ඉදිරි දිගහැරුම XC (Part 02) | Ice Age: Collision Course (2016)

Ice Age කියන්නේ අපි කවුරුත් දන්න, හිනාවෙවී ආසාවෙන් බලපු ලස්සනම කාටූන් චිත්‍රපට සෙට් එකක්! ඉතින් මේ හිම යුගයේ කාටූන් චිත්‍රපට මාලාවේ මේ වන විට ප්‍රධාන කොටස් 4ක් නිකුත් වෙලා තියනවා.unnamed (1)

  1. Ice Age (2002)
  2. Ice Age: The Meltdown (2006)
  3. Ice Age: Dawn of the Dinosaurs (2009)
  4. Ice Age: Continental Drift (2012)

කතාවේ ඉන්න ප්‍රධාන චරිත ටික දෙනෙක් තමයි මේ…

unnamed (2) unnamed (7) unnamed (8) unnamed (9) unnamed (10) unnamed (12) unnamed (13) unnamed (14) unnamed (11)

මේව නම් ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑ තමයි, කවුරුත් දන්නවනෙ. කොහොම උනත් මම මුල ඉඳලම පටන් ගන්නම්. මේ තියන පිංතූරය පේනවා නේද? ඔන්න ඔය පුංචි ළමයා නිසා තමයි මේ අපූරු යාළුවො ටික එකතු උනේ. මුලින්ම කණ්ඩායමේ හිටියේ තුන්දෙනයි. ඒ තමයි සිඩ්, මැනී සහ දියේගෝ. අයිස් ඒජ් දෙවැනි කතාවේ ඉඳලා තමයි තවත් අය මේගොල්ලන්ට හමු වුණේ.

unnamed (3)මේ පුංචි ළමයව එයාගේ දෙමව්පියන් ගාවට ගෙනිහින් බාරදීලා, ඊට සතියකට පස්සේ ලොකු ජල ගැල්මකටත් මුහුණ දීලා, සිඩ්ව බේරගන්න පොළොව යට ඩයිනෝසරයන්ගේ ලෝකයටත් ගිහින් ඇවිත් මුහුදෙ රජ කරපු දුෂ්ට චිම්පන්සි කපිතානයෙකුත් පරද්දලා මේ අය ලොකු වික්‍රමාන්විත සිදුවීම් ගණනාවකට මුහුණ දුන්නා. ඒ වගේම තමයි ඉතින් විහිළුවලිනුත් කිසි අඩුවක් නෑ නේද? 🙂 Ice Age කිව්වම ඉතින් සිනා සාගරයක්නෙ නේද…


 

ඉතින් මම මේ ලිපියෙන් ඔයාලව දැනුවත් කරන්න යන්නේ Ice Age : Collision Course නමින් හැඳින්වෙන Ice Age 5 ගැන.

unnamed (4)                      Ice Age 5 : Collision Course හි අධ්‍යක්ෂක තමයි Mike Thurmeier. Adventure / Comedy ගනයට අයත් වන මෙහි සම්පූර්ණ ධාවන කාලය දළ වශයෙන් පැය 01යි මිනිත්තු 40යි. 2016 ජූලි 22 වන දින මෙය නිළ වශයෙන් නිකුත් කිරීමට නියමිතයි. Blue Sky Studios හා 20th Century Fox Animation සමාගම විසින් සුපුරුදු පරිදි මෙහි නිෂ්පාදන කටයුතු කරගෙන යනවා. අයිස් ඒජ් 1,2,3,4 දි වගේ 5 දිත් අර පිස්සු ලේනා ස්ක්‍රැට් ලොකු විනාශෙකට මුල පුරනවා. ඇත්තටම Collision Course එකේ සිදු වීමට ප්‍රධාන වෙන්නේ මේ ස්ක්‍රැට්ගේ වැරැද්දකින් වෙන දෙයක්. ඒක ඉතින් ට්‍රේලර් එක බැලුවම හොඳටම තේරෙනවා.
                                                  ඒක නිසා මම කතාව ගැන විස්තරයක් කරන්න යන්නේ නැහැ. මේකෙදි අපිට විශේෂ චරිතයකුත් ආයෙ හමුවෙනවා.ඒ තමයි අපේ සුපිරි වැඩකාරයා බක්! unnamed (5)
 BUCK
දැනට මේ වෙනුවෙන් නිළ පූර්ව ප්‍රචාරක පට දෙකක් නිකුත් වෙලා තියනවා. ඒ දෙකත් අනිවා බලන්න…
Ice Age: Collision Course | Official Trailer [HD] | 20th Century FOX


Ice Age: Collision Course | Official Trailer #2 | 2016

                       ඉහළ මට්ටමේ ත්‍රිමාණ සජීවීකරණයකින් යුතු මේ අපූරු සලරුවත් ඉක්මනින්ම කිසි කරදරයක් නැතුව සිංහල උපසිරැසිත් එක්ක බයිකෝප් අඩවියෙන්ම අපිට බලාගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් මම මගේ ලිපිය අවසන් කරනවා. තවත් වටිනා ලිපියකින් නැවත හමුවෙමු…

හැමෝටම ජයෙන් ජය… #_-

බුදු සරණයි..!

Hashan Maduwantha (20 Posts)


2 thoughts on “ඉදිරි දිගහැරුම XC (Part 02) | Ice Age: Collision Course (2016)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *