Marvel Cinematic Universe – Movies 2 | 01 – Iron Man 3 (2013)

අධ්‍යක්ෂණය – Shane Black
නිෂ්පාදනය – Kevin Feige, Jon Favreau, Victoria Alonso, Mitchell Bell, Stephen Broussard
තිර රචනය – Drew Pearce, Shane Black
තිරගත වූ දිනය – 2013 මැයි 3
Box Office අදායම : ඇමෙරිකානු ඩොලර් මිලියන 1215
සම්මාන – Film Music (BMI Film & TV Award), Choice Movie: Action/Choice Movie Actor: Action (Teen Choice Awards), Favorite Movie (People’s Choice Awards)

Marvel Cinematic Universe හි හත්වන නිර්මාණය වන මෙය Phase Two වලට අයත් ප්‍රථම චිත්‍රපටය වේ. මෙය Iron Man: Extremis නම් Comic මාලාව පදනම් කරගෙන නිර්මාණය වී ඇත.
New York සටනින් පසු Tony Stark ඔහුගේ suits වැඩි දියුණු කර Iron Legion නිර්මාණය කිරීමට සමත් වෙනවා. මේ අතර ඇමරිකා එක්සත් ජනපදයට Mandarin නම් ත්‍රස්තවාදී නායකයාගෙන් තර්ජනයක් එල්ල වෙනවා. Tony ප්‍රසිද්ධියේ Mandarin ට අභියෝග කරනවා ඔහුගේ ගෙදර ලිපිනයද පවසා. පසුව Mandarin ගේ කණ්ඩායමක් විසින් Tony ගේ ගෙදරට ප්‍රහාරයක් එල්ල කර විනාශ කර දමනවා. ඉන් Tony, Iron suit එක ආධාරයෙන් එතනින් California වලට පල යනවා. මෙම ප්‍රහාරය නිසා ලෝකය සිතනවා Iron Man හෙවත් Tony Stark මිය ගිය බව.මෙය තම වාසියට හරවාගෙන Tony උත්සහ කරනවා Mandarin ව සොයාගැනීමට. Tony සොයා ගන්නවා Miami වල Mandarin සිටින ස්ථානය. Tony එතනට පැන Mandarin ව අල්ල ගත්තත් පසුව තේරුම් ගන්නවා මෙතෙක් Mandarin ලෙස පෙනී සිටි පුද්ගලයා නියම Mandarin නොව බ්‍රිතාන්‍ය නළුවෙකු වන නමින් Trevor Slattery බව. පසුව Tony අනවනනය කර ගන්නවා මේසියල්ල පිටුපස සිටින්නේ Aldrich Killian බව. මේ අතර James Rhodes (War Machine) තේරුම් ගන්නවා Killian ඇමෙරිකානු ජනාධිපති Matthew Ellis පහර ගැනීමකට සැලසුම් කරන බව. Air Force One එකට පහර දී Killian ජනාධිපතිව පහර ගන්නවා. ජනාධිපතිව නැවත බේරා ගැනීමට Rhodes සහ Tony, Killian සොයා යනවා. පසුව අවසන් සටනේදී Tony නිර්මාණය කල Iron Legion ද ප්‍රයෝජනයට ගනිමින් Killian ව පරාජය කරනවා.unnamed

Choppe (45 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *