සිනමාත්මක පෙරසලකුනු ඔස්සේ ගේම් ඔෆ් ත්‍රෝන්හි නැවත කියවීම – 06

Game of Throne Season 6 Episode 3 විශේෂ විවරණය
// The Lord let you come back for a reason // ජෝන් ස්නෝගේ ඉදිරිය කොයිබටද?


එම උල්ලාසය නම් කර තිබුණේ Oath Breaker යන නමිනි. මෙම පරිච්ඡේදයේ උල්ලාස නාම ලැයිස්තුව එළිදැක්වූ දා සිට Jon Snow මරණයෙන් නැගිටින බවත්, ඔහු කාසල් බ්ලැක් අතාරින බවත්, ප්‍රේක්ෂකයා දැන සිටියේය. තිබුණේ එය එලෙසම සිදුවේදැයි ප්‍රත්‍යක්ෂ කරගැනීම පමණි. මෙම උල්ලාසය අවසන අපි එය ඒ ලෙසම සිදු වූ බව දැනගතිමු. ඔහු නැවත පැමිණීමට හේතු බොහෝ ඇති බව අප දනිමු. අපි ඒවා පෙරදි සෑහෙන්න කතා කළෙමු. එහෙත් දැන් ඇති ගැටලුව, ඒ පැමිණියේ ඔබේ හද බැඳී ජෝන් ස්නෝ ම ද යන්නයි. මා එසේ පැවසූයේ ඒ පිළිබඳ ජාත්‍යන්තර සමාජය විසින් පළ කළ විචාර කිහිපයක්ම දුටු නිසාය. ඔවුන් සියලු දෙනා ජෝන් ගෙන් ඉතා කරුණාවන්ත දයාවන්ත වීරයෙකුගේ ස්පාර්ක්ස් නවකතා වල සිටිනා පෙම්වතෙකුගේත් චරිතය සැමවිටම බලාපොරොත්තු වී සිටීම එවන් අදහසක් ජනිත වී ඇතැයි සිතිය හැකිය. ජෝන් කියන්නේ නිවැරදිම තිරණ හැකි නියම වෙලාවේ ගන්නට උත්සාහ දරන්නෙකි. ඔහු තම ගමනට බාධා විය හැකි අය මින් පෙරදීත් ඉවත් කිරීමට දෙවරක් නොසිතූ අයෙකි.ජෝන්ට මින් පෙරත් කාසල් බ්ලැක් වලින් මිදීමට අවශ්‍ය විය. එහෙත් ඔහුට ඒ සෑම අවස්ථාවකම ප්‍රබල හේතුවක් නතරවීමට ද තිබිණි. කෙසේ වෙතත්, මේ අනපේක්ෂිත ප්‍රේක්ෂක විචිකිච්චාවට හේතුව හතර දෙනාගේ මරණීය දන්ඩණය විය හැක. ඔවුන්ට මරණීය දණ්ඩනය ප්‍රායෝගිකව ලැබිය යුතුය. හේතුව නැවත වරක් වන පහරදීම් සිදු වීමට ඇති ඉඩකඩ වලකා ගැනීම සඳහාය. ඔලී මරන්නට ජෝන් ස්නෝට කොහෙත්ම අවශ්‍ය නැත. ඔහුට අවශ්‍ය ද්‍රෝහීන් ට මරණය දීම පමණයි. ගැටලුව ඒ ද්‍රෝහින් අතර ඔලී සිටීමයි. ජෝන් ගේ ඇස් ඒමොහොතේ පවා ඔලී කෙරෙහි දාරක ප්‍රේමයකින් තෙත් වූ බව පෙනෙයි . ඔහුට අවශ්‍ය වූයේ ඔලීගේ වචනයක් පමණි. ඔලී වචනයක් හෝ කතා කළා නම් ජෝන් ඔලී නිදහස් කිරීමට ඉඩ කඩ තිබිණි. එබැවින් ඔලී නිහඬ කරවීම නාටාකීය අවශ්‍යතාවකි. ඔලී ජීවත් වුණා නම් එය කාසල් බ්ලැක් වලරැඳීමට ජෝන් ට හේතුවකි.

එළියට ගලා ගිය රුධිරය ස්ටාර්ක් වරුන්ට අයත් බවත්, දැන් ඔහු ශුද්ධ ටාගේරියන් වරයෙක් බවත් සමහරු පවසති. එය දැන ගැනීමට නම්, අප ජෝන් ගිනි පාගන තෙක් සිටිය යුතුය. මෙම කොටසේ තවත් අප ගේ හද බැඳී වීරයෙකුගේ වීරත්වය ප්‍රශ්නයට ලක් වේ. නෙඩ් ස්ටාර්ක් සර් ආතර් ව මරා දැමූ ආකාරය වෙස්ටරෝස් හී පුරාවෘත්තගත ය. එහෙත් එය වංචාවකි. රීඩ් ගේ පිටුපසින් ඇනීම නොවන්නට මිය යන්නේ නෙඩ් ය. නෙඩ් බොහෝ විට අනෙකාගේ වීරත්වයේ නිරවද්‍ය බව පිළිබඳ සැලකූ අයෙකි.

කෙසේ හෝ R+L =J මතය තවමත් තහවුරු වී නැත. එහෙත් එය එසේ විය හැකියැයි සිතන්නට සාක්කි නම් ඕනෑ තරම් ඇත. සර් සෙල්මී ඩැනේරිස් ට පවසන රෙගාර් ගැන තොරතුරු අතර, ඔහු මිනිස්සු ගැන හිතන, නිර්භීත, සෙනෙහෙබර මිනිසෙකි. නිතර සිනාසෙන මිනිසෙකි. ඒ ජෝන් ගේ ස්වරූපයට ඉතා සමාන දෙයකි. තමන් ඉතා අනපේක්ෂිත තත්වයක මරණය අභිමුව පත්විය හැකි බව දැන සිටියදීත්, සිය දක්ෂතම සහයකයන් හා ආරක්ෂකයන් ඩ්‍රෝන් කතරේ Tower of Joy හී රේගාර් රැඳවූයේ ඇයි? ලියානා පමණක් එහි සිටියා නම් ඔහු ලියානාගේ ජීවිතයට ආදරය
කරනවා නම් කරන ආරක්ෂිතම ලියානාව වෙස්ගන්වා හෝ නැවත ස්ටාර්ක් වරු වෙත යැවීමයි. ලියානාට කාගෙන් අනතුරක් වන්නද? මුළු යුද්ධයම ඇරඹෙන්නේ ලියානා බේරා ගැනීමට සඳහාය.

එසේ නම් ස්ටාර්ක්වරු වෙත යැවිය නොහැකි යමක් රේගාර්ට තිබූ බව ඉන් පැහැදිළිය. ඒ ජෝන් ස්නෝ විය හැක. එලියා මාටෙල් සහ සිය දරුවන්ට අත්වන ඉරණම ගැන ඔහු පෙර යම් දැන ගැනීමක සිටියා විය හැක. එය අනතුරු දායක බව ඔහු දැන සිටියේය. සිය සොයුරු සොයුරියන් ගැන ඔහු ඒ මොහොතේ කිසිවක් නොදනී. එසේ නම් ඔහු ආරක්ෂා කළේ සිය ලේ ධාතුව විය හැකියි. නෙඩ් වින්ටර්ෆෙල් වලට ජෝන් රැගෙන එන විට ඔහුට වසංගතයක් සැදී තිබිණි. සිය බිරිඳට නෙඩ් මෙම දරුවා හඳුන්වා දෙන්නේ සිය අවජාතක දරුවා ලෙසය. කැටලින් එම දරුවාට සෙනහස දක්වන්නට උත්සාහ කළද, ඇය අපොහොසත් වෙයි. ඇය සැම විටම ජෝන්ට
වෛර කළ බව අපි දකිමු. ඒ තම සැමියාගේ ඇසුර සොරාගත් අන් ගැහැණියක ගැන සිතීමෙනි. කැටලින් ට ජෝන් ගේ මව ලියානා නම්, ඒ ගැන පැවසීමට නෙඩ් බිය වූයේ, කැටලින්, ජෝන් ටාගේරියන් වරයෙකු බව දැනගත් විට ඔහුට එරෙහි වේ යැයි බිය නිසාද? කැට් කලින් විවාහ ගිවිස ගත් බ්‍රැන්ඩන් ගේ මරණය වූයේ ටාගේරියන්වරු නිසාය.

කෙසේ හෝ ජෝන් යන්නේ උතුරු පැත්තට යැයි, රූප රාමු අනුව මතයක් ගොඩ නැගී ඇත. ජෝන්ට උතුරට යන්නට අවශ්‍ය නම්, ජෝන් කාසල් බ්ලැක් අත හරින්නට අවශ්‍ය නැත. සමහර විට ඔහුට අවශ්‍ය උතුරින් පිරිස් බලය ලැබීමට එනම් වයිල්ඩිං වරුන්ට එකතු වීමට විය හැකිය. කෙසේ වෙතත්, හෙට සන්සා කාලස් බ්ලැක් වෙත පැමිණෙන්නේ දකුණු ගේට්ටුවෙනි. සමහර විට උතුරට යන්නට හදන ගමන වැලකෙන දෙයක් විය හැකි වේද එය? (මෙතන මා උතුර තීරණය කරන්නේ ප්‍රාකාරය මායිම කොටය. 🙂 ) රතු කාන්තාව ජෝන් වින්ටර්ෆෙල් වල සටන් කරන බව
දැක තිබෙන බැවින් බෝහෝ විට ජෝන් දකුණු පැත්තට යා යුතුය. බෝල්ටන් මිය යාමට පෙර පවසන වැදගත්ම වාක්‍ය නම්, පිස්සු බල්ලන් මෙන් බලය සොයා යන මිනිසුන් පිස්සු බල්ලන්ට අත්වන ඉරණම ලබන බවයි. එය ඔහු ඔහුට ම කියා ගත්තක් වැනිය. එහෙත් එය රැම්සිගේ අනාගතය පිළිබඳ කී කීමක්දවිය හැකිය. රැම්සි බොහෝ විට ඉතා නිර්ලජ්ජී මරණයටකට ජොෆ්රි මෙන් උරුම කම් කියන්නටද ඉඩ ඇත. එය නුදුරු අනාගතයේ දැකීම බොහෝ ප්‍රේක්ෂක පැතුමයි. කෙසේ වෙතත්, අපි හෙට කොටසින් තීරණාත්මක යමක් දකින්නට අපේක්ෂා කරමු.Lego-Marvel-Super-Heroes-Avengers-Reassembled-2015

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
නෙරංජි සුලක්ඛනා (14 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


නෙරංජි සුලක්ඛනා

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

neranji has 14 posts and counting.See all posts by neranji

Leave a Reply

Your email address will not be published. Required fields are marked *