2015 බොලිවුඩ් – ආපසු හැරී බලමු

o (1)2015 කියන්නෙ බොලිවුඩය තුලින් තවත් ආකර්ශණිය සිනමාපට කිහිපයක්ම බිහිවුණු සුවිශේෂී වසරක්.ඉතින් මේ සූදානම මේ වසර තුල තිරගත වුණු බොලිවුඩ් සිනමාපට සහ නළු නිළියන්ගේ සාර්ථකත්වය පිළිබඳව පුංචි විපරම් කිරීමක් කරන්න.
bollywood-flashback-2015-655x360

  • ෂාරුක් ඛාන් රංගනයෙන් දායක වුණු එකම එක සිනමාපටයක් පමණයි මේ වසරේ තිරගත වුණේ.ඒ තමයි දෙසැම්බර් 18 වෙනිදා තිරගත වීම ඇරඹුණු Dilwale චිත්‍රපටය.ආදායම් වාර්තා පිහිටුවමින් තිරගත වුණත් මේ චිත්‍රපටය තුල එතරම් විශේෂත්වයක් නැති බව තමයි මගේ අදහස.j (8)

  • මේ වසරේ සාර්ථකම නළුවා ලෙස මා නම් දකින්නේ සල්මන් ඛාන්.මන්දයත් ඔහු රංගනයෙන් දායක වුණු සිනමාපට දෙකම ඉතා ඉහළ ආදායම් ලබන්නට සමත් වුණා.ඒ තමයි Bajrangi bhaijaan සහ Prem ratan dhan payo යන සිනමාපට ද්විත්වය.සාම්ප්‍රදායික වීර චරිතයෙන් මිදුණු සංවේදී රංගනයක් සල්මන් කාන් තුලින් දකින්නට Bajrangi bhaijaan හරහා අපට හැකිවූ බවත් කිව යුතුමයි.j (11)

  • ආමීර් ඛාන් හා රිතික් රෝෂන් රංගනයෙන් දායක වුණු කිසිදු සිනමාපටයක් මේ වසර තුල තිරගත නොවීම ද විශේෂත්වයක්.j (10)

  • අජේ දේව්ගන් ගේ මේ වසර තුල අප දුටු එකම රංගනය ඇතුලත් වුණේ Drishyaam සිනමාපටය තුල.මලයාලම් සිනමාපටයක ප්‍රති නිර්මාණයක් ලෙස බොලිවුඩයට පැමිණි මේ සිනමා පටයේ චරිතයට අජේ හොඳ සාධාරණත්වයක් ඉටුකරලා තිබුණා.j (7)

  • පසුගිය කාලය පුරාවටම අසාර්ථක වුණු සාහිෆ් අලි ඛාන් මේ වසරේත් පෙන්නුම් කලේ අසාර්ථකත්වයම තමයි.ඔහු රඟපෑ එකම චිත්‍රපටය Phantom ආදායම් අතින් තිබුණේ ගොඩක් අඩු මට්ටමක.j (1)

  • කාලයකට පසුව රිදී තිරයට පැමිණි අසින් සමඟ රඟපෑ All is well කියන්නෙ අභිෂේක් බච්චන් මේ වසරේ දායක වුණු එකම සිනමාපටය.නමුත් එයටත් ප්‍රේක්ෂක සිත් දිනාගැනීමට හැකියාව ලැබුණේ නෑ.j (6)

  • අභිෂේක් අසාර්ථක වුණ ද ඔහුගේ පියා අමිතාබ් බච්චන්ට නම් 2015 කියන්නෙ බොහොම සාර්ථක අවුරුද්දක්.ඒ ඔහු රඟපෑ Piku සහ Shamitabh චිත්‍රපට යුගලයම ප්‍රේක්ෂක,විචාරක අවධානය එකසේ දිනාගැනීමට සමත් වූ නිසා.j (9)

  • රන්බීර් කපූර් කියන්නෙත් මේ වසර තුල අසාර්ථක වුණු තවත් නළුවෙක්.ඔහු දායකවුණු Roy ,Tamasha වගේම අති දැවැන්ත පිරිවැයක් දරා නිපදවු Bombay velvet සිනමාපටයත් ආදායම් අතින් සාර්ථක වුණේ නෑ.j (2)

  • බොලිවුඩයේ අනාගතය බාරගැනීමට සිටින නවක නළු වරුන් ධවාන් රඟපෑ Badlapur,Any body can dance 2,Dilwale යන චිත්‍රපට සියල්ලම ඉහළ ආදායම් උපයන්නට සමත් වුණා.j (3)

  • අප කවුරුත් ආදරය කරන සුපිරි නළු ආක්ෂේ කුමාර් රංගනයෙන් දායක වුණු Baby,Gabbar is back,Singh is bliing,Brothers  යන සිනමාපට මේ වසරේ තිරයට පැමිණියා.මේ සියල්ලට ප්‍රේක්ෂකයන්ගෙන් හොඳ ප්‍රතිචාර හිමිවුණත් ඔහුගේ පෙර චිත්‍රපට තරම් ඉහළ ආදායම් ඉපයීමට නම් සමත්වුණේ නෑ.j (4)

  • කඩවසම් නළු ශාහිද් කපූර් රඟපෑ මේ වසරේ තිරගත වූ එකම සිනමාපටය වන Shandaar සිතූ තරම් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනාගැනීම සමත් වුණේ නෑ.j (5)

දැන් හැරෙමු සුරූපී රංගන ශිල්පිනියන්ට මේ වසර තුල සිදුවුණේ කුමක්ද යන්න විමසා බැලීමට.

  • වසර 05 කට පසුව බොලිවුඩ් තිරයට Jazzba සිනමාපටය සමඟ පැමිණි ඓශ්වර්යා රායි ට බලාපොරොත්තු වූ මට්ටමේ සාර්ථකත්වයක් එය හරහා ලබන්නට නම් හැකියාව ලැබුණේ නෑ.එය ආදායම් අතින් මෙන්ම සිනමා කෘතියක් ලෙස ද පැවතුණේ අඩු මට්ටමක.aish_9_0

  • quantico සමඟින් ඇමරිකානු කතා මාලාවක ප්‍රධාන චරිතය නිරුපණය කල ප්‍රථම බොලිවුඩ් නිළිය බවට මේ වසරේදී පත්වූ ප්‍රියංකා චොප්රා රඟපෑ Bajirao mastani ආදායම් වාර්ථා බිඳ හෙළමින් මේ වන විටත්තිරගත වන අතර ඇය රඟපෑ අනෙක් සිනමාපටය වන Dil dhadakno do චිත්‍රපටයත් සැළකියයුතු ආදායමක් ඉපැයීමට සමත් වුණා.priyanka-chopra-quantico-092515

  • NH 10 හරහා මේ වසරේදී නිෂ්පාදකවරියක් බවට පත්වූ අනුෂ්කා ශර්මා රඟපෑ NH 10 සහ Dil dhadakne do සාර්ථක වුවද bombay velvet නම් අන්ත අසාර්ථක සිනමාපටයක් බවට පත්වුණා.anushka_sharma_in_nh10-wide

  • බොලිවුඩයේ වාසනාවන්තිය දීපිකා පදුකෝන් දායක වුණු Piku,Bajirao mastani ආදායම් අතින් ඉහළ සාර්ථකත්වයක් උපයද්දී Tamasha සිනමාපටය නම් වැටුණේ අසාර්ථක සිනමාපට අතරට.නමුත් මේ සිනමාපට තුන තුළම දීපිකා ඉහළ මට්ටමේ රංගනයක නිරතවන වන අතර ඉහළ විචාට පැසසුම් හිමිකර ගැනීමටත් ඇයට හැකියාව ලැබුණා.deepika-bajirao

  • මේ වසරේ ඉන්දීය රුපියල් කෝටි 100 ඉක්මවූ පළමු සිනමාපටය බවට පත්වුණේ Tanu weds manu returns චිත්‍රපටය.එහි ප්‍රධාන චරිතයට පණපොවමින් අතිදක්ෂ රංගනයක නිරත වුණේ කන්ගනා රනවුත්.එම චිත්‍රපටය අතිසාර්ථක වුවද ඇය රඟපෑ සෙසු සිනමාපට වන I love new year සහ Katti batti අසාර්ථක වුණා.tanu

මේ වසරේ බොලිවුඩයට පැමිණි නවක තරු අතර Hero හි සුරාජ් පන්චෝලි සහ අතියා ෂෙට්ටි Kis kisko pyaar karoon හි කපිල් ශර්මා Shamitabh හි අක්ෂරා හසන් ඉහළ ජනප්‍රියත්වයක් දිනාගැනීමට සමත් වුණා.p (1)

  • බොලිවුඩයේ ජනකාන්ත තරු රංගනයෙන් දායක වූ සිනමාපට ආදායම් අතින් අසාර්ථක වන විට එතරම් නොහඳුනන නවක තරු රඟපෑ Hero , Kis kisko pyaar karoon, Pyaar ka punchanma 2, ABCD 2 වැනි චිත්‍රපට ඉහළ ආදායම් ඉපයීමත් විශේෂත්වයක්.

2015 වසරේදී මෙන්ම 2016 වසරේදීත් අපුර්ව වූ බොලිවුඩ් සිනමාපට රැසක් අප හමුවට පැමිණීමට නියමිතයි.

Tiron Perera (6 Posts)


One thought on “2015 බොලිවුඩ් – ආපසු හැරී බලමු

  • December 31, 2015 at 7:11 AM
    Permalink

    Bajirao mastani & dil dhadakne do movies dekema ihala ranganayk karapu bollywood cinema eke anagathaya ranveer singh gana sadahan nokale ai????adayama athin ema movies success.ranveer athishayin janapriya wuna wagema sammana walatath nirdesha wuna me awrudde

Leave a Reply

Your email address will not be published. Required fields are marked *