………………..

  • October 4, 2016 at 4:09 PM
    Permalink

    season 4 Enakan iwasillak na bro!!!

  • September 22, 2016 at 11:26 PM
    Permalink

    lipiya godak hoday. thanks!

  • September 22, 2016 at 7:19 AM
    Permalink

    Ela Ela………….. S4 th karamu………….

  • September 20, 2016 at 3:32 PM
    Permalink

    Elamaaa

  • September 19, 2016 at 1:11 PM
    Permalink

    thanks bro..

  • September 18, 2016 at 9:00 PM
    Permalink

    නියම කතාව….thanks sub ekata…godak mahansi wela thiyenawa sub 1 hadanna…good luck

  • September 18, 2016 at 7:34 PM
    Permalink

    Supirima tv series ekak. 4 enakan balan inne

  • September 17, 2016 at 6:54 PM
    Permalink

    බෑනේ කරන්ඩ…මේක කියෙව්වම සීසන් 4 එනකන් ඉවසන් ඉන්නේ කොහොමද..
    හොද ලිපියක්…සීරීස් එක ගැන ගැබුරින් කතා කරල තියෙනවා…

    බොහොම ස්තූතියි 🙂

  • September 17, 2016 at 12:51 AM
    Permalink

    ගොඩක්ම ආසාවෙන් බලන කතාවක් සහෝ.
    ඒ වගේම සබ් එකත් නියමෙටම කරනවා.
    සීසන් 4 ගැන විස්තර කලාට ස්තූතියි.
    එහෙනම් සීසන් 4 වලින් හම්බවෙමු.
    ජය..

  • September 16, 2016 at 10:00 PM
    Permalink

    godaak hoda lipiyak sahooo,. season 4 eka enkmal balagen ennw,.

  • September 16, 2016 at 11:54 AM
    Permalink

    නියම ලිපිය සහෝ… S-4 එනකල් ඉවසුමක් නෑ. Thanks for the info

  • September 16, 2016 at 11:09 AM
    Permalink

    ගොඩාක් ආසාවෙන් බලපු චිත්‍රපටයක්.
    මේකට සබ් දුන්න බයිස්කෝප් ටීම් එකටත් ස්තූතියි.
    මීලග සීසන් එකටත් සබ් දෙන්න.
    ජය වේවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *