යොවුන් සුරූපි නිළි Jennifer Lawrence හට වසරේ විශිෂ්ටතම රඟපෑමට හිමි සම්මානය.

තවමත් අවුරුදු 22ක් වෙන යොවුන් නිළි Jennifer Lawrence හට 2012 අවුරුද්ද නම් බොහොම සාර්ථක අවුරුද්දක් පාටයි. බොහෝ නළු නිළියන් තම ජීවිත කාලය පුරාවටම ලැබූ ඇගයීමට වඩා ඇගයීමක් මෙම වසර තුළ ඇය දිනා ගත්තා.

මුලින්ම ඇයව ලොවම අඳුනා ගත්තා හිතපු නැති විදියට වාර්තා බිඳහෙළමින් සාර්ථකත්වයට පත්වූ The Hunger Games චිත්‍රපටය තුළින්. ඊළඟට ඇය David O. Russell ගේ Silver Linings Playbook චිත්‍රපටයේ තරුණ වැන්දඹුවකගේ චරිතය තුළින් මේ සම්මානයට පාර කපා ගත්තා කිව්වොත් වඩා නිවැරදියි.

මේ සම්මානය තමා Santa Barbara චිත්‍රපට උළලේ වසරේ විශිෂ්ටතම රංගනයට හිමි සම්මානය. එකිනෙකට වෙනස් වන චරිත දෙකක ඉතා දක්ෂ ලෙස නිරූපණය කිරීමට ඇය දැක්වූ දක්ෂතාවය ඇගයීමකට බඳුන්වූ බව තමා සංවිධායක මණ්ඩලය පවසන්නේ. ඇයගේ නියම දක්ෂතාවට මීට වඩා ඇගයීමක් ලැබිය යුතු බවද සංවිධායක් මණ්ඩලය තවදුරටත් පවසා සිටිනවා.

මෙම සම්මානය 2013 වසරේ පෙබරවාරි 2 දින ඓතිහාසික Arlington Theater හිදී පැවැත්වෙන 28 වැනි Santa Barbara චිත්‍රපට උලලේදී ඇයට පිරිනැමීමට නියමිතයි.
[Silver Linings Playbook පෙරදසුන]

මීට කලින් මේ සම්මානය දිනාගත් අය අතරට 2012 දී Viola Davis, 2011 දී James Franco, 2008 දී Angelina Jolie, 2007 දී Helen Mirren හා 2006 දී Heath Ledger මෙන්ම මෙම සම්මානය ලබා එම අවුරුදු වල ඔස්කාර් සම්මාන වලට නිර්දේශ වීම් ලැබූ Colin Firth (2010) හා Penelope Cruz (2009) මෙන් Jennifer Lawrence ද ඊළඟ ඔස්කාර් සම්මාන උළලේ නිර්දේශ නාමයන් අතරට එක්වනු ඇති බවට බොහෝ දෙනා අදහස් පළ කරනවා.

රොයිලි (33 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *