2016 දී ඔබ හමුවන බොලිවුඩ් සලරූ

බොලිවුඩයේ සුපිරි තරු රංගනයෙන් දායක වන සොඳුරු සිනමා සිත්තම් රැසක්ම 2016 වසරේ දී ඔබේ නෙත් සිත් පැහැර ගැනීමට සුදානමින්.


 

  • FAN – 2015 වසරේදී තිරගත කිරීමට සැලසුම් කොට තිබුණු මේ සිනමාපටය 2016 අප්‍රේල් 15 වනදා සිට ප්‍රදර්ශනය කිරීමට සියල්ල සුදානම්.මනීෂ් ශර්මා අධ්‍යක්ෂණය කල මෙම සිනමාපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ සුපිරි නළු ෂාරුක් ඛාන්.1

  • JAGGA JASOOS – අනුරාග් බාසු අධ්‍යක්ෂණය කල මෙම සිනමාපටයේ රන්බීර් කපූර් සමඟින් කත්‍රිනා කායිෆ් ප්‍රධාන චරිත නිරූපණය කරන අතර තම නැති වූ පියා සොයා යන තරුණ පරීක්ෂකවරයෙකුගේ කතාවක් මෙම සිනමාපටයේ අන්තර්ගතයි.9

  • DANGAL – මල්ලව පොර ශුරයෙකුගේ චරිතයක් නිරූපණය කරමින් ආමීර් ඛාන් යළිත් වරක් සිය අතිදක්ෂ රඟපෑම් ප්‍රේක්ෂකයාට තිලිණ කරන්නට මේ චිත්‍රපටය තුලින් සුදානම්.2016 වසරේ අවසානයේදී මෙය තිරගත වීමට නියමිතයි.p

  • KI AND KAA – PAA සිනමාපටය අධ්‍යක්ෂණය කල ආර්.බල්කි ගේ නවතම සිනමා සිතුවම වන මෙහි කරීනා කපූර්,අර්ජුන් කපූර්,අමිතාබ් බච්චන් චරිත නිරූපණය කරනවා.මෙය 2016 අප්‍රේල් 01 වන දා ප්‍රදර්ශනය ඇරඹීමට සුදානම්.5

  • WAZIR – අමිතාබ් බච්චන් අංශභාග රෝගී චෙස් ශුරයෙකුගේ චරිතයකට පණ පොවන මෙම සිනමා පටයේ ඔහුත් සමඟ ෆර්හාන් අක්තර්,අදිති රාඕ හයිදාරි රංගනයෙන් එක්වෙනවා.2016 ජනවාරියේදී මෙය තිරගත වීමට නියමිතයි.6

  • NEERJA – තවත් සත්‍ය චරිත කතාවක් ඇසුරින් තිරයට නැඟෙන මේ සිනමාපටයේ ප්‍රධාන චරිතයට රංගනයෙන් එක්වෙන්නෙ සුරූපී නිළි සෝනම් කපූර්.2016 පෙබරවාරි 19 වෙනිදා මෙය තිරගත වෙනවා.10

  • UDTA PUNJAB – කරීනා කපූර් සිය පැරණි පෙම්වතා ශාහිද් කපූර් සමඟ කලකට පසු රඟන මෙම සිනමාපටය 2016 ජූනි මාසයේදී පමණ තිරගතවීමට නියමිතයි.4

  • CHALK AND DUSTER – ශබානා ආශ්මි,ජුහී චව්ලා,දිව්‍යා දත්තා වැනි ප්‍රවීන නිලියන් රංගනයෙන් දායක වුණු මෙම සිනමාපටය 2016 ආරම්භයේදීම අපට නැරඹීමට පුළුවන්.මෙය ගුරුවරියන් වටා ගෙතුනු කතාවක්.2

  • JAI GANGAAJAL – 2003 වසරේ තිරගත වූ GANGAAJAL චිත්‍රපටයේ දෙවැන්න ලෙසින් ලබන වසරේදී අප හමුවට එන මෙම සිනමාපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ ප්‍රියංකා චොප්රා.p (3) copy

  • MOHENJO DARO – වසරක නිහැඬියාවකින් පසු රිතික් රෝෂන් රඟන අති දැවැන්ත සිනමා නිර්මාණයක් වන මෙය 2016 අගෝස්තු මාසයේදී පමණ තිරගත වන බව සැලයි.මෙය SWADESH,JODHAA AKBAR ,LAGAAN වැනි සිනමාපට අධ්‍යක්ෂණය කල අශිතොෂ් ගෞරිකාර් ගේ නිර්මාණයක්.3

  • HOUSE FULL 03  – විනෝද සාගරයක අප ගිල් වූ HOUSE FULL චිත්‍රපට මාලාවේ තෙවැන්න 2016 දී තිරගතවන අතර අක්ශේ කුමාර්,අභිෂේක් බච්චන්,ලීසා හේඩන් ඇතුළු නළු නිළියන් රැසක් මේ සඳහා රංගනයෙන් එක්වනවා.7

  • DHONI : THE UNTOLD STORY – 2016 අග භාගයේ තිරයට පැමිණීමට නියමිත සුපිරි ඉන්දීය ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි ගේ ජිවිත කතාව පසුබිම් කරගත් මේ සිනමාපටයේ ඔහුගේ චරිතයට ජීවය දෙන්නේ නවක නළු සුශාන්ත් සිං රාජ්පුත් විසින්.8


මේ සිනමාපට කිහිපයට අමතරව තවත් මනබඳින සිනමාපට රැසක්ම 2016 වසරේදී තිරගතවීමට නියමිතයි.මේ සියල්ල තිරගත වූ සැණින් සිංහල උපසිරැසි සමඟින්ම නැරඹීමේ හැකියාව බයිස්කෝප් අඩවිය හරහා අපට ලැබේවි.

Tiron Perera (6 Posts)


One thought on “2016 දී ඔබ හමුවන බොලිවුඩ් සලරූ

  • January 2, 2016 at 12:40 AM
    Permalink

    niymai sahoo
    thanks for the information…
    keep it up broo…!!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *