Ubisoft ලගේ Tom Clancy’s Splinter Cell : Sam Fisher ගේ චරිතයට Tom Hardy ව තෝරා ගනී.

කවුද නොදන්නේ Ubisoft ලගේ Tom Clancy’s Splinter Cell ගේම් එක ගැන. ඒක අනුසාරයෙන් චිත්‍රපටියක් නිපදවෙන්න යනවලු. මේ ඇවිල්ලා මේ සමාගමේ ගේම් ගැන නිපදවෙන දෙවන චිත්‍රපටයයි. පළවෙනි එක තමා Assassin’s Creed චිත්‍රපටය. ඉතින් මේ දෙවන චිත්‍රපටයේ තිර රචනය The International චිත්‍රපටයේ තිරරචක Eric Warren Singer හට තමා බාරවෙලා තියෙන්නේ.

Echelon කියන කල්පිත විශේෂ බලකායකට අයත් දක්ෂ සොල්දාදුවෙක් විදියට තමා ගේම් එකේදී Sam Fisher ව දැක්වෙන්නේ. ඉතින් මේ චරිතය සඳහා විවිධ චරිත රඟපෑමට වර්තමානයේ සිටින උපන් හපන්කම් දක්වන නළුවෙකු වන Tom Hardy ව තෝරගෙන තියෙනවා. Inception චිත්‍රපටයේ කැපී පෙනන රංගනයක නිරත වන ඔහු මේ ලඟදී රඟපාපු චරිතයක් විදියට The Dark Knight Rises හී බේන් ගේ චරිතය දැක්විය හැකියි.

Tom Hardy කියන්නේ දැනට චිත්‍රපට ක්ෂේත්‍රයේ සිටිනා දැවැන්ත තලෙන්තුවක් මෙන්ම සංකීර්ණ හා විවිධාකාර චරිත වලට, ඔහුගේ පෘථුල රංගන හැකියාවෙන් පණ පෙවීමට ආශ්චර්යවත් හැකියාවක් දක්වන කෙනක් බව Ubisoft Motion Pictures හී ප්‍රධාන විධායක අධ්‍යක්ෂක, Jean-Julien Baronnet පවසනවා. තිරරචක Eric Singer බොහොම හොඳ පිවිසුමක් ලබාදෙනු ඇති බවට ඔවුන් විශ්වාසය පලකරනවා.

කෙසේ වුවත් චිත්‍රපට ලෝලියො මෙන්ම ක්‍රිඩා ලෝලියෝද Tom Hardy ගේ සම්බන්ධවීම සාදරයෙන් පිලිගන්නා බව තමා ආරංචිය තියෙන්නේ. බලමුකෝ චිත්‍රපටිය ආපුවහම නේද?

රොයිලි (36 Posts)


2 thoughts on “Ubisoft ලගේ Tom Clancy’s Splinter Cell : Sam Fisher ගේ චරිතයට Tom Hardy ව තෝරා ගනී.

  • December 5, 2012 at 7:40 PM
    Permalink

    ගේම් එක වගේම ෆිලිම් එකත් නියමෙට තියෙයි. Assasin Creed ෆිල්ම් එකත් මරුවට තිබ්බා…

  • December 3, 2012 at 11:02 AM
    Permalink

    Good post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *