DC’s Next Crossover Is Obvious: ‘Legends of Tomorrow’ Meets ‘Gotham’ : සුදානම් වෙන්න

Greg Berlanti හා Andrew Kreisberg යන විධායක අධ්‍යක්ෂකවරුන් දෙදෙනා පහුගිය සතිය තුල Crossover දෙකක් පිළිබද සදහන් කලා. එකක් මේ වෙද්දී ඔයාලා දැනුවත් වෙලා නොඉවසිල්ලෙන් බලා සිටින The Flash and Supergirl Crossover එක. ඒක ගැන තිසර නියෝ සහෝදරයා දැනුවත් කිරීමක් කළා. අනෙක්Crossover එක තමයි මේ දිනවල ගොඩක් ජනප්‍රිය කතාමාලාවක් වන DCs Legends of Tomorrow හා Gotham කතාමාලාව අතර Crossover එක. 12688095_1091667367533376_3097217499386150681_n

Gotham පළමු කතාමාලාව හා දෙවන කතාමාලාව අවංකවම විශ්මයට පැමිණියා. ඒ ගැන කිසි සැකයක් නැහැ. දෙවැනි කතාමාලාවේ පළමු අදියර නම් ඉවරයි. නමුත් දෙවන අදියර ඉදිරියේදී නැවත ආරම්භ වෙනවා. ඒ තමයි මේ පෙබරවාරි 29. යම් තාක් දුරකට අධික වියදමක් දරා නිර්මාණය කලත් මේ කතාමාලාව DC COMIC UNIVERSE තුල දැවැන්ත පෙරලියක් කල වගේම ගොඩක් දෙනෙක්ගේ ප්‍රසාදයට ලක් වූ කතාමාලාවක් බවට පත්වුණා.gotham-1200x831

DCs Legends of Tomorrow ගැන කියනවනම්, ඇටම්, වයිට් කැනේරි,  කැප්ටන් කෝල්ඩ්, හවාක්ගර්ල්, හීට් වේව්, ස්ටයින් මහාචාර්යතුමා, ජෙෆ්රසන්, රිප් හන්ටර් දැනට මේ කට්ටියගෙන් යුත් මේ කතාමාලාව තුල වැන්ඩල් සැවේජ් නම් දුෂ්ටයෙක් පරාද කිරීම ප්‍රධාන අභිප්‍රාය කරගෙන කතාව ගෙවීගෙන යයි. ඔවුන් මුලින් නම් හිටියේ 70 වෙනි ශත වර්ෂයේ, නමුත් දැන් නම් 80 වෙනි ශතවර්ෂයේ තමයි ඉන්නේ. දැන් ඉතිං Gotham හා DCs Legends of Tomorrow Crossoverඑක ගැන කියනවනම් තවමත් හිතාගන්න බැහැ කොහොමෙන් කොහොම එකක් වෙයිද කියලා. අධ්‍යක්ෂකවරු මේ ගැන ලොකු විස්තරයක් දීලා නැති නිසා කියන්නේ බොහෝවිට වැන්ඩල් සැවේජ්ව පරාද කරන්න කට්ටියට ගෝතම් වළට එන්න වෙයිද කියලා. එහෙම වුණොත් සැවේජ්ට විරුද්ධ වෙන්න මිත්‍රයන් වගේම හතුරන් රැසක් ද එකතු වෙන්න පුළුවන්.  ඒත් The Flash and Supergirl Crossover එක ගැන කියනවනම් තර්කානුරූපියි. මොකද කිව්වොත් එයාලගේ කතා වල ලොකු විශේෂත්වයක් නැහැ. එයාලගේ කතාව හදනකොට මේ ෆ්ලෑෂ් එකෙ අය පවා යනවා එනවා. අනික මේ දෙගොල්ලොම එයාලගේ නිෂ්පාදකවරුන් පවා හුවමාරු කරගන්නවා. ඒ ගැන හිතන්නවත් පුළුවන්ද? 😀  ඒත් FOX නාලිකාවේ විකාශය වන Gotham කතා මාලාව එහෙම නැහැ. එයාලා තනියෙන්ම තමයි වැඩ කරගෙන යන්නේ. මේකට කියනවා මේ gotham කරගෙන යන්නේ හරියට “ එයාලම එයාලගේ වැලි මාළිගාව හදාගෙන යනවා වගේ” කියලා.635892051808364145-670563197_SPC-000-LegendsOfTomorrow-TheirTimeIsNow-GenericAds-052416_a299e9504_CWtv_720x400ඒත් මේක අමාරු වැඩක් වෙන්නත් පුළුවන්. මොකද තාම ගෝතම් කතාමාලාවේ වීරයන් හා දුෂ්ටයන් අඩු ගාණක් තමයි එළියට ආවේ. පිටසක්වල ජිවියොත් නැහැ, කිසිම මැජික් බල දර්ශනත් නැහැ. සීමිත sci-fi තාක්ෂණයක් තමයි යොදාගෙන තියෙන්නෙත්. තාම එළියට ආවෙත් පොඩි ප්‍රමාණයක චරිත. තවත් ගොඩක් චරිත එළියට එන්නත් තියෙනවා.

මේක තමයි DC Comicsවල  ඉදිරියට යාමේ දැවැන්ත පියවරක් වෙන්න පුළුවන්. Marvel comics වලටවත් හිතාගන්න බැරි දෙයක් වෙන්න පුළුවන්.  මොකද තවමත් මාවෙල් කොමික් වළට හැකියාවක් ලැබුනේ නැහැ එකකට එකක් සම්බන්ධ කරලා කතාමාලාවක් කරගන්න. ඒ මොකද තාම එහෙම දෙයක් මාවෙල් කොමික් එකෙ කට්ටිය කරලා නැහැ. ඉතිං මේ  DC Comics කරන්න යන මේ Crossover එක එහෙමත් නැත්තම් එකකට එකක් සම්බන්ධ කිරීම සැහෙන පුදුමයට විශ්මයට පත්වෙන දෙයක්.  මාවෙල් කොමික් සමාගම Avengers චිත්‍රපටිය නිර්මාණය කලා. ඒ චිත්‍රපටිය බිලියන ගාණක් ඉපයූවා. ඒ මොකද ප්‍රේක්ෂකයාට ඕනේ කරන්නේ එයාලගේ සුපිරි වීරයන් එකට එකතු කර දැකගන්න. ඉතිං මේ DC Comics වළට හැකියාව ලැබිලා තියෙනවා යම්තාක් අතිවිශාල හා විශේෂ සම්බන්ධ කිරීම කරලා රුපවාහිනි කතාමාලා ඉදිරියට ගෙනයාමක් කරන්න. ඒ නිසා ඉදිරියේදී සුදානම් වෙන්න ‘Legends of Tomorrow හා Gotham Crossover” එක දැකගන්න.

[මේ සියළු කරුණු Greg Berlanti හා Andrew Kreisberg යන විධායක අධ්‍යක්ෂකවරුන් විසින් සදහන් කල තොරතුරු බැවින් විශේෂ දිනයක් හෝ සිදුවීමට තිබෙන දෙයක්වත් තවම ප්‍රකාශ කර නැත.]

චාමර සම්පත් (43 Posts)


3 thoughts on “DC’s Next Crossover Is Obvious: ‘Legends of Tomorrow’ Meets ‘Gotham’ : සුදානම් වෙන්න

  • February 13, 2016 at 11:37 PM
    Permalink

    මමනම් හිතුවෙවත් නැති දෙයක් මේකනම්. මන් හිතාගෙන උන්නේ ඩේමියන් ඩාර්ක් එහෙම DC LEGEDNDS OF TOMMORROW එකේ පෙන්නපු නිසා ARROW එකත් එක්ක crossover එකක් එයි කියල… මෙහෙම දෙයක්නම් හීනෙකින්වත් හිතුවේ නැහැ.. අනික මේ දෙක කොහොමවත් එකට ගැලපෙන්නේ නැති කතා දෙකක්නේ. මන් කිවුවේ gotham එකේ තාක්ෂනය අතින් කිසිම දියුණු දෙයක් පෙන්නන්නේ නැහැ. ඒ කතාවේ නළුවෝ පාවිච්චි කරන ෆෝන් උනත් ගොඩක් පරණ විදියේ ඒවා. එත් LOT එකේ ගොඩක් දියුණු තාක්ෂණයක් පාවිච්චි කරනවා. ඒ අතින් ඇරෝ එකයි එකයි එක ලග යන කතාවක්… කොහොම උනත් ඉස්සරහට ආසාවෙන් බලාගෙන ඉන්නවා මේ දෙක එකට ගලපන විදියක් ගැන. කොහොම හරි මේ වගේ ලිපියකින් අපිව දැනුවත් කරපු එක ගැන ගොඩක් ස්තුති.. දිගටම මේ වගේ ලිපි ලියන්න ශක්තිය ලැබේව කියලා ප්‍රර්ථනා කරනවා..

  • February 13, 2016 at 9:29 AM
    Permalink

    එල එල මරුවට තියෙයි වගේ…

  • February 12, 2016 at 5:19 PM
    Permalink

    patta machn

Leave a Reply

Your email address will not be published. Required fields are marked *