Marvel Cinematic Universe – Movies 2 | 05 – Avengers: Age of Ultron (2015)

අධ්‍යක්ෂණය – Joss Whedon
නිෂ්පාදනය – Kevin Feige, Victoria Alonso, Louis D’Esposito, Jeremy Latcham, Alan Fine
තිර රචනය – Joss Whedon
තිරගත වූ දිනය – 2015 මැයි 1
Box Office අදායම : ඇමෙරිකානු ඩොලර් මිලියන 1401

Marvel Cinematic Universe හි එකොලොස් වන චිත්‍රපටය වන මෙය Phase Two වලට අයත් වේ. The Avengers චිත්‍රපටයට අනුගමිව සහ Iron Man 3, Thor: The Dark World සහ Captain America: The Winter Soldier චිත්‍රපට අතර crossover එකක් වේ.
HYDRA සතුව පවතින Loki ගේ scepter එක සොයා Avengers,Sokovia හි පිහිටි HYDRA පරේෂණ මධ්‍යස්ථානයකට පහර දී scepter ඔවුන් සතු කර ගන්නවා. එහිදී scepter එක මාර්ගයෙන් super-human බලය ලබා ගත නිවුන්නු වන Pietro සහ Wanda Maximoff පලා යනවා. මේ අතර Avengers Tower හිදී Tony Stark සහ Bruce Banner පරීක්ෂණ සිදු කරනවා scepter එක මාර්ගයෙන් Ultron බිහිකිරීමට.නමුත් මෙහිදී Ultron විසින්ම සක්‍රියනය වී J.A.R.V.I.S. විනාශ කර එහි පාලනයද Iron Legion තුලට ගොස් ශරීර නිර්මාණය කොට scepter එකද රැගෙන Avengers හට පහර දී පලා යනවා. Stark Industries බෝම්බයකින් තමාගේ දෙමව්පියන් නැති වීම හේතුවෙන් උරණ වී සිටින Pietro සහ Wanda Maximoff ද Ultron සමග එකතු වෙනවා. පසුව ඔවුන් South Africa පැමිණෙනවා Ulysses Klaue මුණ ගැසී vibranium එක අත්පත් කරගැනීමට. එතනට පැමිණෙන Avengers ඔවුන් නතර කිරීමට උත්සහ ගන්න නමුත් එය සාර්ථක වන්නේ නෑ. South Korea හි Seoul වල ඇති Cho පර්යේෂණාගාරයට Ultron, Pietro සහ Wanda පැමිණෙ උත්සහ කරනවා Ultron ගේ ශරීරය තුලට scepter හෙවත් Mind Stone එක ඇතුලත් කිරීමට. නමුත් Ultron මනස තුලින් මිනිස් ජිවය විනාශ කිරීමක් Wanda දකිනවා. මේ හේතුව නිසා Pietro සහ Wanda, Ultron හට එරෙහි වෙනවා. ඒ සමගත් එතනට Captain America පැමිණීම නිසා Ultron එතනින් පලායනවා පරීක්ෂණ ශරීරයත් සමග.පසුව Avengers හා Ultron සටනින Ultron පරීක්ෂණ ශරීරය මුදවාගැනීමට සමත් වෙනවා. මුදවාගත් ගත් Ultron පරීක්ෂණ ශරීරය හට නැවත තම වැඩසටහන ක්‍රියාත්මක කල හැකි බව සිතන Tony හා Bruce ඔවුන්ගේ පරීක්ෂණ නැවත ආරම්භ කරනවා. පසුව Thor විසින් අකුණු බලය උපයෝගී කර‍ගෙන Ultron හට ජිවය ලබා දෙනවා.ඔහු නමින් Vision ලෙස හදුන්වයි. එසේම Thor පවසනවා බලගතු stone 6 න් එකක් Vision ට සම්බන්ද කර ඇති බැවින් එහි බලය මගින් Ultron එරෙහිව යොදා ගත හැකි බව. අවසානදී Avengers, Vision, Pietro සහ Wanda, Ultron රොබෝ හමුදාවට එරෙහිව Sokovia හිදී සටන් කරනවා. ඉන් Avengers ඇතුළු කණ්ඩායම Ultron විනාශ කර ජය ගන්න අතර අවසන් සටනේදී Pietro මිය යනවා. නිශ්චල තැනක් සොයා Hulk සම දෙනාගෙන් වෙන් වී යන අතර Tony නොහොත් Iron Man කණ්ඩායමෙන් ඉවත්ව යයි. Thor නවත්ත Asgard වලට යන අතර Captain America සහ Black Widow නව Avengers කණ්ඩායමක් ආරම්භ කරනවා Wanda, Falcon, War Machine සහ Vision සමග New York හි ඔවුන්ගේ අලුත් ස්ථානයක.unnamed (3)

Choppe (45 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *