Sherlock තෙවන අදියර 2014 තෙක් පරක්කු වන ලකුණු.

BBC රූපවාහිනියේ අධික ජනප්‍රියතාවක් ලැබූ Sherlock කතා මාලාවේ දෙවන අදියර නිමා කල ආකාරය මත, තෙවන අදියර ගැන බොහෝ දෙනා බලාපොරොත්තු පල කළා. කතා මාලාවේ සහය නිර්මාපක Steven Moffat ද පහුගිය දවස් වල මේ ගින්නට පිදුරු දැම්මා කිව්වොත් නිවැරදියි.

ඉතා ඉක්මනින්ම දෙන බවට පොරොන්දු වුණත් දැන් වාර්තා වන ආකාරයට නළුවන්ගේ අධික කාර්යය බහුලතාවය මත තෙවන අදියට ලබන වසරේ අග දක්වා පසුපසට යා හැකි බවට කරුණු මතුවී අවසානයි. විශේෂයෙන්ම කතා මාලාවේ ප්‍රධාන නළුවන් තිදෙනා එනම් MoffatDoctor Who කතාමාලාව වෙනුවෙන්ද, CumberbatchStar Trek Into Darkness හී දුෂ්ට චරිතයක් හා සත්‍යකතාවක් මත පදනම් වූ Steven McQueen ගේ Twelve Years a Slave වෙනුවෙන්ද, FreemanHobbit වෙනුවෙන්ද අධික ලෙස කාර්යබහුල වී සිටිනවා.

2013 මාර්තු වන තෙක් නිෂ්පාදන කටයුතු කල්දමා තිබෙන අතර එමඟින් කියවෙන්නේ අවුරුද්ද අවසාන භාගය වනතෙක් විකාශ කටයුතු පමාවිය හැකි බවයි. නමුත් BBC ප්‍රධානීන්ට මෙය ඉක්මනින් ගෙන ඒමට අවශ්‍ය බවකුත් ආරංචියි. ඒ දැනට තිබෙන ජනප්‍රියත්වයෙන් වාසියක් ලබාගැනීම උදසායි. නමුත් මේ කාර්යබහුල කාලසටහන් අනුව දැනට නම් ඉක්මන් වන බවක් පෙනෙන්නේ නැති හැඩයි. එමනිසා රසිකයන්ට තවත් ටික කාලයක් බලා ඉදීමට අකමැත්තෙන් වුවත් සිදුවේවි. 🙁

රොයිලි (36 Posts)


7 thoughts on “Sherlock තෙවන අදියර 2014 තෙක් පරක්කු වන ලකුණු.

  • April 4, 2013 at 6:04 PM
    Permalink

    Aiyo thawa kal inna onada ehenam

  • December 7, 2012 at 7:37 PM
    Permalink

    anee…ayyoo..aimmehema uneee

  • December 4, 2012 at 2:26 PM
    Permalink

    aiyooooooooooooo………
    enakan balan hitiye……… shit.. thawath kalayak balan inna wei wage

  • December 4, 2012 at 8:53 AM
    Permalink

    hapoooo…… oka enakan balan hitiye…….
    thanx for the info…

  • December 3, 2012 at 12:32 PM
    Permalink

    apooooooooooooooooooooooooooooo
    mama balpu hodama kathawa…
    🙁
    (wisthra genawat sthuthi)

  • Pingback: My Homepage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *