සිනමාත්මක පෙරසලකුනු ඔස්සේ ගේම් ඔෆ් ත්‍රෝන්හි නැවත කියවීම – 03

Game of Throne දෙවනි පරිච්ඡේදය තුළ හඳුනාගත් සංකේත පිළිබඳව මුළු කියැවීම.


මකර රැජිණගේ නැගී සිටීමෙන් පළමු පරිච්ඡේදය නිමවේ. අනතුරුව ඇරඹෙන දෙවනි පරිච්ඡේදයේ මුල් කොටස තුළ විශාල සංකේත භාවිතයක් දැකිය නොහැක. බොහෝ විට දෙබස් සහ සිහින අනුසාරයෙන් ඉතා පැහැදිළිව පේක්ෂකයාට තේරුම් ගත හැකි වන පරිදී, සිනමාවට වඩා ටෙලි නාට්‍ය සම්පදායට පර්යායව කතා අවකාශය නිර්මාණය වේ.
එහෙත් අල්ප ස්ථාන ප්‍රමාණයක් ප්‍රබල සංකේත කිහිපයක් නිරූපණයක් කරයි.

Red Lady අපට මුලින්ම හමුවන්නේ දෙවැනි පරිච්ඡේදයේ සිටයි. ඇය ස්ටැනිස් බ්‍රැතියන් සමඟ සිය ප්‍රථම සංවාසයට තෝරාගන්නේ, ඔහුගේ මණ්ත්‍රණ කාමරයයි. එහිදී ඇය ස්ටැනිස් විසින් පතිත කරවන වෙස්ටරෝස් සිතියම මත ඇති සොල්දාදු රූප බොහෝමයක් බිම වැටී යයි. එක් සොල්දාදු රූපයක් පමණක් ඇගේ අත වැදී උතුරට විසි වේ. ඇයගේ දෑත් ද උතුරේ රැඳෙයි.Stannis-Melisandre-Conceive-Creature බිම වැටෙන සොල්දාදු රූප ස්ටැනිස් බ්‍රැතියන්ගේ පයට පෑගෙයි. එයින් පෙනී යන්නේ යම්දිනක  වෙස්ටරෝස් ඇල්මෙන් හටගන්නා ස්ටැන්ස් බ්‍රැතියන් යුද්ධයේ බොහෝ පිරිවර විනාශයට පත්ව යන බවයි. යම් දිනක ඇතිවන යුද්ධයකින් ස්ටැනිස්ද විනාශවන බවයි. උතුරට විසිවන සොල්දාදුවා කවුරු විය හැකිද? සොල්දාදුවා සමඟ ඇගේ සුරත උතුරේ නවතින්නේ කුමකට විය හැකිද? එම දසුනෙන් අනතුරුව එක්වර අපට පෙනෙන්නේ අවධානය බිඳී හැරී බලන ජෝන් ස්නෝ වීම, සංස්කාරකවරයාට වූ වැරදීමක් විය හැකිද? සිනමාවට තත්පරයකදී වූවද වැරදීම් කරන්නට බැරිය.Game.of_.Thrones.S02E02.HDTV_.x264-ASAP.mp4.Still006 පස්වන පරිච්ඡේදයේ අග පවා සිදු වූ දේ බොහෝමයක්, අපට පෙන්වා දුන්නේ දෙවැනි පරිච්ඡේදයේ මුලම වීම සිනමා සංකේතාත්මකව කෙතරම් ප්‍රබල ද?

එමෙන්ම ග්‍රේජෝයි රොබ් වෙත ලියන ලද ලිපිය පුළුස්සා දැමීම තුළ පවුල් දෙකක් නිසා සිය අභිමානය නොලැබූ  මිනිසෙකුගේ තීරණය දිනෙක ඔහුගේම අනාගත ඛේදාන්තයට මඟ කියන අයුරු  පෙන්වා සිටියි. හිමේ සිසිලස කාලයක් විඳි මිනිසෙක් මුහුදු වතුරින් භෞතීස්ම වීමෙන් අනතුරුව ඔහු තුළ උත්පාද විය හැකි ආතතිය කෙතරම් විය හැකිදැයි අපිට ඔහුගේ භෞතිස්ම මුහුණෙන් පෙනී යයි?Game.of_.Thrones.S02E02.HDTV_.x264-ASAP.mp4.Still006 එය උමතුවක් දක්වාම දුර යන බව එම පරිච්ඡේදයේ අග කුඩා දරුවන් ඝාතනය තුළින් අපට පැහැදිළි වේ. ඔහු සිදු කරනපථම නීත්‍යානුකූල ඝාතනය පවා ක්‍රමානුකූලව ක්‍රියාත්මක කරන්නට ඔහුට හැකියාව නොලැබේ. ඔහු මල මිනියෙන් පවා පලි ගනී. එය ඔහු අනාගතයේ විඳීමට නියමිත වේදනාවේ මුල් පෙන්නුම් කිරීමයි.

ටයිවින් ලැනිස්ටර් සිය පදක්කම ගැනීමට රාජ සභාවට පැමිණෙන්නේ අශ්වයා පිටෙනි. අශ්වයා රාජ සභාව ඉදිරියේ මල පහ කර රාජ සභාවට පිවිසෙයි.Game.of_.Thrones.S02E02.HDTV_.x264-ASAP.mp4.Still006 එයින් සිනමාකරු කියන්නට උත්සාහ කරන්නේ මෙම “රාජ හස්තය“ කිසි දිනක රජු ආරක්ෂා කිරීමට සමත් නොවන බවයි. ඔහුගේ අධිකාරිත්වය නිසා රාජ සභාවම යම් දිනක බොහෝ අපකීර්තිමත් වන බවයි. එය එසේ වූ බව, අපි තෙවන පරිච්ඡේදයේදී දැන ගැනීමට නියමිතය. ජෙෆ්රි රැකගැනීමට තරම් ඔහු දක්ෂ වන්නේ නැත. සිය පවුලෙහිම ගෞරවය රාජ සභාව ඉදිරියේ ටයිවින් අතින් කැළල් වීමට නියමිතය.

සන්සා පිළිබඳව කතා කරන විට, වහලියක මෙන්, අතින් අතට එක් එක් පුද්ගලයා රැගෙන යන සන්සා යම් දිනක නායකත්වයට පත්වන බවට සංකේතය දෙවන පරිච්ඡේදය තුළින් අපට හමුවේ. සර්සි සිය කුඩා පුතු සමඟ කාමරයෙන් ගිය අවස්ථාවේ, ඇය තැති ගත් සියලු කාන්තාවන් අස්වසන්නට උත්සාහ කරමින් සිටියදී ෂේ විසින් ඇයව කාමරයට පිටත් කර හරී. සන්සා කාමරයට ගිය පසු ඇයට ජෙෆ්රිගේ දරුණුම රාජ්‍ය ආරක්ෂකයා කාමරය තුළදී මුණ ගැසේ. හවුන්ඩ් යනු දරුණතම සෙනවියන්ගෙන් අයෙකි. හවුන්ඩ් ඇයට කතා කර පිටව යන මොහොතේ ඇගේ අත සිටි බෝනික්කා ඈ හිසෙන් අල්ලා පහතට දමා සිටියි. එයින් කියැවෙන්නේ හවුන්ඩ් පවා ඇය ඉදිරියේ සුරතල් බෝනික්කෙකු වීමේ හැකියාව පවතින බවය.01 2014 Octomber (1) copy එය ඉදිරියේදී විය නොහැකියැයි පැවසිය හැක්කේ කාටද? හවුන්ඩ් අප අවසාන වරට දකින්නේ සතරවන පරිච්ඡේදය අග භාගයේය. ඒ මොහොතේ මරණාසන්නව සිටියද, ඔහු මිය ගොස් සිටියේ නැත.

යුද්ධයෙන් පරාජය වූ ස්ටැනිස් ඒ පිළිබඳව රතු කතට දොස් පවරන මොහොතේ රතු කත මෙවන් දෙබසක් පවසයි. “ මම ඔබට වඩා සෑහෙන කාලයක් යුද්ධ කර ඇත.“01 2014 Octomber (1) copy සංකේත පිළිබඳ අවධානය කිරීම පමණක් මේ කියැවීමේ අරමුණ වුවද, මෙම දෙබස මා සිත් ගනී.  මිතුරනි, අප හය වන පරිච්ඡේදයේ මුලදී ඈ, සියවස් ගණනක් වයස මැහැල්ලකට පරිවර්තනය වීම පිළිබඳව කිසිසේත් කලබල විය යුතු නැත. ඈ ඒ පිළිබඳව අපට දෙවන පරිච්ඡේදයේදී පැහැදිළිව පවසා ඇත.01 2014 Octomber (1) copy

තෙවන පරිච්ඡේදයෙන් හමුවන තෙක් ඔබට සුබ දවසක්!!

#GameofThrone #Got

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
නෙරංජි සුලක්ඛනා (32 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


නෙරංජි සුලක්ඛනා

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

neranji has 32 posts and counting.See all posts by neranji

2 thoughts on “සිනමාත්මක පෙරසලකුනු ඔස්සේ ගේම් ඔෆ් ත්‍රෝන්හි නැවත කියවීම – 03

  • May 12, 2016 at 9:25 PM
    Permalink

    Keep up your good work.Good luck for it.This is super awesome

  • May 12, 2016 at 12:29 AM
    Permalink

    තව ලියන්න… නියමයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *