Ranveer Ching Returns (2016) – චිත්‍රපටයක් නොවන චිත්‍රපටයක්

කෑම බිම හිඟව පාතාල ලෝකයට යටව කාන්තාරයේ හුදකලාවූ ප්‍රදේශයක දුෂ්කර ගමක් තියනවා. කෑම බිම සියල්ල මේ පාතාල ලෝකයේ දාමරිකයන් පාලනය කරන අතර කුඩා ළමයෙක්ට වත් ආහාර සඳහා කිසිවක් ගැනීමට දෙන්නේ නැ. එත් මේ ගමෙහි පාතාල ලෝකයට එරෙහිව නැගී හිටින අමුත්තෙක් ගමේ සියල්ලන්ටම කෑම බිම දෙන අතර පාතාලය සමග ගැටී අවසානයේ ගමෙහි ලස්සනම තරුණියත් දිනා ගන්නවා. අන්තිමට සියල්ලන්ටම කන්න ලැබෙන අතර සියල්ලෝම සතුටින් ඉන්නවා. ගීත තුනක් තියන මෙය මෑඩ් මැක්ස් චිත්‍රපට මාලාව සිහි ගන්වනවා.

ඉන්දියානු කොටි හැත්තෑපහක් වියදම් කොට රෝහිත් ෂෙට්ටි මෙය අධ්‍යක්ෂණය කරන අතර VFX සහ සාමාන්‍ය රෝහිත් ශෙට්ටි චිත්‍රපටයක දකින්න ලැබෙන සටන් ජවනිකා, වාහන සමග වීර ක්‍රියා බහුලව දක්නට ලැබෙනවා. සුප්‍රසිද්ද නිලි තමන්නා සමග සුපිරි හින්දි නළු රන්විර් සින්ග් මෙහි රඟපැමෙහි නිරත වෙනවා. විනාඩි පහමාරක ධාවන කාලයක් සහිත මෙය දෙදහස් දහසයේ අගෝස්තු දහනව වන දින ප්‍රදර්ශනය ආරම්භ කල අතර මුල් දින දෙක තුල පමණක් ලක්ෂ විස්සක් යු ටියුබ් මගින් මෙය නරබා ඇති අතර මේ වෙනකොට සති දෙකක් තුල 9,861,739 පමණ යු ටියුබ් වල පමණක් නැරබිම් වාර්තා වෙන අතර ඉන්දියාවේ වාර්තා අතරට පිවිස ඇති අතර සියලුම පත්තර වල පුවතක් ලෙස පලවෙන්න තරම් ජනප්‍රිය වෙලා තියනවා.

මම දන්නවා දැන් ඔයාල බලනවා ඇති රෝහීන් ශෙට්ටි අධ්‍යක්ෂණය කරන ලද රන්විර් සින්ග් රඟපාන මෙච්චර ජනප්‍රිය චිත්‍රපටය මොකක්ද කියල. ඇත්තටම යාලුවනේ මේක ඉන්දියාවේ ප්‍රසිද්ද නුඩ්ලස් වර්ගයක් ප්‍රචාරයක් වෙනුවෙන් නිර්මාණය කරන ලද වීඩියෝ පටයක්. ඇඩ් එකක් උනත් ඉන්දියානු රුපියක් කොටි 75 වියදම් කරලා තියනවා. සාමාන්‍යයෙන් ඒ ප්‍රමාණය පැය දෙකහමාරක හින්දි ෆිලුමක් හදන්න ප්‍රමාණවත්. ඒ වගේම ගොල්මාල්, චෙන්නායි එක්ස්ප්‍රස් වගේ චිත්‍රපට හදපු රෝහිත් ශෙට්ටි මේක අධ්‍යක්ෂණය කරලා රන්විර් රඟපානවා නම් ඉතින් කියන්න දෙයක් නැනේ.

 Ranveer-Ching-Returns

මේ දවස්වල යු ටියුබ් වල අතිශය ජනප්‍රිය මේ වීඩියෝ පටය ඔයාල බලන්නම ඕන මම හිතන්නේ. මොකද ඒක තවත් හින්දි චිත්‍රපටයකට දෙවැනි නැ. ඔයාල බලලා තීරණය කරන්නකෝ.

G.A.P. Ranathunga (44 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *