හැදෙන හැටි XXV | Hardcore Henry හැදෙන හැටි!

Hardcore Henry (2015) with Sinhala Subtitles | නැවත පණ ලද හෙන්රි…. (18+) [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම උඩ ලින්ක් එකට ගිහින් අපේ මව් අඩවියෙන් දුන්නු සිංහල සබ් එක්ක ෆිල්ම් එක බලල එන්නකෝ. මොකද මේක විශේෂ වෙනස්ම විදියේ ෆිල්ම් එකක් නිසා.

බලපු අය දැක්කනේ මේක ෆිල්ම් එකක් උනාට කම්පියුටර් ගේම් එකක් ගැහුවා වගේ කියල. හරියට Call of Duty, Battlefield වගේ අත්දැකීමක් ලබන්නඇති ඔයාල. First-person perspective වර්ගයේ සිනමාපට කියන්නේ හුරුපුරුදු දෙයක් නෙවේ. ඔයාල ප්‍රථම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් ලියපු පොතක් කියවල ඇති නේද? අපිට එකේදී කතාව දකින්නේ එක් චරිතයක් ඒ කතාව දකින විදියටනේ. අන්න ඒ වගේ තමා මේ ෆිල්ම් වර්ගයත්. කතා නායකයා දකින ලෝකය තමයි අපිට ෆිල්ම් එක පුරාම දකින්න ලැබෙන්නේ. අපි දකින්නේ ඔහු දකින දේවල් විත‍රයි.Hardcore-Henry-2015

මේකේ කැමරා කරණය කලින් කිව්වා වගේම විශේෂයි නෙව. මේ වැඩේට යොදාගෙන තියෙන්නේ GoPro කැමරා, මේ කැමරා කතා නායකයාගේ ඔළුවට සම්බන්ධ කරලා තියෙන්නේ විශේෂයෙන් මේ වෙනුවෙන්ම නිර්මාණය කල වෙස් මුහුණක් ආදාරයෙන්. එතනින් මේ තාක්ෂණය නතර වෙන්නේ නැහැ ස්ථායිකරණ පද්ධතිය නිර්මාණය වෙනුවෙන් කාන්දම් යොදාගෙන තියෙන්නේ. ඒ කිව්වේ ප්‍රධාන චරිතයහෙලවෙන හැම හෙලවිමක්ම අපිට පෙනෙනවා නමුත් මේක මනුස්සයෙක්ට පෙනෙන දෙයක් වගේම තවත් කෙනෙක් දැකිය යුතු නිසාවෙන් තරමක පැහැදිලි බවක් ගෙන්න රුපයේ චලන පාලනය කරන්න සිද්ධි වෙනවා එතන දී තමයි කාන්දම් වැඩ පටන් ගන්නේ. (උපුටාගැනීම – මව් අඩවියේ සමීර කරුණාරත්නගේ ලිපියෙන්)

GoProHero3BlackEdition-337x250පහත රූපයෙන් පෙන්නවන්නේ මේ කැමරා රංගන ශිල්පියාගේ මූණට සම්බන්ධ කරලා තියෙන විදියයි.123ඩොලර් මිලියන දෙකක් විතරක් වියදම් කරලා හදපු මේ ෆිල්ම් එක ඩොලර් මිලියන 14.3 ක් හොයපු එකේනම් ඔයාලට මේ ෆිල්ම් එකේ සාර්ථකත්වය සිතාගන්නට පුළුවන්.

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
තිසර නියෝ (397 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

tisaran has 397 posts and counting.See all posts by tisaran

Leave a Reply

Your email address will not be published. Required fields are marked *