Paramount Sets Annual Release Dates for Transformers 5, 6 and 7 | මීළග ත්‍රිත්වය

Paramount Pictures විසින් මීළග අවුරුදු කිහිපය තුළ ට්‍රාන්ස්ෆෝමර්ස් චිත්‍රපට මාලාවේ සිනමාපට තුනක් එළිදැක්වීමට ඇතිබව නිල වශයෙන්ම සදහන් කළා. නමුත් මීළග ත්‍රිත්වයට පෙර එළිදැක්වූ නිර්මාණ ගැන කතා කළොත්Transformers-Age-of-Extinction-Autobots-in-Hong-Kong

Transformers  5 (පස්වැන්න) නිර්මාණය සදහා පිටපත රචනා කරලා තියෙන්නේ Iron Man චිත්‍රපට මාලාවේ පිටපත් රචිත Art Marcum & Matt Holloway හා ඉතාමත් ප්‍රසිද්ධියට පත් චිත්‍රපටයක් වන  Black Hawk Down චිත්‍රපටයේ පිටපත් රචිත  Ken Nolan යන තිදෙනා විසින්ය. සුපුරුදු පරිදි Michael Bay විසින් අධ්‍යක්ෂණය වීමට නියමිතයි. චිත්‍රපටය නිකුත් කිරීමට බලාපොරොත්තු වී ඇත්තේ 2017 ජුනි 23 වෙනිදාටය. නමුත් මේ දිනය DC Comics රසිකයන්ට විශේෂ දිනයක්. ඒ මොකද කිව්වොත් Wonder Woman සිනමාපටයද නිකුත් කිරීමට දැනට දින නියම කර ඇත්තේද එදිනටය. එක් දිනයක සිනමාපට දෙකක්, ඒ කියන්නේ ගොඩක් ලොකු තරගකාරිත්වයක්..2016-13-2--14-06-41 copy MichaelBayTransformerswenn

ඒවගේම Transformers  6 (හයවැන්න) චිත්‍රපටය නිකුත් කිරීමට බලාපොරොත්තු වී ඇත්තේ 2018 ජුනි 8 වෙනිදාටය. මෙදිනටත් ලොකු විශේෂ දිනයක්. ඒ මොකද කිව්වොත් Godzilla 2 නිකුත් කිරීමට ද දින නියම කර ඇත්තේ මෙදිනටය. කිසිම සැකයක් නැහැ කලින් සදහන් කල විදිහටම ලොකු තරගකාරිත්වයක් දැකගන්න පුලුවන් වෙයි. Transformers  7 (හත්වැන්න ) ගැන කතා කරනවානම් 2019 ජුනි 28 දින තමයි එළිදැක්වීමට දින නියම කරලා තියෙන්නේ.

චාමර සම්පත් (43 Posts)


One thought on “Paramount Sets Annual Release Dates for Transformers 5, 6 and 7 | මීළග ත්‍රිත්වය

  • February 13, 2016 at 10:55 PM
    Permalink

    ela ela machn thanks….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *