සිනමාත්මක පෙරසලකුනු ඔස්සේ ගේම් ඔෆ් ත්‍රෝන්හි නැවත කියවීම – 07

තව කතාංග දෙකකින් Game of Throne හය වන කතා මාලාව අවසන් වෙනවා. හත් වන කතා මාලාව දකින්න තවත් මාස දහයක් පමණ බලා ඉන්නටත් සිදුවෙනවා. ඉතිං ඒ නිසාම මේ සති දෙක ඉතාම වි‍ශේෂයි. ඇත්තටම අද සංකේත කියවන්න බලාපොරොත්තුවක් නැති තරම්. අනාවැකි ටිකක් පළකිරීමයි අරමුණ. මේ අනාවැකි බොහෝමයක් දැනටමත් ප්‍රසිද්ධ ඒවා. ඒත් අනාවැකි වලට හේතු භූත වෙන කරුණු කාරණා ගැන අපි යම් තේරුමක් ඇතිව ඉන්න ඕනෙ. ඉන් පළමු වැන්න තමයි,

1. සර්සි සිය බාල සහෝදරයෙකු අතින් මිය යෑමට නියමිතයි.
මේ අනාවැකිය සම්බන්ධව ටෙලි කතා මාලාව විතරක් බලපු අයට අවබෝධයක් නැතිව ඇති. ඔබට මතක ඇති පස් වන කතා මාලා වේ දී සර්සි සිය මිතුරියක් එක්ක මායාකාරියකගේ කූඩාරමකට යනවා. එහිදී ඇයට දැන ගන්න ලැබෙනවා. ඇය කුමාරයෙක් නොබදීන බව. හැබැයි රජෙක් බඳින බව. ඒ වගේම රජුට දරුවන් විස්සක් සහ ඇයට දරුවන් තිදෙනෙක් ලැබෙන බව. ඔවුන් කිරුළු පළඳින බව. එහෙත් මිය යන බව. ඒ වගේම ඇයට වඩා වයසින් අඩු, සුන්දර රැජිණක් නිසා ඇයව පහතට වැටෙන බව. මේ මායා කාරීය තව ඉතාම වැදගත් ප්‍රකාශයක් කරනවා. එහෙත් එය අපි ටෙලි කතා මාලාවෙදි තවම දැක්කෙ නෑ. එහෙත් සැමවිටම සර්සි එය හිතේ තියාගෙන වැඩ කළ බවක් නම් අපට පෙනෙනවා. ඒ තමයි. ““And when your tears have drowned you, the valonqar shall wrap his hands about your pale white throat and choke the life from you.”මෙහිදී ‍උසස් වැලේරියන් බසින් The Valonqar ලෙස හඳුන්වන්නෙ සුළු සහෝදරයා යන්න යි. බොහෝ විට ටිරියන් සමඟ සර්සිට මේ තරමට ඇති තරහට හේතුව එම අනාවැකිය වන්නටත් හැකියි. අනෙක් අනාවැකි සත්‍ය වන විට ඇයට මෙම අනාවැකිය ගැන බියක් තිබෙන්නටම අවශ්‍යයි. එහෙත් මේ සුළු සහෝදරයා ටිරියන් ම වේවිද යන්න පමණක් සැක සහිතයි. මේ ජේමි ලැනිස්ටර් වන්නටත් සියයට පනහක සම්භාවිතාවක් ඇති බව අප මතක නොකළ යුතුයි. ඉතා විශාල ආදරය විසින් සිය ආදරය කරන මිනිසුන්වම සියතින් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඝාතනය වූ අවස්ථා ඉතිහාසයේ ඇත. දැන් ද්වන්ධ සටනකින් දෙන තීරණය පසෙක ලා ටෝමන් නඩු මඟට බැසීමට තීරණය කිරීමෙන් සර්සි ගේ කර මුලටම හිර වී ඇත. අය පරාද වුවහොත්..එතැන් සිට වෙන සියල්ල අනපේක්ෂිතය. සමහර විට වද දී, කස හා පිරි පාර කා දරුණු ලෙස මිය යන්නට නොදී ජේමී අවසන් මොහොතේ සිය සොයුරිය වැඩි ආදරය උදෙසා එක වර මරා දමන්නට වුවද හැකියාව ඇත. නැතහොත් ටිරියන් පැමිණ එය කරන්නට ඉඩ ඇත. කෙසේ වෙතත් ඊට මොහොතකට පෙර හෝ ටෝමන් මිය යා යුතුය. රාජ්‍යත්වය මුව හම් පෙරවා ගත් සිංහයන්ට අහිමි විය යුතුය. අන්න ඒ ආස්ථානය තමයි සර්සි ව කඳුලේ ගිල්ලන්නෙ. දරු දුක හා බල ලෝබය ඇයව අගාධයටම දමන ප්‍රධාන සාධක දෙකක් බව අපි කතා මාලාව බලලාම දන්නවා..Sabse-Bada-Khiladi-1995

2. මීරා රීඩ් සහ ජෝන් ස්නෝ නිවුන්නුද?
මේක Fantastic ගණයේ තියරියකි. එහෙත් එය සත්‍යාපනය කර ගැනීමට කරුණුද පවතී. පළමුවන්න ඔවුන් දෙදෙනාම සමාන රූප වලින් සහ කොණ්ඩ වලින් යුතු වීම. ගේම් ඔෆ් ත්‍රෝන් කතා මාලාවේ කොණ්ඩ වලට සුවිශේෂි තැනක් හිමිවේ. තව දුරටත් නිර්භීත බව සහා සාමාන වයස් ඇති බව දැක් විය හැකියි. ඉතිරි වූ මිත්‍රයන් දෙදෙනා ලියානාට ලැබුණු නිවුන් දරුවන් බෙදා ගත්තා වීමත් විය හැකියි. නිවුන් දරුවන් ලැබීමත් විය හැකියි. තව දුරටත් මෙය සත්‍යාපනය වන වි‍ශේෂම කාරණය, කිසිම විවාහ බන්ධනයකට ඇයව යටත් කොකර තිබීමයි. වෙස්ටරෝස් බාල වයස් විවාහ වලට ප්‍රචලිතය. ඇය කිසිවෙකුට බහ නොදීමෙන් හෝ තිළිණ නොකිරීමෙන් පෙනී යන්නේ ඇයව වෙනත් කාරණයකට රීඩි විසින් තබා ගත් බවයි. එය මහා කාරියක් බව පැහැදිළියි.ඔවුන් සහෝදර වරු නම් ඉත්මනින් මුණ ගැසේවා.Species-1995

3. ඔක්කොටම මුල බ්‍රැන්ගෙ මනස්ගාත බැලිල්ලද?
බ්‍රැන් වර්තමානයේ සිට කරන අතීත ගමන් වලදී අතීතයට බල පවතින බලපෑම් කර එන බව අපි දැනටම දන්නවා. ඔහු කාලය අතරෙ රික්තය මවනවා. ඔහු මිනිස් මනස් වලට බලපෑම් කරනවා. උදාහරණයක් ලෙස ඔහු ටවර් ඔෆ් ජෝයි හී දි සිය පියාට ” තාත්තා ” කියා අමතනවා. ඒ හැඟීම නෙඩ් ට දැනෙනවා. ඒ හුළඟම නෙවෙයි. එයයි බොහෝ දුරට ජෝන්ට පීතෘත්වය දෙන්න බලපාන්නෙ. ඒ වගේම හෝඩෝර්ට දොර අල්ලන් ඉන්න බලපාන්නෙත් මේ කාල කලම්බනයක් තමයි. සමහර විට වයිට් වෝකර් වරුන්ට එන්න බැරි වෙන්න තාප්පය බඳින බ්‍රැන් වසර සියක් ගණනක් ආපස්සට ගිය මේ බ්‍රැන් ම වෙන්න බැරි නැහැ. සමහර විට වයිට් වෝකර්ලා සමඟ වෙන එතැන යුද්ධයකදි ඔවුන් ට ගිනි තබන්න කියලා කරපු කෑ ගැසීමක් කාල කලම්බනයකින් පිස්සු රජාට ගියා කියලාත් සමහරු කියනවා. ඒත් එහෙමනං කලින් ඇයි අර වයිල්ඩ් ෆයර් හංගලා තිබ්බෙ කියලාත් ගැටලුවක් මතු වෙනවා. කොහොම වුණත් මේ ප්‍රබල ෆැන් තියරියක්.462ebcf9e3630f39965296db9a81c940e5cf210e66945d55ff3d762105609e3d296547a7c21cd60573cb4a752ae646dc-cb2ebc3b-0f7f-448f-80d5-6e4ab6fd6355

4.මිසන්ඩෙයි මුහුණු නැති දෙවියන්ගේ කෙනෙක්ද?

මිසන්ඩි මුහුණු නැති දෙවියන්ගේ කෙනෙක් බව සමහරු පවසති. ඇයට කතා කිරීමට හැකි භාෂාවල් සහ හඬ වෙනස් කිරීමේ ඇති හැකියාව සලකා බලා බොහෝ අය එලෙස පවසයි. එයට තවත් හේතුවක් වී ඇත්තේ මේ වන විට ඔවුන් කතාව තුළ රඟපාන කාර්ය භාරය එන්න එන්නම ප්‍රබල වීමයි. මේ අනාවැකිය පැහැදිළි කරන්නට අපට කතා මාලාව වගේම පොතත් ස්පර්ෂ කරන්න වෙනවා. මිසන්ඩෙයි පොතට අනුව ඉතා කුඩා දැරිවියක්. වයස අවුරුදු 10 යි. මෙහි නම් ඇය කලීසී ගේ වයසටම කිට්ටු රූපයකින් තමයි පෙනී හිටින්නෙ. කොහොම වුණත් ඇය වහල් හිමියන් විසින් රැගෙන එන්නත් පෙර සිටයි ඇය භාෂාවන් පිළිබඳව දන්නෙ. ඒ වගේම ඇයට විස්මිත ඥාණයක් තියෙනවා. ඇයට සිදු විය හැකි දේ පෙරදි දැනෙනවා. ඇය පළමු වර වයින් තොල ගාන දර්ශනය සිහිපත් කරන්න. ඇය එය ආධුනික බව පෙන්නුවත් එයට ඇත්තටම ආධුනික නෑ. ඇය අප සිතනවාට වඩා යම් යම් දේ පුරුදු ඇති, එහෙත් නුපුහුණු හා නොදන්නා බව මවා පාන්නියක්. ඇය කිණිස්ස අතට ගත් ආකාරය නැවත නරඹන්න. ඇය සටන් කරන්නට නොදන්නියක් නොවෙයි. එහෙත් හාපි සහෝදරයන් පැමිණි විට ඇය බිය ව ටිරියන් නිසා බේරුණු බවක් පෙන්නුවා. හැම විටම ඇය තමා හඳුන්වා දෙන්නේ “This one” යන පදයෙන්. එනම් ඇය පෙනී සිටින්නේ ඇය තුළ නොව වෙනකෙක් තුළ බව අපට පැහැදිළියි. මුහුණු නැති දෙවියා නිර්මාණය වුණු ආකාරය ඔබ දන්නවා ඇතැයි සිතමි. පතල්ව වල සේවය කළ වහල් හිමියන්ගෙන් පීඩිත වූ වහලුන් තමන් ව බේරා ගනු පිණිස නොයෙකුත් දෙවියන්ට යාඥා කළා. එහෙත් ඔවුන්ට දුක පමණයි උරුම වුණේ. ඔවුන්ගේ වේදනාව නැති කිරීමට මෙහිදී නිර්නාමිකව මිනිසෙක් ඉදිරිපත් වෙනවා. ඔහු වේදනාවට පත් මිනිසුන් මරා දානවා.එතැනින් තමයි මුහුණු නැති දෙවියා ආරම්භ වෙන්නෙ. වහල් හිමියන් මරා දන්න මේ දෙවියන්ගෙ අනුගාමිකයො පුරුදු වෙනවා. බොහෝ විට මිසන්ඩෙයි ආවෙ වහල් හිමියන් මැරීමේ කාර්යයට. එහෙමත් නැත්තං එම කාර්ය කරන කෙනෙක්ගේ පැමිණිමේදි ඇයට උදව් කරන්න. ඒ වගේම මුහුණු නැති දෙවියන් ඩැනේරිස්ට උදව් කරන්න වැඩි ඉඩක් තියෙනවා. එයට හේතුව ඇය යදම් බිදින්නිය නිසා. ඒත් සමහර අය නම් තියන්නෙ මිසන්ඩෙයි ලද අවස්ථාවකදි ඩැනේරිස්ට ද්‍රෝහි වෙයි කියලා.missandei-1024

5. ආර්යා ගේ ගමන කොයිබටද?
ආර්යාට කිසිම අවස්ථාවක තම අනන්‍යතාව සඟවනවා මිසක, එය නැති කරන්නට බැරි වුණා. ඇය කඩුව සැඟවූවා මිස විනාශ කළේ නෑ. ඇය පළි ගැනීම නැවැත්තුවෙ නෑ. එමෙන්ම ඇය නාට්‍යංගනාව බේරා ගෙන මුහුණු නැති දෙවියාගේ උදහසට ලක් වූ තැන සිටම යළිත් බාහිරින් ස්ටාර්ක් බවට පත් වුණා. ඇයගේ කොණ්ඩය සහ ඇඳුම් ඉන් පසුව බලන්න. එවිට ඔබට එය වැටහේවි. “ගැහැණු ළමයා වින්ටර්ෆේල් හී ආර්යා ස්ටාර්ක්, මම ගෙදර යනවා” ඇය මෙම වචන පැවසූ තැන ගැන සිතන්න. ඒ මොහොතේ දී ඇය කලු සුදු දෙවොල අපවිත්‍ර කරනවා. ඒ මුහුණු ලේ සහිතව කවදාවත් දෙවොලට ගෙන යන්නෙ නෑ. ආර්යාගේ ගමනට ජැකන් අකුල් නොහෙලන්නේ හැම විටම ඔහු යමක් දන්නා නිසයි. එය පෙරදීත් ඒ විදිහටම වුණා. ආර්යාට ගෙදර යාම එතරම් ලේසි වනු ඇතැයි මා සිතන්නේ නෑ. ආර්යා ස්ටාර්ක් පිරිමි රූපය ගැනීම නම් මා ඇත්තටම ප්‍රීතිමත් වන කරුණක්.game_of_thrones_s06e08_arya_needle

6. සන්සා ගේ උපායන්.
සන්සා මෙම කතා මාලාව පුරාම දක්ෂ වෙමින් ඉදිරියට යනවා. ඇය ජෝන් තීරණ වලට පොළඹවා ගන්නා හැම විටම ලියාන්නා ස්ටාර්ක් ගේ රූපයෙන් පෙනී හිටිනවා. මෙය හොඳින් නරඹන්නෙකුට පමණක් පෙනෙන දෙයක්. එහෙත් ඇය ජෝන් උදෙසා අනාරක්ෂිත තීරණ ගනිද්දි සිටින්නේ කැටලින් ස්ටාර්ක් ගේ රූපයෙන්. කොහොම වුණත් බ්‍රියෙන් යළිත් ආපසු යන ගමනේ රැගෙන යන්නේ ජෝන් ට උත්තර ස‍‍ිමාවේ රාජ්‍යත්වය, උතුරේ ආඥාපතිත්වය සහ සත් රාජධානි භාරකරත්වය භාර නිළ ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍උරුමය පවරන ලිපිය නම්, එය සන්සා විසින් විනාශ කිරීමට පවා ඉඩ තියෙනවා. සන්සා ජෝන් භාවිතා කරන්නේ ඉත්තෙක් ලෙසයි යන්න මගේ හැඟීමයි.නැතිනම්, මේ වන විට ජීවත්ව සිටින වැඩිමහල්ම ස්ටාර්ක්වරිය වශයෙන් ඇයට ජෝන් ස්ටාර්ක් වරයෙක් බවට පත් කළ හැකියි. ඇය ඒ වෙනුවට ඔහුට දෙන්නෙ ඇඳුමක්.. ස්ටාර්ක් නම නැතත්, උරුමය ගැන දකින්න හීනයක්. සන්සා ‍‍ඔබ හිතනවාට වඩා කපටියි.. ලස්සනයි.. හැබැයි කපටියි.got-breakdown-sansa-pic

7. කෛරාටික දේශපාලන වපසරියක ඉතිරිවන්නේ ඥාණවන්තයා පමණි.
අපිට අවජාතකයන්ගේ සටනේ දී හදවත් දිනාගන්නාම ජය ලබතැයි සිතීම එච්චර ඇඟට ගුණ නැත. රැම්සිට සටන වාසි වීමට ඉඩ ඇත. ඔහු අතින් බෙහෝ වයිල්ඩිං වරු මිය යද්දී, ජෝන්ගේ සටන අවදානමකට වැටෙන විට පීටර් බේලිෂ් ඇරන්වරු සමඟ සටන එක් වෙතැයි අනාවැකි පළ කළ හැක. ඒ වගේම රැම්සි පාර්ශවයේ දැනට සිටින අය පිල් මාරු කරන්නටද ඉඩ ඇත. එහෙත් රිකොන් ගේ ජීවිතය ගැන සුරක්ෂිත භාවය ස්ථිර නැත. කෙසේ වෙතත් සටන දින්නත් පැරදුණත්, ජෝන් ජීවත් විය හැකියැයි සිතමි. 998 වැනි නයිට් වොච් ලෝර්ඩ් කමාන්ඩර් වූ ජෝන් දැන් නැවත ඉන් මිදී පැමිණ ඇත. දැන් සිටින්නේ 999 වැනි ලෝර්ඩ් කමාන්ඩර් වරයාය. නැවතත් මහා යුද්ධය හට ගැනීමට පෙර 1000 වැන් ලෝර්ඩ් කමාන්ඩර් ලෙස ජෝන් යළිත් තනතුර බාර ගත යුතුය. Game of Throne හී විශේෂත්වය ඔබේ සේවය නිමි නම් ඔබ මිය යා යුතුය යන්නයි. ජෝන් ගේ පළමු කාර්ය නිමි බැවින් මිය යාමට නියමිත වූ ඔහු යළිත් පණ ලැබීමෙන්, අලුත් කාර්යයකට අත ගසා ඇත. එය නිම වන්නට පෙර ජෝන් මිය ගියොත් එය න්‍ය‍ායට හානියකි. මම එබැවින් ටෝමුන්ඩ් සහ ආදර සර් ඩාවෝස් ගැන කනස්සල්ලෙන් පසු වෙමි. යම් හෙයකින් සන්සා ජෝන්ට කරදරයක් කිරීමට ප්‍රථම ආර්යා පැමිණියොත් ආර්යා ජෝන් ගේ පස ගන්නා බව පැහැදිළිය. ආර්යා ජෝන්ගේ වර්ස්වතමාන රූපයෙන් ජෝන් ගේ කඩුව දරා සිටින බව අප අමතක නොකළ යුතුය. ජෝන් සැමවිටම වැඩියෙන් ආදරය කළේ ආර්යාටය.game-of-thrones-season-6-episode-5-the-door

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
නෙරංජි සුලක්ඛනා (33 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


නෙරංජි සුලක්ඛනා

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

neranji has 33 posts and counting.See all posts by neranji

2 thoughts on “සිනමාත්මක පෙරසලකුනු ඔස්සේ ගේම් ඔෆ් ත්‍රෝන්හි නැවත කියවීම – 07

Leave a Reply

Your email address will not be published. Required fields are marked *