Marvel Cinematic Universe – Movies 2 | 04 – Guardians of the Galaxy (2014)

අධ්‍යක්ෂණය – James Gunn
නිෂ්පාදනය – David J. Grant, Jonathan Schwartz, Nik Korda, Victoria Alonso, Jeremy Latcham
තිර රචනය – James Gunn, Chris McCoy, Nicole Perlman
තිරගත වූ දිනය – 2014 අගෝස්තු 1
Box Office අදායම : ඇමෙරිකානු ඩොලර් මිලියන 774
සම්මාන – Breakthrough Performer of the Year (CinemaCon Awards), Hollywood Blockbuster Award (Hollywood Film Awards), Best Comic Book-to-Film Release/Best Actor in a Film/Best Film Director/Best Film Make-Up (Saturn Awards)

Marvel Cinematic Universe හි හි දස වන චිත්‍රපටය වන මෙය Phase Two වලට අයත් හතර වන චිත්‍රපටයයි.
1988 දී Missouri හිදී කුඩා Peter Quill අභ්‍යාවකාශ යානය මගින් අභ්‍යාවකාශයට රැගෙන යනවා. වසර 26කට පසු Peter, Ravagers කණ්ඩායමේ සාමාජිකයෙකි. Ravagers සොයා ගන්නවා ප්‍රබල stone එකක් වන Power Stone එක නොහොත් Orb එක සගවා තිබෙන ස්ථානය. මේ සදහා Peter හොර රහසේම ගොස් Orb එක ගෙන එය අලවි කිරීමට සුදානම් වනවා. නමුත් Ronan ගේ නියමයක් පරිදි එතනට එන Gamora එය පැහැර ගැනීමට උත්සහ කරනවා. එතැනදී ඇති වන ආරවුලට Rocket සහ Groot ද මැදිහත් වෙනවා. පසුව මොවුන් හතරදෙනාම Nova Corps හි හමුදාව විසින් අත්අඩංගුවට ගෙන අධිඅරක්ෂිත සිරගෙයක සිරගත කරනවා.මෙහිදී ඔවුන්ට Drax හමුවන අතර ඔවුන් සියලුදෙනාම මේ සිරගෙදරින් සැලසුම්සහගතව පැන යනවා.Orb එකේ ඇති භයානක කම නිසා Gamora ගේ අදහස වෙනස් වෙනවා. ඔවුන් සියලු දෙනාම තීරණය කරනවා මේ Orb එක The Collector හට භාර දීමට. මේ අතර Gamora ද්‍රෝහී කම ගැන Ronan, Thanos හට පවසනවා. Thanos එන කරනවා Orb එක රැගෙන මිසක් නැවත නොයෙන ලෙස. Peter ඇතුළු පිරිස Collector හමු වී එය භාරදෙන අවස්ථාවේදී Carina, Orb එක ස්පර්ශ කිරීම නිසා Collector Museum එක විනාශ වෙනවා. මේ අතර Orb එක සොයා Ronan එතනට පැමින පහර දී Orb එක රැගෙන යනවා. අවසානයේදී Ronan හා Peter ඇතුළු පිරිස වන Guardians of the Galaxy සමග නවත්තත් Xandar වලදී සටනක් ඇති වෙනවා. මේ සටනේදී Orb එකේ බලයෙන්ම Ronan විනාශ කොටPeter ඇතුළු පිරිස ජය ගන්නවා. පසුව Peter Orb එක භාරදෙනවා Nova Corps හට අධිඅරක්ෂිතව ආරක්ෂා කර තැබීමට.unnamed (2)

Choppe (45 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *