M.S. Dhoni: The Untold Story (2016)- පුර්ව ප්‍රචාරක පටය

අවුරුදු ගණනක් ඉන්දියානු ක්‍රිකට කණ්ඩායමට නායකත්වය දෙමින් කඩුලු රකිනා අතරම කණ්ඩායමට අවශ්‍ය මොහොතේ අව[clear]ශ්‍ය ආකාරයේ පිති හරඹයක නිරතවන ක්‍රීඩකයෙක් තමා මහේන්ද්‍ර සිංග් දෝනි. ලෝක කුසලාන කිහිපයක් ඉන්දියාවට ලබාදීමට නායකත්වය ලබාදුන් එක්දහස් නවසිය අසු එකේ ජුලි මස හත්වැනිදා උපත ලද දෝනි එම 7 , 7 (ජුලි හත) හින්දාම අංක හත දරන කමිසය පැළඳගෙන ටෙස්ට් ලකණු 4876, එක්දින ලකුණු 8918 සහ ටි ටුවෙන්ටි ලකුණු 1112  ලබාගෙන ඇති  අතර කැමතිම පිති පහර ලෙස ලෝන් ඕන් කලාපය උඩින් එල්ල කරන හෙලිකොප්ටර් පහර ලෙස නම් දරන ඔහුටම අවේනික පහර හැඳින්විය හැක.

 maxresdefault

මේ මොකක්ද මේ. ඔයාල බලනවා ඇති මට පිස්සුද කියල. මොකද ලංකාවේ එකෙක් වෙලා ඉන්දියාවේ ක්‍රීඩකයෙක් ගැන විස්තර කරන එක, අනික මේ බයිස්කෝප් එකේ. වැඩිපුරම කොහොමත් ලංකාවේ අපිට කොලියයි,දොනියයි පෙන්න බැනේ. ඒත් යාලුවනේ බයිස්කෝප් එකට මේ ලිපිය ලියන්න හේතුවක් තියනවා. දෙදහස් දහසයේ සැප්තැම්බර් තිස් වන දින හින්දි චිත්‍රපටයක් තිරගතවෙන්න නියමිතයි MS. Dhoni: The Untold Storyනමින්. ඔව් ඒ චිත්‍රපටයේ කතාව තමා මේ අපි කවුරුත් හොඳින් දන්නා අපේ ආදරණිය සතුරා දෝනි ගේ ජිවිත කතාව.

මේ චිත්‍රපටයේ දෝනිගේ චරිතය රඟපාන්නේ කාලයක් රූපවාහිනියෙන් රඟපාන ලද Detective Byomkesh Bakshy (2015) චිත්‍රපටයෙත් ප්‍රධාන චරිතය රඟපාන ලද සුශාන්ත් සිංග් රාජ්පුත්. මිට අමතරව අනුපම් කෙර්, කයිරා අද්වානි මෙන්ම ඔයාලට දකණු ඉන්දියානු චිත්‍රපට වලින් වැඩිපුර මුණ ගැසෙන භූමිකා චවුලා මෙම චිත්‍රපටයේ සෙසු රඟපෑම් වල නිරත වෙනවා. වෙනස්ඩේ, ස්පෙෂල් 26, බේබි මෙන්ම අක්ශේ කුමාර් ගේ අළුත්ම චිත්‍රපටය වන රුස්තම් නිර්මාණය කරන ලද නිරාජ් පාන්ඩේ තමා මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ. ෆොක්ස් ස්ටාර් ස්ටුඩියෝ ආයතනය තමා මේ චිත්‍රපටයේ බෙදාහැරීම් කටයුතු කරන්නේ. බොක්ස් ඔෆිස් ඉන්දියා වෙබ් අඩවියට අනුව දෙදහස් දහසය වසරේ වැඩිම අදායම් බලාපොරොත්තුවෙන චිත්‍රපට කිහිපයෙන් එකක් තමා මේ M.S. Dhoni: The Untold Story චිත්‍රපටය.

ඉතින් අපි හොඳින් දන්නා චරිතයක නොදන්නා පැත්තක් පෙන්වන මේ සුවිශේෂ චිත්‍රපටය සැප්තැම්බර් තිස්වනදා සිට හින්දි චිත්‍රපට රසිකයන්ට බලන්න අවස්ථාව තියන අතර දෙමල, තෙලිඟු සහ තවත් බාසාවන් කිහිපයකට හඬකැවීමට නියමිතයි. එත් ඉතින් සිංහල අපිට හඬ නොකැවුවත් බයිස්කෝප් එකෙන් සිංහල උපසිරසි එක්ක ළඟදීම බලන්න පුළුවන් ඔන්න.

G.A.P. Ranathunga (45 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *