Paranormal Activity දිගටම සිද්ධ වෙයි..?!

දළපට-හමුවීම(Found-Footage) තේමාව මුල් වරට කරළියට ආවෙ ‘The Blairwitch Project (1999)’ චිත්‍රපටය සමගින්. අඩු-වැයක්(Low-Budget) සහිත සාර්ථක සිනමා නිර්මාණ තිරයට ආවෙත් ඒ එක්කම වගේ තමයි. ඒ කොහොම වුණත් මේ දෙවගේම චිත්‍රපට නිර්මාණයන්හි මුදුන්පත්වීම සිදුවුණේ, ‘Paranormal Activity (2007)’ චිත්‍රපටය පිටවීමත් හා සමගමයි.

පිළිවෙළින් Paranormal Activity 1, 2, 3, 4 දැන් ඇවිත් ඉවරයි. සිව්වැන්න මේ දිනවල තිරගත වෙනවා. මෙහි වැය සඳහන් වෙන්නේ ඩොලර් මිලියන 5ක් ලෙසට, ඒ වුණත් මෙහි අය ඩොලර් මිලියන 135ක් ඉක්මවා යනවා. මේ චිත්‍රපට මාලාවම සැලකුවත් එවැනි තත්ත්වයක් පෙන්නුම් කරනවා. 2007 පිට වූ මෙහි පළමු වැන්නට වැය වුණේඩොලර් 15, 000 යි. එය ඉපයූ මුදල ඩොලර් මිලියන 193කට අධිකයි. 2010 හි තිරගත වූ දෙවැන්නට වැය කරල තිබෙන්නේත් ඩොලර් මිලියන 5ක් පමණයි. නමුත් එහි ආදායම ඩොලර් මිලියන 177 ඉක්මවා යන්නක්. තුන්වැන්න තිරගත වුණේ පසුගිය වසරේ(2011). එයටත් වැය කළේ ඩොලර් මිලියන 5යි. නමුත් මේ කතා පෙළේ ඉහළම ආදායම හොබවන්නේ එයයි. ඒ ඩොලර් මිලියන 205කට අධික මුදලක්.

සාපේක්ෂ ආදායම හා වියදම සැලකූ විට පළමුවැන්න මුල් තැනත්, තුන්වැන්න දෙවැනි තැනත්, දෙවැන්න තෙවන තැනත්, සිව්වැන්න සිව්වන තැනත් තමයි උසුලන්නේ. මෙය චිත්‍රපට මාලාවක් බවට පත් වුණාට පළමු එක හදද්දීනම් එහෙම අදහසක් තිබිලා නෑ. පළමු වැන්න නිකුත් වෙලා වසර තුනකට පසුවයි දෙවැන්න නිකුත් වුණේ. ඉන් පසුව තමයි වසරකට එකක් බැගින් නිකුත් වීම ඇරඹුණේ. මේ චිත්‍රපට මාලාවේ නිකුත් කිරීමද විශේෂත්වයක් සහිතයි. එනම් මේ සියළු චිත්‍රපට නිකුත් කෙරුණේ ඔක්තෝබර් මාසවල වීම. PA 1 – 2007 ඔක්තෝබර් 14/ PA 2 – 2010 ඔක්තෝබර් 22/ PA 3 – 2011 ඔක්තෝබර් 21/ PA 4 – 2012 ඔක්තෝබර් 19 ලෙසයි ඒ ගැන සටහන් වෙන්නේ.

ඉතිං මේ රටාව නොකඩන්නට වෙන්න ඇති ඔවුන් මෙහි 5 වැන්න 2013 ඔක්තෝබරයේදී නිකුත් කරන්නටයි බලාපොරොත්තුව. එය ඔක්තෝබර් 25ට දින නියම කරලත් ඉවරයි. ඉහතින් කීව වගේම, මේ චිත්‍රපට පෙළම අති සාර්ථක උපයාදීම් සිදු කළේ, නිර්මාපකයන්ට දැවැන්ත ලාභයක් හිමිකරදෙමින්. ඊට වැය කළ මුදල හා සාපේක්ෂව සලකන විට, මේ චිත්‍රපට පෙළට සිනමා ඉතිහාසයේ හිමි වන ස්ථානය සැබැවින්ම අති විශේෂ වූවක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඉතිං 5 වැනි අමුතු අත්දැකීමක් එන වසරේ ඔක්තෝබරයේ ලැබෙනකම් අපි සූදානමින් ඉමු.

උදා (217 Posts)


3 thoughts on “Paranormal Activity දිගටම සිද්ධ වෙයි..?!

  • December 2, 2012 at 8:36 PM
    Permalink

    නිවුස් එක නම් නියමයි,හොඳයි!
    Paranormal Activity ෆිල්ම් සීරිස් එකට සිංහල සබ් දෙනවානම් හොඳා……………….යි!

  • November 27, 2012 at 9:09 AM
    Permalink

    එල

  • November 27, 2012 at 7:36 AM
    Permalink

    ela elat hnx info

Leave a Reply

Your email address will not be published. Required fields are marked *