Harry Potter චිත්‍රපට මාලාවේ Tom Felton මීළග Flash තෙවන කතාමාලාව තුලින්…

ලබන ඔක්තෝබරය වෙනකන් ඉවසිල්ලක් නැතිව වෙන්න ඕනේ කට්ටිය ඉන්නේ. කලින් මං ඇරෝ කතාමාලාවේ අළුත් ආරංචියක් ගෙනවනේ. මෙදා පොටේ නම් ගෙනාවේ CW නාලිකාවේ තවත් අළුත් ආරංචියක් අරගෙනයි. ඒ තමයි අපි ගොඩක් අය දන්න කියන Tom Felton එහෙමත් නැත්තම් “වැඩකට නැති කුණු ලේ” කියලා කියන හැරි පොටර් චිත්‍රපට මාලාවේ මැල්ෆෝයිව මීළග ෆ්ලෑෂ් කතාමාලාවේ රංගනයට දායක කරලා තියෙනවා. පෙර පරිදිම තවමත් කිසිම සදහනක් නෑ මොන වගේ චරිතයක්ද ඔහුට ලබා දීලා තියෙන්නේ කියලා. නමුත් ඔවුන් සදහන් කරලා තියෙනවා බෙීරි ඇලන් වගේ සෙන්ට්‍රල් සිටි පොලිස් දෙපාර්තමේන්තුවේ වැඩ කරන හොද සාමාන්‍ය කෙනෙක් කියලා. එහෙම කිව්වයි කියලා අපිට එක පාරටම තීරණය කරන්න අමාරුයි. මොකද මේ කතාමාලාවේ ගොඩක් මුලින් හොද මූණු පෙන්නපු අය තමයි
පස්සේ රාක්ෂයෝ වුණෙත්. එයා මොන වගේ කෙනෙක්ද කියලා බලාගන්න ලබන ඔක්තෝබර් මාසය වෙනකන් ඉවසන්න වෙනවා. තවත් තොරතුරු ලැබුනොත් දැනුවත් කිරීමක් කරන්නම්.!malflash-188383

චාමර සම්පත් (43 Posts)


One thought on “Harry Potter චිත්‍රපට මාලාවේ Tom Felton මීළග Flash තෙවන කතාමාලාව තුලින්…

  • August 20, 2016 at 3:02 PM
    Permalink

    Joe ge Partners la okkoma maruna Patty yanna giya… mn hithann joe ge partner kenek widiyata ei

Leave a Reply

Your email address will not be published. Required fields are marked *