MCU වල මෙහෙම දේවල් වෙන්නත් පුළුවන් ! ද? *

=+=+=+=+=+=+=+=+=+=+=+=+=+=+=+=+=+=
———————————–
************************************

Marvel යනු අපි කවුරු දන්නා කොමික් ක්ශේත්‍රයේ දැවැන්තයෙක්. ඔවුන් විසින් ප්‍රධාන වශයෙන් චිත්‍රපට වලින් රිදී තිරය ආක්‍රමණය කරනවා පමණක් නෙමෙයි. අනෙකුත් කොමික් සමාගම් වල විදියටම ටෙලිනාට්‍ය අතිනුත් කොමික් පාදක කතා, කතා මාලාවන් ලෙස ඉදිරිපත් කරමින් ලොකු පෙරලියක් සිදු කරනවා. මේ අතර

Marvels Agents of S.H.I.E.L.D.
Marvels Agent Carter
Dare Devil
Jessica Jones

වැනි කතා මාලා දැනටමත් රසික උන්මාදයට හේතු වී තිබෙනවා.01 2014 Octomber (1) copy

වර්ථමානය වන විට Marvel විසින් 2020 දක්වා ඔවුන්ගේ චිත්‍රපට පෙලගැසීම පෙන්වා දී තිබෙනවා. මේ වසරේ (2016) සහ ලබන වසරේ (2017) චිත්‍රපට පෙලගැසීම් වල ආරය තහවුරු වූවත් තවමත් මාවල් සමාගම විසින් 2018,2019,2020 වසර තුන තුල එලිදැක්වීමට නියමිත ප්‍රධාන චිත්‍රපට ප්‍රකාශය කොට ඇතුවා පමණයි. අපට තවමත් එහි නිවැරදි පෙලගැසීම තීරණය කරගැනීමට අපහසුයි. එයට හේතුව ඉදිරියට පැමිණීමට නියමිත චිත්‍රපට සහ ඒවායේ සාර්ථක / අසාර්ථකත්වයන් අනුව ඉදිරි ප්‍රධාන චිත්‍රපට අතරට තවත් අතුරු චිත්‍රපට පැමිණීමට හැකියි. එමෙන්ම එම හේතුව නිසා චිත්‍රපට එලිදැක්වීමට ඇති කාලයන් වෙනස් වීමට හැකියාව පවතිනවා. Marvel’s Agents of S.H.I.E.L.D. කතා මාලාවේ Inhumans වරුන් ඉදිරි චිත්‍රපට වලට සම්බන්ධ කිරීමක් ලෙසින් තමයි මේ විදියට චිත්‍රපටයක් 2019 / ජූලි /12 වෙනි දින එලි දැක්වීමට සූදානමින් තිබෙන්නේ. එමෙන්ම මේ අතරින් නැවතත් Phill Coulsen, Sky (Daisy) වැනි චරිත ප්‍රධාන වශයෙන් Infinity War චිත්‍රපටයන්ට එකතු විය හැකියි. මේ සියලුම කතාවන් ඉදිරියට ගමන් කරන්නේ Infinity War කතා මාලාවන් වලින් Avengers වල මෙන් වීරයින් නැවතත් එකමුතු වී සුපිරිම යුද්ධ, සටන්, ත්‍රාසය පිරුණු කතා පෙලක් ලෙස රසිකයින් හට ලබා දීමටයි.unnamed (5)

ඉදිරියේදී මෙම Avengers කණ්ඩායමට එකතු වීමට නියමිත බොහෝමයක් සුපිරි වීරයින් Marvel විසින් තිරය පිටුපසට කොට තබාගෙන සිටින්නේ ඉදිරි කතාවන් වල අන්තර්ගතයන්, කතාවේ ගලාගෙන යෑම කෙසේ වෙනස් විය යුතු ද? යන කාරණාවන් ඔස්සේ රසිකයින්ට ත්‍රාසය, වික්‍රමාන්විතත්වය, පුදුමය ලබා දීම යන කරුණු පදනම් කොටගෙනයි. මෙවැනි තවත් චරිතයන් කිහිපයක් පිලිබඳව අපට දැනගන්නට ලැබුණත් ඒ හුදෙක්ම කටකතාවන් පමණයි. පලමු අවධියේදී බොහෝම මුල් කාලයේදී Black Panther, Spider Man මේ කතාවන් වලට එකතු වීමට ඇති බව අපට කටකතා පමණයි අසන්නට ලැබුනේ. නමුත් අද වෙනවිට ඒ කටකතාවන් සැබෑවක් වී තිබෙනවා. CAPTAIN AMERICA: CIVIL WAR කතාවේදී Black Panther පැහැදිලිවම දකින්නට ලැබෙන්න අතර Spider Man පිලිබඳව අපහැදිලි තොරතුරු අපට අසන්නට ලැබුනා. නමුත් මේ වනවිට Spider Man ගේ ආගමනය CAPTAIN AMERICA: CIVIL WAR කතාව හරහා සිදුවෙන බව අන්තර්ජාලයේ විශ්වාසනීය ප්‍රවෘත්ති අඩවි වල සඳහන් වෙනවා. එය කැමියෝ එකක් ලෙසද, චිත්‍රපටය අතරේ හැඳින්වීමක් ලෙසද, නැතහොත් End Credits Scene එකක් හරහාද යන්න තවමත් පැහැදිලිවම තොරතුරු සඳහන් කොට නෑ.

මේ තොරතුරු අතරේ තවත් නවමු තොරතුරු කිහිපයක් පිලිබඳ දැනුම් දෙන්නයි මේ ලිපියෙන් සූදානම් වෙන්නේ. නමුත් මෙම තොරතුරු 100%ක් නිවැරදිද, මේවා සැබෑ විය හැකිද යන්න චිත්‍රපටය දකින තුරු අපට විශ්වාස කල නොහැකියි. උදාහරණයක් ලෙස CAPTAIN AMERICA: CIVIL WAR කතාව අවසානයේ කැප්ටන් ඇමරිකා මැරෙන බවට පුවතක් පැතිර යන අතර, එහි සත්‍ය අසත්‍ය බාවය චිත්‍රපටය නිකුත්වනතුරු ප්‍රත්‍යක්ශ කරගත නොහැකියි.unnamed (4)


හල්ක් CIVIL WAR වල දකින්න ලැබේවි ද?
===============================

Captain America: Civil War වල දැනටමත් ඔනේවටත් වඩා ගොඩක් ඇවෙන්ජර්ස්ලා පිරිලා ඉන්නේ. හැබැයි ඒක නරක දෙයක් නම් නෙමෙයි. නමුත් ලැබෙන තොරතුරු අනුව මේ කණ්ඩායම් දෙක අතරට තවත් ලොකු ඉඩක් මෙයාටත් වෙන් කරන්න වේවි ද? නමුත් හල්ක් මේ කිසිම කණ්ඩායම දකින්නට නොලැබෙන අතර අවසාන තත්පර කිහිපයේ විනෝදයට වගේ චිත්‍රපටයට එකතු කරන්න සූදානම් වීමට හැකියාවක් තිබෙන බව සඳහන් වෙනවා.

බෘස් බැනර් (Mark Ruffalo) සිවිල් වෝ කතා මාලාවත් සමග ගොඩක් අය අතර කතා බහට ලක්වුනා. බෘස් බැනර්  (හල්ක්) Thor: Ragnarok චිත්‍රපටය හරහා දකින්න ලැබෙන බව අප අනිවාර්යෙන්ම දන්න කරුණක් වූවත්, සිවිල් වෝ වලින් ඔහුව දකින්නට ලැබෙන්නේ නැති බවයි සඳහන් වුනේ. Avengers: Age of Ultron කතාවේ අවසානයේදී ක්වින් ජෙට් එකක තනියම නැග කණ්ඩායමෙන් ඈතට යන අයුරක් තමයි අපට අවසාන වශයෙන් දකින්නට ලැබුනේ. අයන් මෑන් චරිතය රඟදක්වන Robert Downey Jr. විසින් පවසනු ලැබුවා Ruffalo චිත්‍රපටයේ රඟදක්වන බවක්. නමුත් අවසාන වශයෙන් චිත්‍රපටයේ අවසන් තීරක අවස්ථාවේදී එම දර්ශණයන් සිවිල් වෝ කතාවෙන් කපාහැර දැමූ බවක් දැනගන්නට ලැබුණා. නමුත් සිවිල් වෝ චිත්‍රපටයේ මුලින්ම හල්ක් ඇතුලත් කිරීමට තීරණය කලානම් අවසානයේ බෘස් බැනර් පිලිබඳව කුඩාවට හෝ පැහැදිලි ඉඟියක් ලබාදීමට ඉඩකඩ තිබෙනවා.unnamed (2)

කොහොම නමුත් ඔහු යන්තමින් හෝ සිවිල් වෝ චිත්‍රපටයේ දකින්න ලැබේවි කියලා අපට විශ්වාසයක් තබන්න පුළුවන් සිදුවීමක් සිදුවුනා. BBC1 රෙඩියෝ නාලිකාවේ විස්තර විචාරක වැඩසටහනකදී Anthony Mackie (සෑම් විල්සන් / ෆැල්කන්) කටින් පිටවී තිබෙනවා, Robert Downey Jr., Scarlett Johannson, අතරේ Ruffalo සහභාගී වෙන බවක්.

නමුත් ඔහු විසින් මේ පිලිබඳව තවදුරටත් වැඩි විස්තර කිරීමක් සිදුකර නැහැ. ඔහුගේ කටින් වැරදිලා මේ විස්තර පිටවූවාද නැතිනම් කතාව බලන්නට පුන පුනා බලා සිටින අපට පුදුමයක් විදියට ඔහුගේ දර්ශණයක් කතාව අතරතුර පෙන්වීමට ඉඩ තිබෙනවාද යන්න තවමත් පැනයක්. කෙසේ නමුත් අපි කතාව පිටවන තුරු විවෘත මනසකින් සිටීමු.


CAPTAIN AMERICA: CIVIL WAR චිත්‍රපටයේ අවසානයි මතභේදකාරීයි. ‘Pepper Potts’ පෙනී සිටීම තහවුරුයි.
================================================================

ඇවෙන්ජර්ස් පලමු කතාවේදී Pepper Potts පෙනී සිටියා. මුලදි ටෝනි ස්ටාර්ක්‘ගේ සහායිකාව ලෙස සිටි ඇය කල් යත්ම ඔහුගේ පෙම්වතිය බවට පත් වෙනවා. Iron Man 3 කතාවේදී ඇයටත් සුපිරි බලයක් ලැබුණා. රසිකයින් වන අපි නම් බලාපොරොත්තු වුනේ ඇයව Age of Ultron කතාව තුලදී ඇයව දැකගන්නට හැකියාව ලැබේවි කියලයි. නමුත් මෙදාපාර නම් අපට Gwyneth Paltrow (පෙපර් පොට්ස්) අනිවාර්යෙන්ම සිවිල් වෝ චිත්‍රපටය තුලින් දැකගන්නට ලැබෙන බව තහවුරුයි.01


Avengers: Infinity War චිත්‍රපටයේ Jessica Jones ට අවස්ථාවක් ලැබේවි ද?
=======================================================

ලිපිය ආරම්භ හැඳින්වීමේදී සඳහන් කරන්න යෙදුනා, චිත්‍රපට වලින් පමණක් නොවෙයි මාවල් සිනමැටික් යුනිවර්ස් එක පෙරලියක් කරන්න සූදානම් වෙන්නේ. මුලදීම Marvels Agents of S.H.I.E.L.D. හරහා Inhumans චිත්‍රපටය උත්පත්තිය ලබා, එය ඉන්ෆිනිටි වෝ චිත්‍රපටයත් සමග එකතු වී පෙරලියක් සිදු කරාවි. ඒ වගේම තමයි ප්‍රධාන චිත්‍රපට පෙලපාලියට එකතු වෙන්න සූදානම් වෙන්නේ Marvels Agents of S.H.I.E.L.D. කතාව පමණක්ම නෙමෙයි. Jessica Jones චරිතයත් Avengers: Infinity War එකට එකතු කරන්න යන බවට පුවතක් පැතිරෙනවා. දැනට කතාවන් ගලාගෙන යන ආකාරයත් සමග Infinity War චිත්‍රපටය අති දැවැන්ත චිත්‍රපටයක් ලෙසින් එලි දක්වන්නයි සූදානම් වෙන්නේ. Gurdians of the Galaxy චිත්‍රපටයත්, මේ සමගම එකට මුහු වෙන නිසාම අනිවාර්යෙන්ම මේ Infinity War චිත්‍රපටයන් MCU වලින් එලිදක්වන්නට සූදානම් වෙන දැවැන්තම චිත්‍රපටයන් කියලා අපි හිතාගන්න එක සර්ව සාධාරණයි.unnamed (3)

මෙම සද්ධන්ත චිත්‍රපට වික්‍රමයේ තවත් අඩිතාලමක් විදියට දැනටමත් ආරම්භ කොට ඇති පුංචි තිරයේ තිරගත කොට වගා කරන චරිතයන් ලොකු තිරයට ගෙන ඒමට දැන් MCU එක ආරම්භ කරන එක නම් සිනමා රසිකයින්ට අමතක නොවන රසාස්වාදයක් ඇති කරනු ඇති.

ඉතිං ජෙසිකා ජෝන්ස් ඉන්ෆිනිටි වෝ වලට පැමිණේවි ද? MCU එක විසින් Jessica Jones චරිතය ඉන්ෆිනිටි වෝ එකට සම්බන්ධ කරගන්න තීරණය කලොත්. Jessica Jones චරිතය රඟදක්වන Krysten Ritter ගෙන් “පුංචි තිරයේ ඉඳන් රිදී තිරයට පනින්න සූදානම් ද?” යනුවෙන් විමසද්දී ඇය විසින් මෙසේ මාධ්‍යට අදහස් දක්වා තිබෙනවා.

“That’s an interesting question because I love Jessica and I love any opportunity to play her. Obviously, it’d be really exciting to be a part of those giant, huge movies with those great characters who are already established, so it’d be awesome. … It’d be awesome if I got to pop up somewhere else. There’s always the chance that could happen. I don’t really know, they don’t tell me anything, so I’m totally stoked about the playground on Netflix.”

“ඒක සිත්ගන්නාසුලු ප්‍රශ්ණයක්. මොකද කිව්වොත් මම ජෙසිකා ජෝන්ස් චරිතයට ගොඩක් ආසයි වගේම තමයි, මම බොහෝම කැමතියි ඇයගේ චරිතය නැවතත් රඟ දක්වන්න අවස්ථාවක් ලැබෙනවා නම්. නිසැකයෙන්ම මම ගොඩක්ම නොඉවසිලිමත් බවකින් ඉන්නේ දැනටමත් පිහිටුවා ඇති ප්‍රධාන චරිත ඉන්න චිත්‍රපට දැවන්තයින් අතරේ කොටස්කාරියක් වෙන්න. ඒක නිසා ඒක නියම අත්දැකීමක් වේවි. එකපාරටම මටත් වෙනත්ම තැනකින් මතුවෙන්න ලැබෙනවා නම්. ඒ වගේ දෙයක් සිද්ධ වෙන්න අවස්ථාවක් තිබෙනවා. හැබැයි මේක සැබෑවටම සිද්ධ වේවිද කියලා මම දන්නේ නෑ. එයාලා තාම මට කිසිම විස්තරයක් කියන්නේ නෑ. ඉතිං එතතං මම සම්පූර්ණයෙන්ම ඉන්නේ නෙට්ෆ්ලික්ස් මගේ රංගන භූමිය කරගෙන, ඕනේම දේකට සූදානමින්.”

දැනට අපි හොඳාකාරවම දන්නවා, පුංචි තිරයේ ඉන්න ඉන්න චරිත රිදී තිරයට ගේනවට වඩා Spider ManMCU එකට ගේන්න මාවල් සමාගමට ගොඩක් කරදර විඳින්න සිදුවුනා. ඒ කියන්නේ මාවල් සමාගමට Daredevil, Jessica Jones ඇතුලු එම ටෙලිනාට්‍ය වල ඉන්න අනෙකුත් චරිත රිදී තිරයේ වික්‍රමයන්ට සහභාගී කරගන්නට බැරි කමක් නෑ. Infinity War චිත්‍රපටයන් වලට ප්‍රධාන චරිත 60 ක් හෝ ඒ ආසන්න ප්‍රමාණයක් සහභාගී ඉඩප්‍රස්ථාව තිබෙන බවක් Anthony Russo / Joe Russo (Russo Brothers) අධ්‍යක්ශකවරුන් විසින් ප්‍රකාශ කොට තිබෙනවා. මේ අතරේ ජෙසිකා ජෝන්ස් චරිතයත් එම ලැයිස්තුවේ තැනක ඉන්න ඉඩ තිබෙන බව ඔවුන් විසින් පවසා සිටිනවා.
.
.
.
.
.

දැනට MCU Phase:1 සහ Phase: 2 දෙකම ගලාගෙන ගියේ කොමික් පොත් වල තිබෙන කතාවන් වලට සමීප සබඳතාවයක් තබාගනිමින්. මේ නිසා ටෙලිනාට්‍ය වලට ඒ ආකාරයටම ගලාගෙන යන්නට ඉඩ ප්‍රස්ථාව ලබාදී චිත්‍රපට පෙල ලොකු වෙනස්කම් වලට භාජනය කිරීමේ අවධානමක් නොගෙන සාමාන්‍ය ආකාරයෙන්ම ඉදිරියට ගෙනයෑමට ඉඩ තිබෙන්නත් පුළුවන්. මේ සියල්ලක්ම තවමත් අවිනිශ්චිතයි. නමුත් ඉහත ඉදිරිපත් කරපු දේවල් වලට ලොකු එලියක් වැටෙන පුවතක් තමයි මේ ඉදිරිපත් කරන්න යන්නේ.unnamed (1)

Joe Russo විසින් අලුතින් ප්‍රකාශයට පත්වුනු Empire සඟරාවට මේ විදියේ ප්‍රකාශයක් ඉදිරිපත් කොට තිබෙනවා.

“The consequences of Civil War will have an even more significant impact than The Winter Soldier. In Civil War, we’re going to change the Marvel Cinematic Universe’s Psychology, and it’s an extreme shift.”

“සිවිල් වෝ කතාව Winter Soldier කතාවට වඩා ලොකු ඝට්ඨනයක් ඇති ඇති කරන කතාවක්. මේ අනුව සිවිල් වෝ කතාවේ සිදුවීම් සමග අපි සම්පූර්ණ මාවල් සිනමා විශ්වය ගැන හිතේ මවාගෙන ඉන්න අයුරු වෙනස් කරන්නයි යන්නේ, ඒ වගේම ඒක අති විශාල වෙනසක් වේවි.”

එමෙන්ම ඔහු තව දුරටත් ප්‍රකාශ කොට තිබෙනවා…

“Winter Soldier was a political thriller; this is a psychological thriller.”

“Winter Soldier කතාව දේශපාලනික ත්‍රාසය දනවන කතාවක්; මෙම කතාව මනසට ත්‍රාසය දනවන කතාවක්”


මේ අනුව අපිට අවසාන වශයෙන් තීරණය කරන්න වෙන්නේ අවිනිශ්චිත බවින් සහ නිශ්චිත බවින් පිරුණු MCU එක කොහොමවත්ම ලෝකය පුරාම සිටින රසිකයින් කලකිරවන එකක් නම් නැහැ. අපිට අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ 2020 වෙනකං අතුරු ආන්තරාවක් නොවී මේ චිත්‍රපටි ටික කොහොමහරි බලාගන්න පුළුවන් වෙන්න කියලයි.

ආයුබෝවේවා !!!

ප්‍රනීත් චින්තක රණසිංහ (6 Posts)


13 thoughts on “MCU වල මෙහෙම දේවල් වෙන්නත් පුළුවන් ! ද? *

  • February 28, 2016 at 8:28 PM
    Permalink

    බොහොම ස්තූතියි සහෝදරයා මේ ලිපියට. මoසලට ජය වේවා…!!!

  • February 28, 2016 at 7:42 AM
    Permalink

    Thanks broo…

  • February 26, 2016 at 10:20 PM
    Permalink

    නියමයි සහෝ ස්තූතියි විස්තර වලට

  • February 26, 2016 at 10:17 PM
    Permalink

    kohomada bn 2020 wenakan iwasanne ?

  • February 26, 2016 at 5:20 PM
    Permalink

    el el thz

  • February 26, 2016 at 12:14 PM
    Permalink

    THANKS

  • February 26, 2016 at 12:14 PM
    Permalink

    PATTTAAAAA

  • February 26, 2016 at 11:23 AM
    Permalink

    මාර්වල් ලට ඉතින් සල්ලි නැතුවැ…ඉතින් මේ ඕනම දෙයක් වෙන්න පුලුවන්

  • February 25, 2016 at 11:08 PM
    Permalink

    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…

  • February 25, 2016 at 9:53 PM
    Permalink

    අනිවා වීමෝ… ගොඩාක් අයට ගොඩාක් රිදෙයි :p

  • February 25, 2016 at 9:49 PM
    Permalink

    එකෙන්මයි එකෙන්මයි
    ගොඩක් නාකින්ට ගොඩාක් රිදෙයි මේවා සුපිරියටම වෙනකොට

  • February 25, 2016 at 9:41 PM
    Permalink

    ela.jaya 😀

Leave a Reply

Your email address will not be published. Required fields are marked *