The 100 Season 3 Review | අභියෝගයක් වන අභියෝගයට සූදානම් ව

ඔන්න අපි බලාගෙන උන්නු සුපිරි කතාවක තවත් කතා මාලාවක  තවත් සාර්ථක කොටසක අවසානයක් පහුගිය දවස් ටිකේ සිද්ධ වුණා. ඒ තමයි අපි ආසාවෙන් බලා උන්නු The 100 කතා මාලාවේ තුන්වැනි කොටස. මතක ඇති කට්ටියටම මම තුන්වෙනි කොටස පටන්ගන්න කළිනුත් පොඩි ලිපියක් මංසලේ පළ කළා. බැලුවෙ නැති කට්ටිය ඉන්නවා නම් මෙන්න මෙතනින්.


හොඳයි, ඔන්න ඉතින් වෙනදා වගේම මේ සැරේ කතාවත් සිද්ධ වුණේ කවුරුත් නොහිතපු විදිහට.

ඒ කියන්නෙ දැඩි තීරණ, බලාපොරාත්තු සහ උතුම් මනුශ්‍යත්වීය ගුණාංග තවදුරටත් පසක් කරමිනු යි. තුන්වෙනි කොටසෙදි මුල් තැනක් ලැබිච්ච කෘතීම බුද්ධියට සම්බන්ධ A.L.I.E ගෙන් තමයි මු‍ළු කතාවම සමන්විත වෙලා තිබුණෙ. අපි කතා වුණානෙ ඒක එහෙමම වෙයි කියලත්. ඒ වගේම, කතාව මීට වඩා වෙනත්ම පැත්තකට යන්න පුළුවන් විදිහටයි ඉවර වෙන්නෙත්. CW නාළිකාව දැනට මේකෙ හතරවැනි කොටසත් විකාශය කරන්න කටයුතු කරන බවට තහවුරු කරලයි තියෙන්නෙ. ආරංචිවල හැටියට, අගෝස්තු වල රූගත කිරීම් ආරම්භ වෙනවලු. ඉතිං හතරවැනි කොටසට නම් අපිට ලබන අවුරුද්දෙ (2017) අප්‍රේල් මාසය වෙනකල්වත් ඉවසන්න වෙනවා. ඉතිං කතාව බලාපොරොත්තු වෙනකම් අපි පහුගිය කතාමාලාවේ කොටස් වල තිබුණු විශේෂ දේවල් පිළිබඳව චුට්ටක් කතා කරමු. ලිපිය හුඟක් වැදගත් වෙයි හතරවෙනි කොටස බලන්න ඇඟිලි ගැන ගැන ඉන්න ඔය හැමෝටම.01 2014 Octomber (1) copyකතාව ගැන කියන්න ඉස්සරලා, අනිත් කතාමාලා වලට වඩා මම මේ කතාමාලාව තුළ දැකපු විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි, මනුෂ්‍යත්වය වෙනුවෙන් එකෙකුට එකෙකු පරයා ජීවිතයත්, මරණයත් අතර සටනක නිරත වීම. කතාව තුළ ජීවත් වන හැම චරිතයකටම තමන්ටම සුවිශේෂී වූ වගකීමක් ලබලා දීලා තියෙනවා. ඔවුන් හැම කෙනෙක්ම කටයුතු කළේ තමන්ගෙ ජීවිතය කැප කරමින් තමන්ගේම මිනිසුන් බේරාගැනීමට. කතාව ඇතුලෙන් අපිට ඒකට ගොඩක් උදාහරණ ගන්න පුළුවන්. අපි දන්නවා, අනිත් කොටස් වලත් වගේම තුන්වැනි කොටසෙත් තමන්ගේ මිනිස්සුන්ව බේරගන්න ඉතාමත්ම දැඩි තීරණයක් ගන්න සිද්ධ වුණා. අපි දන්නෙ නෑ ඒ තීරණය කොච්චර දුරට බුද්ධිමත් ද කියලා, ඒත් ක්ලාර්ක්ගෙ පැත්තෙන් ඇයට කරන්න පුළුවන් උපරිම දේ වුණේ ඒ තීරණෙ. දැක්කනෙ අනිත් කොටස් වගේ ක්ලාර්ක්, අතත්‍ය ලෝකයක උන්නත් එයාට ඒ තීරණේ ගන්න සිද්ධ වුණේ අනිත් කොටස් වලත් වගේම ලීවරයක් පහලට තල්ලු කරලා තියලා. වෙනදා වගේම ඇය මෙදත් හිරවුණේ උභතෝගෝටික ප්‍රශ්ණයක. ප්‍රතිඵලය තමයි තව මාස කිහිපයකින් ලෝකය විනාශ වීම. ඔන්න, දැන් පෘථිවියේ ජීවත් වෙන හැම කෙනෙක්ම එකට එකතු වෙලා විසඳන්න ඕන ප්‍රශ්ණයක් මතුවෙනවා. තව මාස කිහිපයකින් ස්කයිකෘෘ සංහතිය වගේම ග්‍රවුන්ඩර්ස් සංහතියම ලෝකයෙන් විනාශ වෙලා යාවි.01 2014 Octomber (1) copy

ඇත්තටම A.L.I.E  වැඩකළේ මිනිස්සුන්ගෙ යහපත උදෙසාම ද? බෙකා ප්‍රම්හේඩා ඇලී අදියර 1 නිර්මාණය කළේ මිනිසුන්ගේ ඉදිරි අනාගත සෞභාග්‍යයමත්, සශ්‍රීක කරන යතුරක් විදිහට. ඇය අවසානය දක්වා ක්‍රියාත්මක කළේ ඒ උපදෙස් මිනිස්සුන්ව යහපත කරා ගෙනියන්න ද කියන ගැටළුව බොහෝ දුරටත් ඔබටත් මතුවෙනවා ඇති. ක්ලාර්ක්ගෙ ප්‍රශ්ණය වුණේ මිනිස්සුව විනාශ කරලා, ඔවුන් හැඟීම් දැනීම් නැති ගන්ධබ්බයින් පිරිසක් බවට පත් කිරීම, මිනිසුන් යහපත කරා ගෙනයාම ද යන්නයි. නමුත් A.L.I.E පවසන්නෙ කුමක් ද? වසර ගණනකට පෙර පෘථිවිය විනාශ කරන්නට ඇදහලනු ලැබූ  බෝම්බ වලින් විනාශ වුණ න්‍යෂ්ටික බලාගාර හේතුවෙන් වායුගෝලය අධික ලෙස උණුසුම් වන්නට පටන් අරගෙන. වායුගෝලීය විකිරණ මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. ඇයගේ මූලික ගණනය කිරීම් වලට අනුකූලව තවත් මාස කිහිපයක් යන්නට මත්තෙන් පෘථිවි ජීවීන් සඳහා තවත් හිතකර වාසස්ථානයක් නොවනු ඇති. ඉතිං සියලුම මිනිසුන් සඳහා එකම විසඳුම වන්නේ ආලෝකයේ නඟරය බව ඇය තහවුරු කරනවා. නමුත්, කිසිදු බලාපොරොත්තුවක්, අරමුණක් නැති ඒ කාළකණ්නි ජීවිතය යථාර්තය තුළ ජීවත් වීම හා සමකළ හැකි ද? A.L.I.E ඇයගේ තාර්කික පරිකල්පණයට නොව, සවිඥ්ඥාවට ඉඩ ලබා දුනි නම්, ඇයගේ පිළිතුර එසේ නොවීමට ඉඩ තිබුණා. නමුත්, බෙකා නිර්මාණය කළේ කෘතීම බුද්ධියක් ඇති වැඩසටහනක් මිස 100%ක්ම සවිඥ්ඥානික මිනිසකු නොවේ. ඇයටත් වැඩ කරන්නට හැකි සීමාවක් තිබුණා.The-100-season-3-finale-Clarke-Alieමෙම අවස්ථාවේදි එක්වරම A.L.I.E අදියර 1ට, A.L.I.E  අදියර 2 ප්‍රශ්ණ නඟන්නේ Perverse Instantiation (සිංහල නමක් නම් කියන්න දන්නෙ නෑ) යන්න අර්ථ දක්වන ලෙසට. ඇත්තටම මොකද්ද මේ Perverse Instantiation කියන්නෙ? මේ ක්‍රියාවලිය කෘතීම බුද්ධි වැඩසටනකට අයත් දෙයක්. අපි උදාහරණයකට මෙහෙම ගනිමු, හිතන්න පරිගණක ක්‍රමලේඛකයකු මෘදුකාංගයක් නිර්මාණය කරන අවස්ථාවක් ගැන. ඔහු එම මෘදුකාංගය නිර්මාණය කරන්නට යෙදෙන්නෙ විශේෂිත අරමුණක් සාක්ෂාත් කරගැනීම සඳහා. එම මෘදුකාංගය පැත්තෙන් ගත්තොත්, මෘදුකාංගයට අදාළ අරමුණ සිදු කිරීමේදී අනෙක් සියළුම   දේවල් මෘදුකාංගය විසින් නොසලකා හරිනු ලබනවා. එම මෘදුකාංගයට අවශ්‍යය කරන්නෙ තමන්ගෙ අරමුණ කරා ළඟා වෙන එක විතරයි.

දැන් අපි සළකමු කෘතීම බුද්ධි වැඩසටහනක් පිළිබඳව, සාමාන්‍යයෙන් මිනිසකු විසින් කෘතීම බුද්ධි පද්ධතියක් නිර්මාණය කරන්නෙ මිනිසුන්ට කළ නොහැකි විශේෂ අරමුණක්, එම කෘතීම බුද්ධි  පද්ධතියෙන් ඉටු කරවා ගැනීම සඳහා. ඒ කියන්නෙ, ඒ පද්ධතියට මූලිකම අරමුණක් තිබිය යුතුයි මා වැඩකළ යුත්තේ මේ විශේෂ කාර්යය කිරීමට කියා.

අපි උදාහරණයකට මෙහෙම හිතමු. මම කෘතීම බුද්ධියකට කියනවා මිනිස්සු හිනස්සවන්න කියලා. කෘතීම බුද්ධිය මිනිස්සුන්ව හිනස්සවයි, ඒත් මම බලාපොරොත්තු වුණු විදිහට නෙවෙයි. කෘතීම බුද්ධි වැඩසටහන මිනිස්සුන්ගෙ හිනාව ලබා ගන්නෙ, මුහුණ ආසන්නයේ තියෙන මංශ පේෂීන් ඇදීමකට ලක්කරලා “බලෙන් ම” වෙන්න පුළුවන්. ඒත්, මොකද්ද ඇත්තටම මම බලාපොරොත්තු වුණු විදිහ? ඔව්, මිනිස්සු හිනාවෙන්න ඕන ඒ විදිහට නෙවෙයි. ඔවුගෙන් නිර්ව්‍යාජී හිනාවක් ගන්න පුළුවන් ඔවුන්ව අධ්‍යාත්මික වශයෙන් සතුටු කරලා. අන්න ඒ, නිර්ව්‍යාජී හිනාවයි මට උවමනා කළේ. එතකොට දැන් ඔබට පෙනී යන්න පුළුවන්, කෘතීම බුද්ධි වැඩසටහනක් කොහොමද තමන්ගෙ අරමුණ ඉටුකරගන්නෙ කියන එක පිළිබඳව. (මේක ගැන කතා කරන්න ගොඩක් තිබුණත් ලිපිය දිග වැඩි වෙන හින්දා වැඩිය ලියන්න යන්නෙ නෑ)the-100-s3e14-red-sky-in-the-morning-trailerඑහෙනම් අපි A.L.I.E ව උදාහරණෙට ගනිමු දැන්. බෙකා ඇයව ක්‍රමලේඛණය කරල තියෙන්නෙත් විශේෂ අරමුණක් යටතේ. ඒ අපි කලින් කතා කළා වගේ මිනිසුන් සඳහා සෞභාග්‍යයමත් අනාගතක් ගොඩනැංවීම හා ජනගහන වර්ධනය සීමා කිරීම. ඒත් ඇය මේ අරමුණ කරා ළඟා වෙන්නෙ, ලෝකයට න්‍යෂ්ටික අවි දියත් කිරීමෙන් වගේම මිනිසුන්ගෙ මතකය සදාකාලිකව අහිමි කර දෙමින් (ආලෝකයේ නඟරයේදී). ඒකනෙ බෙකා ප්‍රම්හේඩා පිළිතුරු දෙන්නෙ “අරමුණ ගැනම විතරක් නෙවෙයි, ඒකට ළඟා වෙන්න කරන දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න ඕනා” කියලා. බෙකා කණගාටුවට පත් වෙනවා, ඇය වැඩසටහන නිර්මාණයේදී ඇයට මඟහැරුණු දේවල් පිළිබඳව.

අපි හැමකෙනෙක්ම දන්නවා, තුන්වෙනි කොටසෙදි, ඇලී තම අරමුණ ලඟා කරගන්න නොකළ දෙයක් නෑ. හැම මිනිහෙක්ම චිපගත කරලා ඇලී ඔවුන්ව පාලනය කළා. දෙවෙනි කොටසෙදි අධ්‍යාත්මිකව වැටිලා උන්නු තෙලෝනියස්ව ඉතා පහසුවෙන්ම නම්මාගන්නා හැටිත් අපි දෙවෙනි කොටස අවසාන හරියෙදි දැක්කනේ. ඇලී නිර්මාණය කළ ආලෝකයේ නගරය රූපවාහිනී කතා මාලාවකින් බැහැරව හිතද්දි නම්, අපිට ගොඩක් ප්‍රශ්ණකාරී තැන් මතුවෙයි. ඒ වගේම, රේවන් විසින් ඇලීගේ ඒ අතත්‍ය පද්ධතියට ඇතුළු වීම, Kill switch එක සොයා ගැනීම, ක්ලාර්ක් එම පද්ධතියට ඇතුළු වීම සහ ලෙක්සා එම පද්ධතිය තුළ සිට ආදී දේවල් චුට්ටක් අපි බැහැරට වෙන්න හිතමු. සමහර විට කතාව නිර්මාණය කරපු අයත් ඒ පිළිබඳව අපි කරන ප්‍රශ්ණකිරීම් බලාපොරොත්තු වෙනවා වෙන්න පුළුවන්.01 2014 Octomber (1) copy

හරි, එතකොට තුන්වෙනි කතාව ඇතුළත සිද්ධ වෙච්ච වැදගත් දේවල් හුඟක් තිබුණා. හිමිවීම් වලට වඩා අහිමිවීම් වලටයි ඒවලින් මුල් තැන ලැබුණේ. කතා මාලාව පුරාවටම ලොකු කොටසක් නියෝජනය කරපු ප්‍රධාන කිහිපයක්ම කතාවෙන් ඉවත් වුණා. දන්නවා ඇතිනෙ, ට්‍රීකෘෘ වල ලින්කන්ට වගේම ලෙක්සාටත්, පයික්ටත් හිමිවුණේ මරණය. ලෙක්සාගෙ මරණය ක්ලාර්ක්ට තවත් දරාගන්න බැරි අහිමිවීමක් එක්කළා කිව්වොත් මම නිවැරදියි. ඒවගේම පයික් ගැන නුහුරටම කතා කිරීම වගේම ඔහු ගැන හොඳ ගුණාංග ගැන සිහිපත් කිරීමත් වැදගත්. ඔහු තමන්ගෙ ගෝලයින්ට අන්තිම මිනිත්තුවෙ පවා ඉගැන්නුවෙ ඉන්න තැන ආරක්ෂාකාරීව ඉන්න හැම දෙයක්ම කරන්න, තමන්ගෙ ආරක්ෂාව රැකගන්න ඕන ම දෙයක් කරන්න යන අවවාදය. පයික්ගෙ ක්‍රියාකලාපය පිළිබඳව විවේචන කරන්නට සිදු වුණත් ඔහු අන්තිමේදි පවා කළේ තමන්ගෙ ජනයා රැකගැනීම සඳහා කළ යුතු උපරිම දේ පිළිබඳවයි.

ඒ වගේම මර්ෆි ගැනත් කතා නොකරම බෑ. අන්තිම කොටස් කිහිපයේම ක්ලර්ක්ට මර්ෆිගෙන් ලැබුණු උදව් ගැන කියන්න වචන නැති තරම්. ක්ලාර්ක් ආලෝකයේ නඟරයට පිවිසෙන අවස්ථාවේදි ඔන්ටාරිගෙ හදවතේ රුධිරය පාරවිලයන කිරීමේ භාරදූර්යය කාර්යය පැවරුණෙත් මර්ෆිට. ඒවගේමයි ක්ලාර්ක්ට රේවන්ගෙන් ලැබුණු සහයෝගය. Kill switch එක සොයාගැනීම සඳහා ඇයගේ විශිෂ්ඨ දැනුම භාවිතා කරමින් යුහුසුළුව නියැළුණා.01 2014 Octomber (1) copyකතාමාලාවේ හතරවෙනි අදියර ගැන නම් අපිට දැන්ම හරි හැටි කියන්න බෑ. ඒක් එක දෙයක් ස්ථීරයි. ඒ තමයි, තවත් කෘතීම බුද්ධියේ කොටසක් කතාවට ඇතුලත් නොවේවි. පෙර කතාංග වගේ මීළඟ කතාව මීටත් වඩා වෙනස්ම පැත්තකට යාමේ සම්භාවිතාව ඉතාමත්ම වැඩියි. කවුද දන්නෙ මීළඟට මොන මොන දේවල් සිද්ධ වෙයිද කියලා. හැබැයි ඒ දැනගන්න හැමදෙයක් ගැනම මංසලෙන් ඔයාලව දැනුවත් කරන්න සූදානම්. කතාව ආරම්භ වෙනකම්, අපි තවත් අලුත් තොරතුරු ගැන ඒ විදිහට දැනුවත් වෙමු. එතකල් මම නවතින්නම්. සැමට ජය!

යස්මික සෞභාග්‍ය (14 Posts)


One thought on “The 100 Season 3 Review | අභියෝගයක් වන අභියෝගයට සූදානම් ව

  • June 30, 2016 at 8:50 PM
    Permalink

    Pattai machan…
    mama asama TV series ekak thamai The 100 kiyanne.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *