ආර්නොල්ඩ් ස්වාසනෙගර් ජීවිත කතාව- 6- 7 කොටස

01

02

03

04

05


 

මට මේ Kurt කියන කෙනාගේ සාර්ථකත්වයත් එක්ක හොඳ පෙලබවීමක් හිතුනා .ඒත් මට ඒකෙන් හිතුන අමුතුම දෙයක් තමයි ඇයි මේ කෙනා කන්නාඩි දාගෙන ඉන්නෙ කියන එක.
ඒ කන්නාඩි හරියට පල්ලියෙ ඉන්න ෆාදර් කෙනෙක් සර් කෙනෙක් දාන වර්ගයේ ඒවා .ඒ ෆොටෝ එකේ තිබ්බේ Kurt බෙන්ච් එකක නිදාගෙන එයාගේ පපුව උඩ ලොකු බරක් තියාගෙන ඒත් අර කන්නඩි දෙක දාගෙන .මම පින්තුරේ දිහා බලාගෙන කල්පනා කලේ කොහොමද මේ ඉගෙන ගත්ත ප්‍රොෆෙසර් කෙනෙක් වගේ කෙනෙක් කිලෝ 190 පපුවට උඩින් උස්සගෙන ඉන්නෙ කියන එක .ඒක තමයි මම මගේරචනාවේ ලිව්වෙ .රචනාව ලිව්වට පස්සෙ අපි එක පන්තිය ඉස්සරහට ගිහින් කියවන්න උනා .මම රචනාව කිව්වම පන්තියෙම ලමයි මට හිනා උනා.ඒත් මම කල්පනා කලේ මිනිහෙක් මෙච්චර උගත් ඒ වගේම ශක්තිමත් කෙනෙක් වෙන්නෙ කොහොමද කියන එක .

මම ගෑනු ලමයින්ට කැමති වෙන්න ගත්ත නිසා මම කලින්ටත් වැඩිය මගේ ඇග ගැන හොදට සැලකිලිමත් උනා.මම ක්‍රීඩකයන්ගේ ඇඟවල් හොදට අද්‍යයනය කලා .කොහොමද
ඒ අය සෙල්ලම් කරන්නෙ කොහොමද ඒ අයගෙ ඇඟවල් ක්‍රීඩාවට පාවිච්චි කරන්නේ කියලා .අවුරුද්දකට කලින් ඒ මොනවත්ම නෙමෙයි හැබැයි දැන් ඒක තමයි හැම දේම .

පාසල ඉවර උනාට පස්සෙ අපි Thalersee පාර්ක් එකට ගියා .ඒක තමයි අපේ නිවාඩු කාලය පටන් ගන්න එකේ පාටි එක වගේ එක .ඒකට පස්සෙ අපි නිතරම වගේ පාර්ක් එකට ගියා .අපි ඒකේපාපන්දු සෙල්ලම් කලා,මඩ වලින් ගහගත්තා .විලේ පීනුවා ඒ වගේම මට ඉක්මනටම අලුත් යාලුවෝ ටිකක් හදාගන්න පුලුවන් උනා .හැබැයි ඒඅය ඔක්කොම වගේ බොක්සින් ක්‍රීඩකයො,රෙස්ලින්ග් ක්‍රීඩකයො ,ඒ වගේම අනිත් ක්‍රීඩකයො වගේ අය .
මීට කලින් නිවාඩු කාලෙදි මට ලයිෆ් ගාර්ඩ් කෙනෙක්ව අදුනගන්න ලැබුනා .ඔහු Willi Richer, ඔහු එයාගේ සහයකයා වගේ වැඩ කරන්න ඉඩ දුන්නා , විලී හොද ක්‍රීඩකයෙක් .ඔහු වැඩ කරන්නේ නැති වෙලාවට මම ඔහුත් එක්ක
ඉන්නවා .ඔහු ජිම් එක වගේ පාවිච්චි කලේ පාර්ක් එක .ඔහු චින් අප් ව්‍යායාමය කලේ ගස් වල එල්ලිලා .ස්කොට් ව්‍යායාම ඩිෆ්ස් ගැහුවෙ දූවිලි ගොඩේ .ඔහු පාර්ක් එකේ පාරවල් දිගේ දිව්වා .එක පාරක් ඔහු මට බයිසෙප් එක පෝස් කරලා පෙන්නුවා aඑත්තටම ඒක
හොදටම තිබ්බා .

විලීගේහොඳ යාලුවෝ දෙන්නෙක් හිටියාහොඳටම ඇඟ හදපු දෙන්නෙක් .අයියයි මල්ලියි .එක්කෙනෙක් විශ්වවිද්‍යාලයට යන කෙනෙක් අනිත් කෙනා ටිකක් බාල කෙනෙක්.
එයාලා බර උසුලන ක්‍රීඩාව කරන අය .මම එයාලව හම්බෙන්න යනකොට ඒ දෙන්නා හිටියේ එකට ට්‍රේනින් කර කර .එයාලා ඇහුවා මට උත්සහ කරලා බලන්න ඕනෙ නම් ඒ අවශ්‍ය දේවල් ඔක්කොම කියල දෙන්නම් කියලා .අපි ආපහු විලී චින් අප්ස් ගහන්න
පුරුදු වෙලා හිටපු ගහ ලගට ගියා .එතනදි එක්කෙනෙක් මගෙන් ඇහුවා ඇයි ඔයා නිකන් ට්‍රයි එකක් දාලා බලන්නේ නැත්තේ කියලා .මට ඒ ගහේ අත්ත අල්ලගෙන දෙපාරයි උඩට ඉස්සෙන්න පුලුවන් උනේ .mමගේ අත් හයිය නැති නිසා මාව ලිස්සලා ගියා .
විලී මට කිව්වා මේ නිවාඩු කාලෙම මට පුරුදු උනොත් ඒ ගහේ අනිවාර්‍යයෙන්ම චින් අප්ස් ව්‍යායාමය 10 සැරයකට වඩා කරන්න පුලුවන් වෙයි කියලා.ඒ වගේම මගේ ලැට් මසල් එක දෙපැත්තෙන්ම සෙන්ටිමීටර් එක ගානෙ ලොකු වෙයි කියලා .ඇත්තටම මට ඒක
දැනුනෙ මන් ගැන කරපු වර්නනාවක් වගේ .ලැට් මසල් එක කියන්නෙ උරහිස් පතු වලට පහල තියන මසල් එක.මම පුදුම උනා එක ව්‍යායාමයකට මෙච්චර දේවල් කරන්න පුලුවන් කියලා .ඒ දවසින් පස්සෙ මම විලී එක්ක හැමදාම පාර්ක් එකේ ව්‍යායාම කරන්න පටන් ගත්තා .

නිවාඩුවට පස්සෙ විලී මාව වියෙනා වල තිබ්බ World Weight Lifting Championship කියන තරගයට එක්කන් ගියා.අපි ගියේ
කට්ටියක් එක්ක කාර් එකක .පැය 4ක් විතර ගියා අපේ ගමේ ඉදලා වියෙනා වලට යන්න.කොහොමින් හරි ඒතරගය ඉවරවෙන්න කලින් අපිට යන්න පුලුවන් උනා .අපි එතනට යද්දි තරගයේ අන්තිම ශෝ එක පටන් ගත්තා විතරයි. සුපිරි බර උසුලන්ගේ ඉවෙන්ට් එක තමයි තිබ්බෙ.ඒ තරගයේ ජයග්‍රාහකයා උනේ රුසියාවෙන් ආපූ Yuri Vlasov කියන කෙනා.ඒ කිලෝ 190.5 උස්සලා .මිනිස්සු 1000 වැඩිය ඒහෝල් එකේ හිටියා ඒ ඔක්කොම කෑ ගහගෙන යූරි බර උස්සනවා බලන් හිටියා.ඒ ඉවෙන්ට් එක අතරතුර තමයි බොඩිබිල්ඩින්ග් තරගය තිබ්බෙ .එදා තමයි මන් මුලින්ම බොඩිබිල්ඩර්ස් ලව දැක්කෙ .මුලින්ම මිනිස්සු ඇඟ
පුරාම ඔයිල් ගාගෙන පෝසින්ග් කරනවා දැක්කෙ .තරගය ඉවර උනාට පස්සෙ අපි ස්ටේජ් එක පිටිපස්සට ගියා.මම තාමත් දන්නේ නෑ අපි කොහොමද එතනට ගියේ කියලා .මන් හිතන්නේ කාගේ හරිසම්බන්ධ කමක් නිසා වෙන්න ඇති කියලා .arnold-schwarzeneggers-8-best-training-principles-musclepharm-arnold-series-graphic-2

ඒක ඇත්තටම කියන්න බැරි අමුතු හැගීමක් .මට අවුරුදු 13 වෙනකොට මේ කිසි දෙයක් මට දැනුනේ හිතුනේ නෑ .ඒත් අවුරුද්දකට පස්සෙ හැම දේම ඉබේම වෙන්න පටන් ගත්තා .මට ශක්තිමක් වෙන්න ඔනේ කියලා මට හිතුනා .මට ඒ ගැන හිතුනේ හර්කියුලීස් චිත්‍රපටිය බැලුවට පස්සෙ .මම ඒ ෆිල්ම් එකේ හිටපු නලුවගෙඇඟ ගැන පිස්සු වැටිලා හිටියෙ .මම ඒ ගැන විලීට කිව්වම විලී කිව්වේ ඒ Mr.Universතරගය දිනපු Reg park කියන කෙනා කියල.ඒ වගේම මම Kurt Marnul ගැන ලියපු රචනාව ගැන විලීට කිව්වම ඔහු කිව්වෙ ඒ Kurt Marnul කියන කෙනා එයාගෙ යාලුවෙක් කියලා .දවස් කීපයකට පස්සෙ මට විලී කතාකරලා කිව්වා ඔයා රචනාව ලියපු Kurt Marnul අද අපේ විලට එනවා කියලා .මම ඒ වෙනකම් මගේ යාලුවොත් එක්ක වෙන්දා වගේම විලේ පීනුවා mමඩ සෙල්ලම් කලා .

Kurt Marnul හවස් වෙද්දී ලස්සන කෙල්ලෙක් එක්ක විලට ආවා .එතකොටත් ඔහු දාගෙන හිටියේ අර පත්තරේ හිටියා වගේ කලු කන්නාඩි දෙකක් .ඇඳුම ඇඳගෙන ආවට පස්සේ අපි දැක්ක දෙයින් අපි උඩ ගියා .මන් ඒ වෙනකන් ඒ වගේ විශාල මසල් පිරිච්ච ඇඟක් දැකලා
තිබ්බේ නෑ .ලොකු අත් ,උරහිස් ඒ වගේම හොඳට කැපිල වෙන් උන ඇබ්ස් ඒවා Kurt Marnul සුපර් මෑන්ගෙ තත්වෙට ගෙනත් තිබ්බා .ඒ වගේම ඔහුත් එක්ක ආව කෙල්ලත් බිකිනි එක ඇන්දම ඇග ගොඩක් ලස්සනට තිබ්බා .Kurt Marnulදිගටම විලට එන්න පටන් ගත්තා ඒ ආවෙත් එක එක කෙල්ලො එක්ක .ඔහු හොදට අපිට සැලකුවා ,ඒ වගේම ඔහු දැනගෙන හිටියා මායි මගෙ යාලුවගෙයි දේව රූපය වගේ ඉන්නෙ එයා කියලා .

මට විලී Karl Gerstl කියන එයාගෙ අලුත් යාලුවෙක් අදුන්වලා දුන්නා .Karl මට වැඩියඅවුරුදු කීපයක් වැඩිමහල් කෙනෙක් .ඒත් අපි දෙන්නා හම්බෙලා ටික කාලයකට පස්සෙ
මට කාල්ගෙ වෙනසක් පෙනුනා .හරියට මසල් ටිකක් හැදිලා වගේ .ඉතින් මන් aඇහුවා ඔයා සෙල්ලම් කරනවද කියලා .කාල් කිව්වා ‘ඔවු මන් සෙල්ලම් කරනවා හැබැයි මන් Chin ups ව්‍යායාමයයි Sit up ව්‍යායාමයි දවසට 100 ගානේ කරනවා .හැබැයි එච්චරයි මන් දන්නේ කියලා ‘.මමඔහුට කිව්වා මායි විලීයි එක්ක හැමදාම ට්‍රේනින්ග් එකට එන්න කියලා .Kurt Marnul අපිට ව්‍යායාම කරන්න කියලා දුන්නා .ටික කාලයක් යද්දී විලීගෙ යාලුවෝ කීප දෙනෙකුත් Kurt Marnul ජිම් එකේ කීප දෙනකුත් එකතු උනා .ඒ ඔක්කොම මට වැඩිය වැඩිමල් අය .එතන හිටපු වැඩිමල්ම කෙනාට වයස අවුරුදු 40 ක් .එයාගේ නම’ මුයි”.ඔහු තරුණ කාලෙදි හොද පොරබදින්නෙක්( Wrestler) ඒ වගේම Kurt Marnul
වගේම උපාධිධාරීයෙක් .මුයි විශ්වවිද්‍යාලයේ උගන්නපු නිසා ජීවත් උනේ රජයෙන් දුන්න ගේක .මුයි ගේ පඩිය දුන්නෙත් රජයෙන් .ඒ වගේම හොදට ඉන්ග්‍රිසි කතාකරන්න ඒ වගේම ලියන්න කියවන්න පුලුවන් උන නිසා අපේ කන්ඩායමට මුයි නැතුවම බැරි උනා .ඔහු තමයි අපේ කන්ඩායමට බොඩිබිල්ඩින්ග් ගැන තිබ්බ සඟරා වගේම ඇමරිකාවෙ නිකුත් කරපු Playboyසඟරාව අපිට පරිවර්තනය කරලා කියෙව්වෙ


ලිපිය
salitha22's Avatar salitha22 

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
විකියා (159 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


විකියා

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

bkinfo has 159 posts and counting.See all posts by bkinfo

4 thoughts on “ආර්නොල්ඩ් ස්වාසනෙගර් ජීවිත කතාව- 6- 7 කොටස

  • April 1, 2016 at 11:28 AM
    Permalink

    Please give all story as soon as possible.

  • March 23, 2016 at 7:24 PM
    Permalink

    ikmanatama okkoma kathawa denna ela

  • March 21, 2016 at 7:33 AM
    Permalink

    elahh

  • March 21, 2016 at 4:35 AM
    Permalink

    thx

Leave a Reply

Your email address will not be published. Required fields are marked *