සිනමාත්මක පෙරසලකුනු ඔස්සේ ගේම් ඔෆ් ත්‍රෝන්හි නැවත කියවීම – 08

Game of Throne Season 6 Episode 09 බලා නොමැති අය නොකියවා සිටින්න.
.


ලබන සතියේ සහ ඉන් ඉදිරියට සිදුවීමට හැකි බොහෝ අනපේක්ෂිත දේ වෙතත්, මේ සතිය නම් Game of Throne ප්‍රේක්ෂකයන් ඉතා සතුටින් පසුවන, ජයග්‍රාහි සතියක් බව නිරනුමානයි. එහෙත් දැන් අප අද කොටසේ බොහෝ දේවල් කතා කළ යුතුව තිබෙනවා. අවසානය ආසන්නයම පැමිණ ඇති Game of Throne 6 වන පරිච්ඡේදය ජූනි 27 වන දා අවසන් වෙනවා. (හරි හරි මෙයා. එහෙට 26 තමයි ඒ වුණාට ලංකාවට එන්නෙ 27 උදේ 8.30 ට නෙ.)
කොහොම වුණත් ප්‍රේක්ෂක බලාපොරොත්තු චුට්ටක් සලිත කරමින් එදා නවත්තපු තැනින්ම තමයි නාට්‍ය ආරම්භ වන්නේ.. ඉතා කෙටි වේලාවකින් සිදු කළ සටනක් වුණත්, එහි අපූර්වයේ මහිමය කියා නිම කළ නොහැකියි. ඒත් මකරා පිට නැග‍ී ගිය ඩැනේරිස් ට වඩා මට මේ ජවනිකාවේ ටිරියන් ගේ රාජතාන්ත්‍රික භාවයේ ඇති ශක්තිය පිළිබඳව විශාල ප්‍රමෝදයක් තියෙනවා. ඩැනේරිස්ගේ අරමුණ තියෙන්නෙ සිංහාසනයට. ඇය එය ලබා ගනී. එහෙත් හොඳ සටන්කරුවෙක් හොඳ පාලකයෙක් වේවිද? ඩැනේරිස් පාලනයේ අදක්ෂයි. ඇය මිනිස්සු නම්මා ගන්නේ වෙනත් ක්‍රම වලින්. එය සැම විටම සාර්ථක වන්නේ නැහැ. ඇයට සැමවිටම ටිරියන්ගේ උපදෙස් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීමෙන් මීට වඩා යහපතක් අත්වේ යැයි මා විශ්වාස කරනවා. ඇය දැනට ආරක්ෂිතයි.maxresdefaultjඑහෙත් යාරා ඉතා වේගයෙන් ඩැනේරිස්ව ආක්‍රමණය කරනවා. ඇයි මම එහෙම කියන්නේ? දැනට වුණත් කිරුළේ තීන්දු වලදී ඩාරියෝ නහාරිස්ට ඇත්තේ විශාල බලයක්. ඔහුට පුළුවන් ඈ ලවා යමක් කරවන්න. එය යාරාගේ අතට යාම ඊළඟ කතාමාලාවේ ආරම්භක කොටස් කිහිපයේදීම ඔබට දැක ගන්නට පුළුවන් වෙයි කියලා මම හිතනවා. ලෝකය සමලිංගිකත්වය කාරණා කෙරේ දක්වන යහපත් අවධානයත් එක්ක දැන් දැන් හැම නාට්‍යකම බරපතල චරිත වලට එය ඔබා සාමාන්‍යකරණය කිරීමට කලාත්මක උත්සහයක් නිරන්තරයෙන් ගන්නවා. අන්න ඒ හින්දාමයි. අපිට එය එහෙම වීමට තියෙන ඉඩ වල ස්ථිරත්වය සත්‍යාපනය කරන්න පුළුවන් වෙන්නෙ.maxresdefaultj

දැන් අපි යමු පුල පුලා හිටි වින්ටර්ෆේල් දිහාවට. රිකොන් මිය යන බවත්, සන්සා ජෝන්ගේ ශක්‍යතාව අවිශ්වාස කරන බවත් අපට සන්සා ජෝන් සමඟ කළ කතාවෙන්ම අනුමාන කිරීමේ හැකියාව ලැබුණා.එහෙත් ඇත්තටම ජෝන් ගේ ජයග්‍රහණය සිදුවුණේ රිකොන් ගේ මරණය සිදුවූ මොහොතේ දි යි. දැනට පෙනෙන්නට පවතින එකම උරුමක්කාරයා ජෝන් පමණි.h බ්‍රැන් පැමිණියද ඔහුත් අබ්බගාත බැවින් ඔහුට උරුමය රැගෙන යාම ගැන සැකයක් ඇත. ජෝන් ටාගේරියන් වරයෙක් ලෙස තවමත් ඔප්පු වී නැති නිසා ඔහුට ස්ටාර්ක් වංශයේ තවමත් සිටිය හැක.කෙසේ නමුත් කතාවේ උච්ඡය වන අවසන් මොහොතේ සහයට පීටර් බේලිෂ් ගේ පැමිණීම අපට බ්ලැක් වෝටර් බේ නිග්‍රහය සිහිපත් කිරීමට සමත් වුවත්, ජෝන් පා ගමනින් වින්ටර්ෆේල් බලා අසුන් පසුපස ලුහුබැඳීම එම නිග්‍රහය සහමුලින් ප්‍රණාමයක් බවට පරිවර්තනය කරනවා. ඇයි ඔහු අශ්වයෙක් නැතිව ඇතුළු වුණේ? ඔහු වින්ටර් ෆෙල් වලින් ගෙන ගියේ දේවල් දෙකයි. එකක් බ්ලැක් නෙක ගොෂ්ට්. සටන මැද බ්ලැක් මිය ගියා. ගෝෂ්ට් කාස්ල් බ්ලැක් හී සිටිනවා. මෙයින් නිරූපණය වන යමක් තියෙනවා. එකක් ජෝන් කාසල් බ්ලැක් අතහැර නෑ. දෙවැන්න ජෝන් සිය වෘකයා අනතුරකට හෙලන්නෙ නෑ.. ඔහු ඌව කඳවුරටවත් ගෙනාවෙ නෑ. අනික් හැමෝම තමන්ට පෙර වෘකයා අනතුරට හෙළුවා. ආර්යා පවා. නයිමේරියා කොහෙන් හෝ හමු නොවුණොත් දැනට ඇති එකම ජීවත් වන වෘකයා ගොෂ්ට් පමණයි.big_thumb_a8ec97e64d9ffad94f6ff7db98c661a8

ජෝන් සිය ග්‍රහණයට රැම්සිව යටත් කරගත් මොහොතේ සන්සා ජෝන්ගේ වීරත්වයත්, ප්‍රබලත්වයත් ගැන විශ්වාස තියෙනවා. ඒ නිසා ඇයට ඒ මොහොතේ පීටර් බේලිෂ්ව සුවිසල් මිනිසෙක් ලෙස පෙනෙන්නෙ නෑ. එහෙත් ඉදිරියට එහෙම වෙයි කියලා හිතන්න අමාරුයි. වින්ටර්ෆෙල් වලට ඉහළින් කුරුල්ලෙක් පියඹා එන දර්ශනයෙන් අර්ථ දක්වන්නේ පීටර් බේයිලිෂ්ව. සන්සාගෙන් සැමවිටම විශ්වාසය ජෝන් පතන්නේ මේ කරුණ පෙරදැරිවයි.game_of_thrones_s06e09_jon_snow

සටන අවසානය වනතෙක් මෑන්ස් හිටියත්, ඔහු අවසන් මොහොතේ හැර දමා පලා යන්නට සැරසෙනවා. ඔවුන් එය කළේ අවස්ථාවාදී බව නිසා නොව බිය නිසා කියා පෙන්වන්න සාධක තිබෙනවා.කොහොම වුණත් මේ වෙද්දි වින්ටර්ෆෙල් වල උතුරට මතක සියෙන ස්ටාර්ක් කොඩිය ලෙළ දෙනවා.hරැම්සිගේ මරණය සිතූ පරිද්දෙන්ම සිදු වුණා. ඇත්තටම ජොෆ්රිට වැනි ඉක්මන් මරණයක් නොදී ප්‍රේක්ෂකයා සතුටු කිරීමට අධ්‍යක්ෂවරු සිතුවා.. තිර පිටපත් රචකයා ලේඛකයන්ට වඩා ප්‍රේක්ෂකයා ගැන හිතන මානව කොට්බඨාසයක් බව මේ එපියෙන් පැහැදිළියි. කොහොම වුණත් කරදර කාලච්ඡේදයක් අත ළඟ බව පෙනෙන්න තියෙනවා. දැනටමත් ශීත සෘතුව ඇවිත්ද කියලයි සැක.h

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

නෙරංජි සුලක්ඛනා (33 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


නෙරංජි සුලක්ඛනා

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

neranji has 33 posts and counting.See all posts by neranji

8 thoughts on “සිනමාත්මක පෙරසලකුනු ඔස්සේ ගේම් ඔෆ් ත්‍රෝන්හි නැවත කියවීම – 08

  • June 23, 2016 at 8:49 PM
    Permalink

    great

  • June 23, 2016 at 12:37 AM
    Permalink

    Maxxa. Thanks.

  • June 22, 2016 at 11:39 PM
    Permalink

    පට්ටායි අක්කා.දිගටම දෙමු.

  • June 21, 2016 at 6:52 PM
    Permalink

    අම්මෝ නියම ලිපියක් අක්කෝ…පට්ට දිගටම් කරමු….

  • June 21, 2016 at 11:10 AM
    Permalink

    ස්තුතී …සහෝදරි… පහදා දීම පිලිබඳ මගෙන් තුති මල් මිටක් ඔබට …දිගටම කරගෙන යමු

  • June 21, 2016 at 10:47 AM
    Permalink

    Thank you very much….

  • June 21, 2016 at 7:32 AM
    Permalink

    නියමයි අක්කේ.
    ලිපියට ස්තූතියි.
    ජයෙන් ජයම වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *