Villain (දුෂ්ටයා) 16 | Darth Veder

A long time ago in a galaxy far, far away….


785307-darth-vader-wallpaperකාලෙකින් තමයි බයිස්කෝප් මංසල පැත්තේ එන්න පුළුවන් උනේ, කාර්යයබහුලත්වය නිසා. මන් හිතනවා එහෙම උනා කියලා යාළුවන්ට #දුෂ්ටයා #villain අමතක වෙලා නැතුව ඇති කියලා. දිගු කාලෙක නිහඩතාව බිදින්න සුදානම් වෙන්නේ නපුරු ලෝකේ ඉන්න බලවත්ම, දුෂ්ටම කෙනෙක්ගෙන්.  එයා තමා අපි කවුරුත් දන්න Darth Vader. මෙයා ගැන කියන කතාව ගොඩක් දිග ඒ වගේම ඉතාම රසවත්. මන් හිතනවා යාළුවොත් ඒකට කැමති වෙයි කියලා. වැඩි බයිලා ඕන නෑ. කතාවට බහිමු එහෙනම්.


ආරම්භය

කල්පිත චරිතයක් වන Darth Vader එහෙමත් නැත්නම් Anakin Skywalker අයත් වෙන්නේ Star Wars විශ්වයට. Vaderගේ පළමු පෙනී සිටීම සිද්ධ වෙන්නේ ප්‍රථම star wars තුන්ඈදුතු කතා මාලාවෙන්, ඒ වර්ෂ 1977 Star Wars (A New Hope) කියන සිනමා පටයෙන්. මේ කල්පිතය නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවෙන්නේ George Lucas කියන පුද්ගලයට. සිනමා නිර්මාණ හයකම චරිත හිමි Darth Vader චරිතය 1977 සිට 2005 දක්වා විවිධ පුද්ගලයන් විසින් රංග දක්වා ඇත.  රිදී තිරයට පමණක් සීමා නොවුන මෙම චරිතය රුපවාහිනි කතා මාලා, video ක්‍රීඩා, නවකතා, කොමික් දක්වා විහිදී ඇත. ඒ සියලුම මාධ්‍ය වල Darth Vader චරිතය ප්‍රධාන තැනක් උසුලයි. American Film Institute මගින් Darth Vader චරිතය වසර 100යක සිනමා ඉතිහාසයේ හොදම තෙවන දුෂ්ටයා ලෙස අභිසෙස් කොට තියෙනවා. මෙම චරිතය තෙවන වන්නේ Hannibal Lecter හා  Norman Bates යන චරිත දෙකට පමණි.393613

(star wars විශ්වය කියන්නේ විශාල පරාසයක්. මේ කතාවේ එන සමහරක් දේවල් මෙම විශ්වය පිලිබඳ නොදන්නා අයෙකුට තේරුම් ගැනීමට අපහසු වෙන්න පුළුවන්.  ඒ වගේම මගේ සමහරක් කරුණු වැරදි වෙන්න පුළුවන්. star wars විශ්වය පිලිබඳ ප්‍රවීණයෝ ඉන්නවනම් ඒ වැරදි පෙන්වා දෙන ලෙස ඉල්ලා සිටිනවා.)419917

 A New Hope   (1977)  Star Wars Episode IV

The Empire Strikes Back (1980)  Star Wars Episode V

Return of the Jedi  (1983)  Star.Wars.Episode.VI

The Phantom Menace  (1999)  Star Wars Episode I

Attack of the Clones  (2002)  Star Wars Episode II

Revenge of the Sith   (2005)  Star Wars Episode III

වම් පැත්තෙන් දක්වා තිබෙන්නේ සිනමාපට නිකුත් කල වර්ෂ  අනුව පිළිවෙලට වන අතර දකුණු පසින් දක්වා තිබෙන්නේ Darth Vader නැතහොත් Anakin Skywalkerගේ ජීවිතය ගලායන ආකාරය පිළිවෙලට පෙන්වන ආකාරයයි.

 Untitled2අපේ ප්‍රධාන චරිතය Anakin Skywalker නිසා අපි පටන් ගමු එයාගේ පොඩි කාලේ ඉදන්ම.


 චරිතාපදානය

 The Phantom Menace (1999) – Star Wars Episode I

Untitled1අවුරුදු 9 ක පොඩි කොල්ල කාලේ තමයි අපිට මෙයාව මුලින්ම දකින්න ලැබෙන්නේ ඒ Tatooine කියන ග්‍රහලෝකේ වහල් සේවකයෙක් විදියට. මවත් එක්ක ජිවත් වෙන අපේ කොල්ලා තමන්ගේ පියා ගැන දන්නේ නෑ. අපේ කොල්ලට පොඩි කලේ ඉදන්ම බලය දැනිල තියෙනවා. එයාට සමහරක් අවස්ථාවල අනාගතය පේනවා. ඒ වගේම Anakin කියන්නේ සුපිරි කාර්මික ශිල්පියෙක් වගේම හොද ගුවන් යානා පදවන්නෙක්. C-3PO කියන droid එක නිර්මාණය කරන්නෙත් අපේ Anakin කොල්ලා තමයි.

මෙහෙම ඉන්න මෙයාට හම්බවෙනවා ජෙඩායි මාස්ටර් Qui-Gon Jinnව. මෙතැන තමයි මෙයාගේ ජිවිතේ හැරවුම්ලක්ෂය. Qui-Gon Jinn හොයා ගන්නවා Anakinගේ ලේ වල midi-chlorians කියන සංඝටකය ඉතාම ඉහලයි කියලා. මේක නිසා Qui-Gon Jinn හිතනවා අපේ පුංචි  Anakin තමයි කියලා බලයට සමතුලිතතාවය ගෙනෙන්නේ කියලා.

 Untitled3

මේ අතරතුර සිදුවන සිද්ධි ධාමයක් අතරතුර Anakin වහල් සේවයෙන් නිදහස් වෙනවා නමුත් මවට නිදහස ලැබෙන්නේ නෑ. නිදහස ලබලා බේරිලා යන ගමන අතරතුර අපේ පුංචි Anakinගේ හිතේ Naboo දේශයේ රැජින වන Padmé Amidala වෙත සිත බැදෙනවා. Qui-Gon Jinn විසින් ජෙඩායි සමුළුවෙන් ඉල්ලා සිටිනවා Anakinව තමාගේ යටතේ පුහුණු කරන්න. නමුත් ජේඩායි සමුළුව කියනවා ළමයා තුල අදුරු බලවේග වැඩියි. එම නිසා ඔහුගේ පුහුණුව නොකරන ලෙසට.Untitled4

Naboo දේශයට එල්ලවුණ ආක්‍රමණය මැඩපවත්වන සටනේදී Anakin විසින් විශාල කාර්‍යයක් සිද්ධ කරනවා. ඒ තමයි සතුරන්ගේ ප්‍රධාන මූලස්ථානයට ගිහින් එහි බල පද්ධතිය විනාශ කරන එක. (එක සිද්ධ වෙන්නේ නම් අහම්බෙන්). අවාසනාවන්ත ලෙස මෙම සටනේදී Sith Lordගේ ශිෂ්‍යයෙක් වන Darth Maulගේ අතින් Qui-Gon Jinn මිය යනවා. ඔහු මිය යන මොහොතේදී ඔහුගේ ශිෂ්‍යයාට කියනවා පුංචි Anakinව පුහුණු කරනා ලෙසට. මේ අවස්ථාවේදී ජේඩායි සමුළුව තීරණය කරනවා Anakinව Obi-Wan Kenobi යටතේ පුහුණු කරවන්න.

Attack of the Clones (2002) – Star Wars Episode II

වසර 10කට පස්සේ තමයි අපිට නැවතත් Anakinව දකින්න ලැබෙන්නේ. ඒ Obi-Wan Kenobi යටතේ ඉගෙන ගන්න දක්ෂ ශිෂ්‍යයෙක් විදිහට.

කතාව ආරම්භ වෙන්නේ Padmé Amidalaට සිදුවන අසාර්ථක ප්‍රහාරයකින්. Obi-Wan Kenobiට සිද්ධ වෙනවා මෙම ප්‍රහාරය සිද්ධ කලේ කවුද යන්න වග සෙවීමට. රැජින Padmé Amidalaට ආරක්ෂාව සැපයීම අපේ කතා නායකයට භාරවෙනවා(නරියට කුකුල්ලු බලාගන්න දුන්න වගේ). වැඩි ආරක්ෂාව පතා රැජින හා අපේ කතා නායකයා Naboo දේශයට යනවා. මෙහිදී දෙන්නගේ පෙම් පලහිලව්ව ටිකක් දුර යනවා. ටිකක් දුර හොදේ.

 Untitled11

මේවා මෙහෙම සිද්ධ වෙද්දී අපේ කතා නායකයට බලයෙන්  දැනෙනවා තමන්ගේ මව වේදනා විදිනවා කියලා. මේ නිසා කතා නායකයා තීරණය කරනවා මව බැලීමට යන්න. ඒ ගමනට රැජින Padmé Amidalaත් සහභාගී වෙනවා. තමන්ගේ මව සිටින දේශය වන Tatooine වෙත ගිය පසු අපේ කතා නායකයට දැනගන්න ලැබෙනවා මව වහල් බවින් මිදිලා විවාහ දිවියට පත්වෙලා කියලා මෙන්ම ඇයව Tusken Raiders කියන ජීවින් විසින් පැහැරගෙන ගිහින් කියලා. තමන්ගේ මව බේරාගැනීමට යන අපේ කතා නායකයට සිද්ධ වෙන්නේ නොසිතු ඉරණමක්. ඒ පැහැරගත් මව සොයගත්තත් ඇය Anakinගේ දෑත් මතම මිය යනවා. ඉතාමත් දුකට හා වේදනාවට පත්වෙන Anakin සියලුම Tusken Raiders ජාතින්ව සමුල ඝාතනය කරනවා.

 Untitled44

මේ අතරතුර රැජිනගේ ප්‍රහාරයට වගකිව යුත්තන් සොයා යන Obi-Wan Kenobiව Count Dooku  විසින් සිරකරනවා. මේ කාරණය දැනගෙන ඔහුට උදව් කිරීමට යන Anakinව හා Padmé Amidala රැජිනවත් අල්ලලා මරණ දණ්ඩනයට පමුණුවනවා. මේ අවස්ථාවේදී Padmé Amidala විසින් අපේ කතා නායක  Anakinට ආදරය ප්‍රකාශ කරනවා.Untitled33

අවසාන මොහොතේ ජෙඩායි හමුදාව විසින් සිරකරුවන් තිදෙනව බේර ගන්නවා. නමුත් Count Dooku පැනගන්නවා. මෙයාගේ පස්සෙන් යන Anakin හා Obi-Wan Kenobi මෙයත් සමග සටන් කරලා පරදිනවා. ඒ වගේම අපේ Anakinට අතකුත් අහිමි වෙනවා. කොහොම හරි මේ දෙන්නව මරණෙන් බේර ගන්නේ  මාස්ටර් Yoda  විසින්. නමුත් Count Dooku පැනගන්නවා.

කතාව අවසානයේ Anakinට රොබෝ අතකුත් ලැබෙනවා. ඒ වගේමPadmé Amidalaත්  සමග හොරෙන් විවාහ වෙනවා.

Revenge of the Sith (2005)  – Star Wars Episode III

නැවතත් අපිට Anakinව දකින්න ලැබෙන්නේ Palpatineව General Grievous ගෙන් බේරගන්න යන අවස්ථාවේ. මේ වෙලාවේදී Anakin හා Obi-Wan Kenobiට කලින් පැනගිය Count Dookuත් සමග සටනකට සම්න්ධ වෙනවා. මෙහිදී Count Dooku මියයනවා Anakin අතින්. ඒ Palpatineගේ අණ යටතේ.

 Untitled555

ඒ අතරතුර ලැබෙන සුභ ආරංචිය තමා Padmé Amidala ගැබිණියක් බව. නමුත් Anakinට බලය මගින් දැනෙනවා ඇය දරු ප්‍රසුතියේදී මිය යන බව.

මේ අවස්ථාවේන් ප්‍රයෝජන ගන්න Palpatine කියනවා ඇයව බේරගත හැක්කේ “මරණය රැවටීමෙන්” බවත් එසේ කිරීමට නම් අදුරු බලවේග පිලිබඳ ඉගෙනිය යුතු බවත්ය. මේ අවස්ථාවේ Anakin දැනගන්නවා Palpatine කියන්නේ Sith Lord බව. නමුත් තමන්ගේ ආදරය ආරක්ෂා කරගැනීමේ අරමුණින් ජෙඩායි සමුළුවට පිටුපාන Anakin ජෙඩායි කපොල්ලට ගොස් එහි සිටින සියලුම ළමා හා වැඩිහිටි ජෙඩායිවරු මරා Sith Lordගේ ශිෂ්‍යයෙක් බවට පත් වෙනවා. මෙතැන් පටන් Darth Vader යන නමින් Anakinව හදුන්වන්න පටන් ගන්නවා.

 Untitled666

Palatine අණ කරනවා Mustafar ග්‍රහලොවට ගොස් එහි සැගවී සිටින Separatist නායකයින් මරා දමන ලෙසට. ඔහුගේ කුරිරූ වැඩපිලිබඳ දැනගන්න Padmé Amidalaත් යනවා Mustafar ග්‍රහලොවට. එහි ගොස්  Anakinට තමා සමා ඇවිදින් නිදහස් ජිවිතයක් ගත කිරීමට කතා කලත් අදුරු බලවේග මගින් මුසපත් වෙලා ඉන්න Anakin කියන්නේ තමා සියල්ලටම වඩා බලවත් බවත් ඇයට හා Anakinට එකතු වී අධිරාජ්‍ය පාලනය කල හැකි බවත්ය.

මේ මොහොතේ Padmé Amidalaගේ යානයේ සැගවී ආ Obi-Wan Kenobiව දකින Anakin සිතන්නේ Padmé Amidala ඔහුව පාවා දුන් බවයි. එම නිසා බලය යොදවා ඇයගේ ගෙල මිරිකයි. ඉන් පසු Obi-Wan Kenobi සමග සටනට යන Anakin, එම සටනින් පරාද වන්නේ දෙපා හා අනෙක් අතත් අහිමි කරගෙන. ඔහුව එහි මිය යාමට දමා Padmé Amidalaවත් රැගෙන Obi-Wan Kenobi  පිටත්ව යයි.

තමන්ගේ ශිෂ්‍යාගේ පරාජය දැනෙන Sith Lord මෙම ස්ථානයට පැමිණ දරුණු ලෙස තුවාල ලබා සිටින  Anakinව කළුපාට රොබෝ ඇදුමකට සම්බන්ද කරයි. සිහිය ආ විගසම Anakin අසන්නේ Padmé Amidala ආරක්ශිතද කියාය. නමුත් Sith Lord ඇත්ත පවසයි. ඒ Anakin අධික තරහව නිසා බලයෙන් ගෙල සිර කර ඇයව මරා දැමු බවයි.Untitled777

Padmé Amidala මියයාමට පෙර නිවුන් දරු උපතක් සිදු කරන අතර මාස්ටර් Yoda  පවසන්නේ දරුවන් වෙන් වෙන්ව මෙන්ම Sith Lordට නොදැනෙන පරිදි උස්මහත් විය යුතු බවත්ය. ඒ අනුව ඔවුන් වෙන්කෙරේ. ළමුන් දෙදෙනාගේ නම් තමයි Leia හා Luke.

මෙම කතාවේ අවසන් වරට අපිට Anakin නොහොත් Darth Vaderව දකින්න ලැබෙන්නේ Palpatine (Sith Lord) හා Wilhuff Tarkin සමග Death Star’s හි ඉදිකිරීම් කටයුතු දෙස බලා  සිටින අයුරුය.

A New Hope (1977) – Star Wars Episode IV

big_thumb_d73222fabb9bcb0baa1432feb3c4dab5මේ කතාවේදී අපිට මෙයාව දකින්න ලැබෙන්නේ අනුකම්පා විරහිත cyborg කෙනෙක් විදිහට. Death Star හි තාක්ෂණික තොරතුරු සොරකම් කිරීමක් පසුපස හඹා යන සිද්ධියකින් තමා කතාව පටන් ගන්නේ. සොරාගත් තාක්ෂණික තොරතුරු Leia Organa කුමරිය විසින් R2-D2 නම් droid එකේ සගවා ජේඩායි මාස්ටර් Obi-Wan Kenobiට ගෙනගොස් ලබා දෙන මෙන් අණ කරනවා. R2-D2 යානයෙන් පැනගන්නා අතර Leia කුමරිය Darth Vaderට අහු වෙනවා.

R2-D2 විසින් කොහොම හරි පණිවිඩය Obi-Wan Kenobiට ලබා දෙනවා. මේ අතර තුර සිදුවන අහඹු සිදුවීමකින් R2-D2ට Lukeව හමු වෙනවා. Obi-Wan Kenobiගේ ආයාචනය මත Lukeකුත් කුමරිය බේරාගෙන Death Star හි තාක්ෂණික තොරතුරු මිතුරු පාර්ශව වෙත ලබා දීමේ ගමනට එකතු වෙනවා.

කුමරිය බේරාගැනීමේ සටනේදී Obi-Wan Kenobi මිය යනවා. ඒ පැරණි ශිෂ්‍ය Anakin නොහොත් Darth Vader අතින්.

Death Star විනාශ කිරීමට යන සටනේදි Luke විසින් පදවා යන ගුවන් යානයට ප්‍රහාර එල්ල කරමින් එන Darth Vaderට සිද්ධ වෙන්නේ නොසිතු දෙයක්. ඒ Han Solo විසින් එල්ල කරන ප්‍රහාරයක් නිසා Darth Vaderගේ යානය දඟර කැවෙමින් ගුවන් පථයෙන් ඉවතට විසි වීමයි. මෙයින් ප්‍රයෝජන ගන්නා Luke විසින් Death Star විනාශ කර දමයි.

The Empire Strikes Back (1980) – Star Wars Episode V569454

මෙම කතාව පටන්ගන්නේ Darth Vader විසින් Hoth හි පිහිටි කැරලිකාර මුලස්ථාන වලට පහර දෙන සිද්ධියකින්. නමුත් කැරලිකරුවන් පැන ගන්නවා. අධිරාජයා විසින් Darth Vaderට පවසනවා Luke විශාල තර්ජනයක් වී ඇති බවත් ඔහු ජේඩායි වරයකු වීම නුසුදුසු බවත්. එවිට Darth Vader පවසන්නේ Lukeවත් බලයේ අදුරු පැත්තට හරවා ගත හැකි බවය.

Darth Vader ගොස් Cloud Cityහි පාලක මණ්ඩලයත් සමග ගනුදෙනුවක් කතිකා කොට ගන්නේ Lukeව උගුලකට හසු කර ගැනීමටය.

එම උගුලට රැවටෙන Luke, Cloud City වෙත පැමිණ Darth Vader සමඟ ද්වන්ධ සටනකට එක වේ. මෙම සටනේදී  Lukeගේ අතක් නැති වේ.

සටනේදී පරාජය වෙන Luke හට Darth Vader පවසන්නේ Luke තමාගේ පුතා බවත්, ඔවුන් දෙදෙනාට එක්වී මෙම විශ්වය පියා හා පුතු ලෙස එක්වී පාලනය කල හැකි බවත්ය.

නමුත් බලයේ අදුරු පැත්තට එක්වීමට අකමැති Luke එතනින් බේරී පලා යයි.

Return of the Jedi (1983) – Star Wars EpisodeVI

217888-Darth_Vader-Star_Wars-Adobe_Photoshop-736x459පෙර Death Starහි විනාශයත් සමග අධිරාජයා විසින් නැවතත් Death Starවක් නිර්මාණය කරනවා.මෙහි වැඩ බැලීමට Darth Vader හා අධිරාජයා දෙදෙනාම පෞද්ගලිකව සම්බන්ධ වෙනවා. මෙහිදී අධිරාජයා පවසන්නේ ගියවර නොහැකි වූ කාර්‍යය මෙවර දෙදෙනාම එකතු වී සිදු කල යුතු බවය. එනම් Lukeව බලයේ අදුරු පැත්තට හරවා ගැනීමයි. මෙයට Darth Vader කැමති වෙන අතර සිනමාපටයේ අවසන් භාගයේ Luke ස්ව කැමැත්තෙන්ම අධිරාජයාගේ සෙබළුන්ට භාර වී Darth Vader හා අධුරාජයා හමු වීමට යයි. Darth Vader හා Luke අතර සිදුවන ද්වන්ධ සටනේදී Darth Vader පවසන්නේ Lukeට නිවුන් සොහොයුරියක් සිටින අතර ඇය Leia කුමරිය බවය.  මෙම සටනේදී Darth Vaderගේ රොබෝ අතක් අහිමි කරමින් ඔහුට පරාජ හිමිවේ. ඉන්පසු අධිරාජයා පවසන්නේ Darth Vaderව මරා දමා බලයෙ අදුරු පැත්තට එක්වන ලෙසය. නමුත් එයට එරෙහි වන Lukeට සිදුවන්නේ අධිරාජයාගේ බල විදුලියට හසුවෙන්නය. මෙහිදී වේදනාව දරාගත නොහැකිව Luke විසින් පියාගෙන් උදව් ඉල්ලයි. එවිට පුතාගේ ඉල්ලීමට අනුකම්පා වී Darth Vader විසින් අධිරාජයාව විනාශ කර දමයි. නමුත් එහිදී Darth Vaderටද තුවාල සිදුවේ. අවසන් මොහොතේ Darth Vader විසින් ඉල්ලා සිටින්නේ ඔහුගේ මුහුණු ආවරණය ඉවත් කරන ලෙසය. ඒ අවසන් වරට තමන්ගේ පුත්‍රයාගේ මුහුණ තමන්ගේම දෑස් වලින් බලා ගන්නටය. එසේ බලා සිටියදීම  Lukeගේ දෑත් මත Anakin නොහොත් Darth Vader අවසන් හුස්ම හෙලයි. ඉන්පසු Luke විසින් තම පියාගේ දේහය චිතකයක දවාලයි. අවසන් මොහොතේ Luke හට දකින්න ලැබෙන්නේ තම පියා, Anakin නොහොත් Darth Vader ගේ ආත්මය Obi-Wan Kenobiගේ හා මාස්ටර් Yodaගේ ආත්මයන් සමඟ තමා දෙස බලා සිටින අයුරුය.


විද්‍යත්මාධ්‍ය සම්ප්‍රාප්තිය

රූපවාහිනී

Star Wars: Rebels

චිත්‍රපට

A New Hope   (1977)

The Empire Strikes Back (1980)

Return of the Jedi  (1983)

The Phantom Menace  (1999)

Attack of the Clones  (2002)

Revenge of the Sith   (2005)

Rogue One: A Star Wars Story (2017 වසරේ තිරගත් වීමට නියමිතයි)

Star Wars: The Clone Wars 2008 – Animation

වීඩියෝ ක්රීඩා

 Star Wars: The Force Unleashed (2008)

 Star Wars: The Force Unleashed II

 Lego Star Wars: The Video Game

 Lego Star Wars II: The Original Trilogy

 Lego Star Wars: The Complete Saga

 Soulcalibur IV

 Star Wars: Battlefront II

 Star Wars: Empire at War

 Star Wars: Empire at War: Forces of Corruption

 Star Wars Commander

 Star Wars: Galactic Battlegrounds

 Star Wars Battlefront

 Star Wars Galaxies

 Star Wars: Battlefront

 (as an evil pig) is a non-playable character in Angry Birds Star Wars

 Playable character in Angry Birds Star Wars II.

 Vader’s helmet and mask appear as a selectable attire for created superstars in WWE SmackDown! Shut Your Mouth

 Anakin Skywalker is a playable character in the video games Star Wars: Battlefront II, Lego Star Wars: The Video Game, Lego Star Wars II: The Original Trilogy, Lego Star Wars: The Complete Saga, Star Wars: The Clone Wars – Lightsaber Duels, Star Wars: The Clone Wars – Jedi Alliance, Star Wars: The Clone Wars – Republic Heroes and is featured (as an Angry Bird) in Angry Birds Star Wars II.

කොමික්

Darth Vader

Star Wars comic

නවකතා

Star Wars: Lords of the Sith

(අන්තර්ජාලය ඇසුරිණි)

591d90මන් හිතනවා ඕගොල්ලෝ විනෝදයක් වගේම දැනුමක් ලබා ගන්න ඇති කියලා

මගේ කතා වල එකතු වෙන්න ඕන දේවල්, අයින් කරන්න ඕන දේවල් හා මගේ කතා ගැන තියෙන අදහස් උදහස් ගල් මුල් ඔක්කොම පහලින් ප්‍රකාශ   කරන්න.

තවත් දවසක හමුවෙමු “දුෂ්‍ටයා” “villain” කතාවක් සමග.

එතෙක් ඕගොල්ලොන්ට ජය වේවා !!!

  1. මම  Shereef Perera.
මා සමග සම්බන්ද වෙන්න
Shereef Perera (18 Posts)

මා සමග සම්බන්ද වෙන්න


Shereef Perera

මා සමග සම්බන්ද වෙන්න

shereef-perera has 18 posts and counting.See all posts by shereef-perera

2 thoughts on “Villain (දුෂ්ටයා) 16 | Darth Veder

  • September 8, 2016 at 5:59 PM
    Permalink

    බොහොම ස්තුතියි සහෝ ලිපියට. Star Wars: The Clone Wars 2008 movie එකට සබ් දෙනවද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *