The 100 Season 4 – ඊළඟට මොකද වෙන්නෙ?

කොහොමද ඉතින් කට්ටියටම. ඔන්න මම ආයිත් The 100 කතා මාලාවෙ ඊළඟ කොටස ගැන අලුත් විස්තර ටිකක් අරගෙන ආවා. තෙවැනි කතාමාලාව ඉවරයක් වෙලා කට්ටිය බලාගෙන ඉන්නෙ ඊළඟ කතාමාලාව එනකල්නෙ. හැබැයි හතරවෙන කතාමාලාව විකාශය වෙන දිනයක් නම් CW නාළිකාව නිල වශයෙන් නිවේදනයක් කරලා නෑ. විශ්වාස කරන්නෙ ඊළඟ අවුරුද්දෙ මුල් මාස කීපය ඇතුලත හතරවැනි කතාමාලාවෙ ආරම්භයත් සිද්ධවෙයි කියලා තමයි. අන්තර්ජාලයේ පළ වෙලා තියෙන ගොඩක් කතන්දර එක්ක හතරවෙනි කතාමාලාව වෙන්නෙ කොහොමද කියලා දකින්න තියෙනවා. අපි පොඩ්ඩක් බලමු එහෙම නම් ඒ පළවෙන කතා මොනවද කියලා.

 images

තුන්වැනි කතාමාලාවෙදි ඇලී කිව්වදෙයක් තමයි ඉදිරියෙදි පෘථිවිය 96%ක්ම ජීවත් වීම සඳහා සුදුසු වෙන්නෙ නැහැයි කියලා. මේක ගොඩක් කට්ටියට ලොකු ප්‍රශ්ණයක් වුණා. මොකද, සමහරක් හිතුවෙ, ඒක බොරුවක් වෙන්න ඇති කියලා. ඒත්, කතාවෙ නිෂ්පාදකයා වෙන Jason Rothenberg කියන විදිහට නම්, ඒ කතාව ඇත්තක්. ඒ වගේම ඒක නවත්තන්න බැරි වෙන එකක් බවත් කියලා තියෙනවා.

ඉතින් ඒ විදිහට ලෝකෙ විනාශ වෙන බව දන්න හැමෝම දෙනා ඒකට ප්‍රතිචාර දක්වන්නෙ එක එක විදිහටලු. සමහරක් දෙනා තමන්ගෙ අන්තිම කාලෙ මේක වෙන බව හොඳටම දැනගෙන ජීවිතේ අන්තිම කාලෙ පාටි දාගෙන විනෝදෙන් ඉන්න අතරතුර තවත් සමහරක් දෙනා මේකෙන් ගැලවෙන්න ක්‍රමයක් හොයාගෙන සටනක නිරත වෙනවලු. 2012 ලෝක විනාශ එනවා කියලා දැනගෙනත්, අපේ කට්ටිය කළෙත් ඕකමනෙ.

 the-100-season-3-slice-600x200

අපේ වීරයා, මර්ෆි හාදයා නම් තමුන්ගෙ තත්වෙ රැකගෙන ඊළඟ කතාවෙත් ඒවිදිහටම ඉන්නවලු. තුන්වෙනි කතාමාලාවෙදි එයා එළ සටනක් දුන්නනේ නේද? මතකද කට්ටිකට මොන්ටියි හාපර් එහෙමයි? අලුත් ජෝඩුව? එයාලත් තමන්ගෙ සම්බන්ධකම තවදුරටත් හතරවෙනි කතාමාලාවෙදි ශක්තිමත් කරගන්නවා කියලා තමයි කියන්නෙ.

ආක් මධ්‍යස්ථානයෙන් ආපු අහස් ග්‍රෝත්‍රිකයො හැම කෙනෙක්ම වගේ එක්කො වෛද්‍යවරු, එක්කො කොම්පියුටර් කාරයො, එක්කො විද්‍යාඥයෝ. ඒත් ඔක්ටේවියා හැරෙන්න. ඔක්ටේවියාට ඕන කළේ සටන් බිම. ඒ එයා පොඩි කාළෙ ඉඳන්ම ලෝකය දිහා අමුතු විදිහකට බලපු නිසා වෙන්න ඇති. කොහොම වුණත් ඊළඟ කතාවෙදි තවත් එයාගෙ ප්‍රචන්ඩත්වය වර්ධනය කරගන්නව කියලා කියලා තියෙනවා.

ඊළඟට ක්ලාර්ක්.  ක්ලාර්ක් විදිහට රඟපාන Eliza Taylor තමුන්ගෙ චරිතෙ ගැන හුඟක් විස්තර ටිකක් එළිදරවු කරලා තියෙනවලු. එයානෙ හැමෝගෙම ගැලවුම්කාරයා වුණේ. හතරවෙනි කතාංගයේදි එයාට නායකත්වය පිළිබඳව වැඩි බරක් පැටෙවෙන්න ඉඩතියෙනවලු. එතකොටවත්, තමුන්ට දැනෙන වරදකාරී හැඟීම් ඔක්කොම ටික යටපත් කරගෙන, එක මතයක ඉන්න ස්ථාවරත්වයක් හදාගන්න ලොකු හයියක් වෙයි කියලා එයා කියලා තියෙනවලු. ඒත් අපි කවුරුවත් දන්නෙ නෑ ක්ලාර්ක් වෙනුවට කවුරු ප්‍රධාන චරිතයට එයිද කියලා.

තවත් සමහර තැන් වල කියලා තියෙන විදිහට ඊළඟ කතාව පොඩ්ඩක් විතර නව සම්බන්ධතා වලට ඉඩක් ලැබෙයි කියලා විශ්වාස කරනවලු. හරියට පොඩ්ඩක් විතර ආදරබර කතාවක් වගේ එකක්. බලන කට්ටිය හුඟක් ආසයිනෙ කතාවෙ රඟපාන කට්ටිය අලුත් සම්බන්ධකම් ඇති කරගන්නවා දකින්න. ඉතිං, ඒක එහෙම්මම සිද්ධ වෙයි. හැබැයි ඒක ක්ලාර්ක්ටනම් අදාළ වෙන එකක් නෑ. එයා කියලා තියෙන විදිහට, අලුත් සම්බන්ධකමක් ඒ විදිහට පටන්ගන්න නම් තමන් ආදරේ කරපු “ඇයව” අමතක කරන්න ලොකු කාළයක් ගන්න වෙයි කියලයි කියලා තියෙන්නෙ.

ඉතිං හතරවෙනි කතාව ගැන ඔයාලාට මොකද හිතෙන්නෙ? සුපිරියටම බලන්න සෙට් වෙන උද්‍යෝගිමත් එකක් වෙයිද?

යස්මික සෞභාග්‍ය (14 Posts)


2 thoughts on “The 100 Season 4 – ඊළඟට මොකද වෙන්නෙ?

  • September 2, 2016 at 11:07 PM
    Permalink

    waiting… 😀

  • August 31, 2016 at 7:02 PM
    Permalink

    Machan cojuring ana lipiyak liyapan ko

Leave a Reply

Your email address will not be published. Required fields are marked *