සිනමාවේ ගීත ලොවින් 100 | Romantic Mashup | ආදරය කරන්න මට පොඩ්ඩම පොඩ්ඩක්…. (සිංහල උපසිරසි සමඟින්)

….ආදරය කරන්න මට පොඩ්ඩම පොඩ්ඩක්….

ආයුබෝවන් කිව්වා එහෙනම් හැමෝටම.. අද මම මංසලට ගොඩ වෙන්නේ ගොඩක් කාර්යබහුල මොහොතක් මැද මංසලේ තවත් සොඳුරුබර කඩයිමක් පසු කරන මොහොතක් සමරන්න.
උඩින්ම තියෙනවා දකින්නට ඇති. සිනමාවේ ගීත ලොවින් 100 කියලා. ඉතින් ඒ සිය වෙනි කඩයිම පසු කරන ලිපිය ලියන්නට ආරාධනා ලැබුනේ මටයි.. ඉතින් එහෙනම් මෙසේ සටහන් තබන්නම් එය.

සිනමාවේ ගීත ලොවින් ලිපි පෙළ ඇරඹෙන්නේ 2014 වර්ෂයේ ඔක්තෝම්බර් 05 වෙනි දින අපේ තිසර නියෝ සහෝදරයා අතින්  ” සිනමාවේ ගීත ලොවින් 1 – Battle Cry” ලිපියෙන්.
එදා ඉඳන් විවිධාකාර ගීත සමගින් හැඩ වුනු මේ ලිපි පෙළ සෑම ආකාරයේම ගීත ලෝලීන්ගේ සිතට කා වැදුනා. මම මේ ලිපි පෙලට එකතු වන්නේ 16 වැනි ලිපියේ වගේ ඉඳන් තමයි මගේ මතකයේ තියෙන්නේ.
එදා ඉඳන් සිය වෙනි ලිපිය දක්වා ගීත හතළිහකට වඩා ප්‍රමාණයක් මම මේ ලිපි පෙලට එක්කර තියෙනවා. ඒ නිසාම වෙන්න ඇති අපේ තිසර සහෝ මට සියවෙනි ලිපියත් මගෙන්ම දෙන්න කියා ආරාධනා කරන්න ඇත්තේ.
ඔය ගමන් මගේදී  සිනමාවේ ගීත ලොවින් ලිපි පෙළ තමන්ගේ 50 වෙනි කඩයිම 2015 සැප්තැම්බර් 21 වැනි දින පසු කරනු ලබනවා.
එදා ඉදන් ශතකය පසු කිරීමට අපේ උපසිරැසි බලඇණියට ගත වෙලා තියෙන්නේ පලවෙනි ලිපි පනහට වඩා අඩු කාලයක් බව දකින්න ලැබීම ඇත්තටම ගොඩක් සතුටුදායක කරුණක්.
ඒ වගේම තවත් ඉස්සරහට යන්න මේක තවත් වේගවත් වන බවක් මේ දවස් වල මට දකින්න ලැබෙනවා. මොකද මේ ලිපි පෙළ සඳහා ගීත සපයන්න දැන් ඉස්සරට වඩා ගොඩක් ලොකු පිරිසක් එක් වෙලා ඉන්නවා.
මේ මොහොතේදී මේ ලිපි පෙළ සඳහා එක ලිපියකින් හරි දායක වුනු හැම කෙනෙක්වම මතක් කරන ගමන්ම ඒ අයට බයිස්කෝප් අඩවිය වෙනුවෙන් අපගේ හෘදයංගම ස්තුතිය පුද කර සිටිනවා. එහෙනම් අද අරගෙන ආවේ මොකද්ද කියලා බලමු.


ඉතින් හැමදාම වගේම අදත් මම ඔයාලට අද අරගෙන එන්නේ නිකන්ම නිකන් සින්දු වලට වඩා වෙනස් යමක්..
ඒ තමයි මේ වසරේ ආදරවන්තයින්ගේ දිනයේදී නිකුත් වුනු හින්දි Romantic Mashup එකක්. මේකේ මුල් අයිතිය T- Series ආයතනයට සහ DJ Cheats හට හිමි වෙනවා.
උපසිරැසි ගැන්වීම පමණයි මගෙන්.
මේක ආදරබර ගීත බර ගානක් එකතු කරලා ආදරවන්තයින් වෙනුවෙන් හැදුන ලස්සනම ලස්සන Mashup එකක්. ගොඩක් අමාරු උනා මේක සබ් කරන්න.  ඒත් කෝමහරි ගේම ගැහුවා.
ඉතින් හැමෝටම බලලා රසවිඳින්න කියා ආරාධනා කරනවා.
මේකට ටයිම් ලයින් හදල දුන්නු තිසර නියෝ සහෝවත් මතක් කර සිටිනවා මේ වෙලාවේදී.maxresdefault

ඉතින් බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලය, මංසලේ වැඩ බාරව ඉන්න තිසර සහෝදරයා, යූ නලයේ අධිපතිතුමා, ඒ වගේම හැකි සෑම අයුරකින්ම මට සහයෝගය දක්වන ආසිරි ප්‍රියන්ත සහෝදරයාද මේ වෙලාවේ මතක්
සිනමාවේ ගීත ලොවින් ලිපි පෙළ සමගින් හැමදාම එක් වෙලා ඉන්න කියලා හැමෝටම ආරාධනා කර සිටිනවා. ඒ වගේම මේ ලිපි පෙළ ඇතුළු බයිස්කෝප් මංසල සහ අපේ මව් අඩවිය වන සුවහසක් චිත්‍රපටි පිස්සන්ගේ එකම පාරාදීසය වුනු බයිස්කෝප් සිංහලෙන් අඩවිය චිරාත් කාලයක් වැජබෙන්න කියලා ප්‍රර්ථනා කර සිටිනවා.

බයිස්කොප් සිංහලෙන් අඩවියටත් බයිකොප් මංසලටත් සහෝදර ඔබ සැමටත් ජයෙන් ජයම වේවායි පතමින් මම සමුගන්නවා.

තාරක නුවන් දිල්හාර (70 Posts)


One thought on “සිනමාවේ ගීත ලොවින් 100 | Romantic Mashup | ආදරය කරන්න මට පොඩ්ඩම පොඩ්ඩක්…. (සිංහල උපසිරසි සමඟින්)

  • April 6, 2016 at 11:22 AM
    Permalink

    තාරක සහෝටත් තිසර සහෝටත් මේ කරන වැඩේ ඉදිරියටත් කරගෙන යන්න ලැබෙන්න කියලා සුබ පතනවා…
    100 වෙනි ගීතයටත් මගෙන් සුබ පැතුම්…
    ජයෙන් ජය…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *