Marvel Cinematic Universe – Movies 2 | 02 – Thor: The Dark World (2013)

අධ්‍යක්ෂණය – Alan Taylor
නිෂ්පාදනය – Kevin Feige, Alan Fine, Victoria Alonso, Louis D’Esposito, Craig Kyle
තිර රචනය – Christopher Yost, Christopher Markus, Stephen McFeely
තිරගත වූ දිනය – 2013 නොවැම්බර් 8
Box Office අදායම : ඇමෙරිකානු ඩොලර් මිලියන 645

Phase Two වල දෙවන චිත්‍රපටය වන මෙය අටවැනි Marvel Cinematic Universe නිර්මාණයයි.
වසර 5000 කට පමණ පෙර Asgardians සමග සටනකින් Dark Elves පරාජය වන අතර Dark Elves නායකයා වන Malekith ට හිමිව තිබු බලගතු Reality Stone එක Thor ගේ සිය වන Bor විසින් මෙය කිසි අයෙකුට සොයා ගත නොහැකි ස්ථානයක සගවනව. පසුව වර්තමානයේදී පෘථිවියේ සටනින් පසු Loki ව සිරගත කිරීමට Odin තීරණය කරනවා. මේ අතර පෘතුවියේදී London දී Jane Foster හා Darcy Lewis හට මිට වසර දෙකකට පෙර New Mexico හිදී ඇති වූ හා සමාන සංඥාවක් අයගේ විද්‍යාත්මක උපකරනක් හරහා සොයා ගන්නවා. එම සංඥාව සොයාගෙන යන ඔවුන් පෘථිවිය හා වෙනත් ග්‍රහලෝක සමබන්ද වෙන ගුරුත්වාකර්ෂණ සහිත ද්වාරයකක් සොයා ගන්නවා.Jane මේ ද්වාරය හරහා ගොස් වෙනත් ග්‍රහ ලෝකයකට පිවිසෙනවා. ඒ Thor ගේ සීයා විසින් මිට වසර 5000 කට පෙර Reality Stone (Aether) එක සග වූ ලෝකයටයි. එහිදී අයගේ ශරීරය තුලට මේ Aether නම් Reality Stone එක ඇතුළු වෙනවා. පසුව ඇය නැවතත් පෘථිවියට පැමිණෙන අතර Thor ද Jane සොයා පෘථිවියට පැමිණෙනවා. Jane හට Aether ශරීර ගතව ඇති නිසා මේ ගැන සොයා බැලීමට Thor, Jane සමග Asgard වලට පිටත් වෙනවා.එහිදී Jane ඇගෙන් Aether ඉවත් කිරීමට උත්සහ කලත් එය සාර්ථක වන්නේ නෑ . මේ අතර Malekith මේ Aether එක සොයාගෙන Asgard වලට පහර දෙන්න පැමිණෙනවා. එහිදී Jane ව Malekith ගෙන් ආරක්ෂා කිරීමට යාමේදී Thor ගේ මව Frigga මිය යනවා. කෝපයට පත් Thor පිටත් වෙනවා Malekith ගෙන පළිගෙන Aether එකත් විනාශ කිරීමට. Loki ගේ ද උදව් ගෙන Thor, Malekith හමුවීමට ගොස් Aether එක Jane ගෙන් Malekith ගේ අගට අතුවෙන අවස්ථාවේදී එය විනාශ කිරීමට උත්සහ කරනවා..නමුත් එහෙඉ ඇති බලය නිසාම එය අසාර්ථක වෙනවා. අවසානයේදී පෘතුවියේදී ඇතිවෙන Thor සමග සටනකදී Malekith මිය යනවා. ඉන් පසු Thor තීරණය කරනවා Asgard හි සිංහාසනය භාර නොගෙන පෘතුවියේ Jane සමග ජිවත් වීමට. Malekith ගෙන් මුදවාගත් Aether එක Asgardians විසින් Taneleer Tivan නොහොත් the Collector හට භාර දෙනවා ආරක්ෂා කිරීමටunnamed (1)

Choppe (45 Posts)


One thought on “Marvel Cinematic Universe – Movies 2 | 02 – Thor: The Dark World (2013)

  • February 24, 2016 at 11:37 PM
    Permalink

    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *