ආර්නොල්ඩ් ස්වාසනෙගර් ජීවිත කතාව- පලවෙනි කොටස

බොඩි බිල්ඩින්ග් කරන අපි දන්නවා ආර්නොල්ඩ් ස්වාසනෙගර් කියන්නේ කවුද කියලා.ආර්නොල්ඩ් ස්වාසනෙගර් කියන්නේ බොඩිබිල්ඩින්ග් ඉතිහාසයේ Legend එකක් .මේ කොටස් වශයෙන් පලවෙන ඔහුගේ ජීවිත කතාවයි .

ඕස්ට්‍රියාවෙන් පිටතට — පලවෙනි කොටස

මම ඉපදුනේ සාගතය තිබුන අවුරුද්දක .ඒ 1947. ඒ කාලේ හිට්ලර් ගේ රාජදානිය පරද්දන්න ආපු මිත්‍ර හමුදා ඔස්ට්‍රියාවේ පිරිලා හිටියේ .මම ඉපදෙන්න මාස දෙකකට කලින් වියෙනා වලයි ස්ටයිරියා වලයි මිනිස්සු බඩගින්න නිසා පාරට බැහැලා කලබල කරලා තිබ්බා .ඒ නගර වලට ගිනිකොන දිශාවෙන් තිබ්බ අපේ ගමෙත් වෙලා තිබ්බේ ඒ ටිකම තමයි .අවුරුදු ගානකට පස්සේ මට කන්න දෙන්න අම්මයි තාත්තයි මහන්සි උන විදිහ අම්මා නිතරම මට මතක් කලා.සමහර විට බටර් පොඩ්ඩක් ඒ වගේම සහල් ,සීනී ටිකක් හොයාගන්න ගෙදර ඉදලා දවස් 3 ක පමන දුර ගොවිපලවල් වලට ගිහින් තියනවා .

තාල් කියන්නේ අපේ ගම .ඒක සාම්ප්‍රදායික ගොවිපලවල් තියන ගමක් .මුලු ගමේම හිටියේ පවුල් 400 කටත් අඩු ප්‍රමාණයක් .අපේ ගෙවල් සහ අපේ ගොවිපලවල් එකට සම්බන්ධ වෙලා තිබ්බේ අඩිපාරවල් වලින් හා පටු මාර්ග වලින් .ඒ වගේම Gasthaus inn එක තමයි ගමේ තිබ්බ එකම සමාජ ශාලාව .අපි බ්‍රිතානය සොල්දාදුවන් බොහොම පොඩි ප්‍රමාණයක් තමයි දැකලා තිබ්බේ ,ඒත් ඉදලා හිටලා අපේ ගම අතරින් ගිය ට්‍රක් එකක හිටපු පිරිසක් විතරයි.ඒත් ගමේ නැගෙනහිර පැත්ත අයිති වෙලා තිබ්බේ රුසියන් හමුදාවට ඒක නිසා අපි ඒ අයගෙන් බොහොම පරිස්සම් වෙලා හිටියේ .සීතල යුද්ධය පටන් ගත්තට පස්සේ අපි ගොඩක් බයෙන් හිටියෙ මොනව වෙලාවක හරි රුසියන් යුද්ධ ටැංකියක් ඇවිත් අපේ ගම විනාශ කරයි කියලා .ඒ පල්ලියෙන් අපිට කියලා තිබ්බ බය හිතෙන කතා නිසා.ඒ රුසියන් හමුදාව අම්මලගෙ අතේ ඉන්න පොඩි ලමයින්ටත් වෙඩි තියනවා කියලා කිව්ව නිසා .

අපේ ගේ තිබ්බේ ප්‍රධාන පාරට මායිම් වෙලා කන්දක් උඩ.ඉතින් දවසකට කාර් එකක් දෙකක් දකින්න පුලුවන් උනා.ඒ වගේම අපේ ගෙදර ඉස්සර දොරට හරියටම යාර 100 දුරින් පරන ගරාවැටුන මාලිගාවක් තිබ්බා .ඒ වගේම අම්මා අපිව නිතරම පල්ලියේ ඉරිදට තියන මහා පූජාවට සහභාගි කරවනවමයි.

මට පරණම මතකය වෙන්නේ අම්මා රෙදි සෝදන එකයි තාත්තා ගල්අඟුරු ලිපට දාන එකයි .ඒ කාලෙදී මට වයස අවුරුදු 3 ක් වත් නැතුව ඇති .ඒ උනත් තාත්තගෙ මතකය තමයි මගේ හිතේ ගොඩක්ම කාවැදිලා තියන මතකය .තාත්තා ශරීර ප්‍රමාණයන් ලොකු ක්‍රීඩකයෙකුගේ පෙනුම තිබුන කෙනෙක් .ඒ වගේම තනියම වැඩ ගොඩක් කරන කෙනෙක් .හැම සරත් සමයකම අපිට සීත කාලයට උනුසුම්ව ඉන්න ගල්අඟුරු ලැබෙනවා .හැබයි ට්‍රක් එකෙන් එක දාලා යන්නේ අපේ මිදුල මැද්දෙ .ඒ ගල්අඟුරු කන්ද තාත්තා තනියම ගල්අඟුරු දාලා තියන කාමරයට අදිනවා .සමහර විට මටත් ඒ වගේම මගෙ අයියාටත් තාත්තා උදව් කරන්න ඉඩදෙනවා .
480402176මගේ තාත්තගෙ නම Gustav Schwarzenegger,අම්මා Aurelia Jadrny.මේ දෙන්නා විවාහ උනා 1945 දී එතකොට තාත්තගෙ වයස 38යි අම්මට 23 යි .1946 මගෙ අයියා Meinhard Schwarzenegger
ඉපදුනා .එතකොට 1947 මම ඉපදුනා .තාත්තා තාල් කියන අපේ ගමේ ආරක්ශකයෙන් විදිහට රැකියාව කලා.තාත්තාගේ පඩිය අපිට යන්තමින් ජීවත් වෙන්න ඇති උනා .ඒත් ඒ රැකියාව නිසා අපිට වන ආරක්ශක නිලධාරින් ගේ බංගලාවේ නවතින්න පුලුවන් උනා.අපි කලින් හිටපු ගෙදර බොහොම සුළු පහසුකම් සහිත ගලින් හා ගඩොල් වලින් බැදපු ගෙයක් .ඒ ගෙදර තිබ්බේ නිදන කාමර දෙකකුයි කුස්සියකුයි විතරයි .කුස්සියේ තමයි අපි කෑවේ ,සෙල්ලම් කලේ,ගෙදර වැඩ කලේ,ඒ වගේම නෑවේ .ඒ වගේම ගෙදර කිසිම නල පද්ධතියක් තිබ්බේ නෑ .ලගම තියන ලිද තිබ්බෙත් හැතැප්ම කාලකටත් වැඩිය දුරින් .ගෙදර වතුර ඉවර උනහම කොච්චර මම හරි අයියා හරි ගිහින් වතුර ගෙන්න ඕනේ .කොච්චර වැස්සත් කොච්ච්ර හිම වැටුනත් වතුර ගේන්න යන්න ඕනේ .ඒක නිසා අපි සීත කාලෙදි පුලුවන් තරම් වතුර අඩුවෙන් පාවිච්චි කලා .නාන්න උනත් වතුර උනු කරහම මුලින්ම නාන්නේ අම්මා .ඊට පස්සෙ තාත්තා.අන්තිමට තමයි අපි දෙන්නට නාන්න ලැබෙන්නෙ .වතුර පොඩ්ඩක් කලු පාට උනත් අපි නාන්නේ අලුත් වතුර ගෙන්න ගොඩාක් සීතලේ යන්න වෙන නිසා .ඒ වගේම අපිට තිබුනා ගෘහ බාන්ඩ බොහොම සුලු ඒවා කීපයක් .ඒ වගේම විදුලි ලාම්පු කිහිපයක් විතරයි .


 

ලිපිය
salitha22's Avatar salitha22
මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
විකියා (159 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


විකියා

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

bkinfo has 159 posts and counting.See all posts by bkinfo

6 thoughts on “ආර්නොල්ඩ් ස්වාසනෙගර් ජීවිත කතාව- පලවෙනි කොටස

  • November 3, 2016 at 4:17 PM
    Permalink

    මගේ පොස්ට් එකක් බයිස්කෝප් එකෙ දැක්කමත් සතුටුයි

  • March 20, 2016 at 8:14 PM
    Permalink

    maru lipiya. ane ituru tikat ikmanata dannako. mewa lami kiyawanawa nam maru.

    chatura

  • March 19, 2016 at 11:46 AM
    Permalink

    thanks bro, nice work

  • March 17, 2016 at 8:13 AM
    Permalink

    නියමයි සහෝ
    එලටම ලියල තියනව
    යම් ප්‍රමනයකට මේ දේවල් දැනගෙන හිටියට මේ තරම්ම විස්තරයක් දැනගෙන හිටියෙ නෑ
    බොහොම ස්තුතියි දැනුවත් කිරීම වෙනුවෙන්

  • March 17, 2016 at 6:46 AM
    Permalink

    Maxxxaaa

  • March 16, 2016 at 5:42 PM
    Permalink

    ලිපියට බොහොම ස්තූති සහෝ.ආර්නෝල්ඩ් මෙච්චර දුක් විදපු කෙනෙක් කියලා මං දැනන් හිටියේ නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *