Sony Guild Awards 2015 | වසර අවසානයේ බොලිවුඩයේ දැවැන්ත සම්මාන උළෙල

ආයුබෝවන් කිව්වා හැමෝටම… අද මම අරගෙන එන්න ලැස්ති වෙන්නේ වෙනදාට වඩා ටිකක් වෙනස් ලිපියක්..
නමුත් සිනමාවට මේවා අලුත් නෑ..
ඔයාලා දන්නවනේ ඉතින් සිනමා උළෙලවල් ගැන. මං මේ අරගෙන එන්නේ ලඟදි පැවැත්වුණු සිනමා උළෙලක් ගැන ලිපියක්.
වෙන මොකක්වත් නෙවෙයි පහුගියදා පැවැත්වුණු Sony Guild Awards 2015 ගැන තමයි මේ ඔබට ලියන්නේ..567b1af08776e.image

මේ සිනමා උළෙල මුළු බොලිවුඩයම උණුසුම් කරන්නට සමත් වුනා. ඒකට හේතුව උනේ බාජිරාවෝ මස්තානි චිත්‍රපටිය මෙහි සම්මාන නවයක් දිනාගැනීමට සමත් වීම.
ඊට අමතරව බජරන්ගි බායිජාන් චිත්‍රපටිය සම්මාන පහක් දිනගන්නට සමත් වුනා.
ඒ වගේම අක්ෂේ කුමාර් සහ ප්‍රියංකා චොප්රා ගෞරව සම්මාන දෙකකට හිමිකම් කීමට සමත් වුනා.
ඒ, අක්ෂේ තමාගේ සිනමා දිවියේ විසිපස් වසර සම්පූර්ණ කිරීම නිමිත්තෙන් සහ ප්‍රියංකා ඇමරිකානු ටෙලිකතාවක් වන Quantico හි ප්‍රධාන චරිතයක් සඳහා දායක වීමට හිමිකම් ලැබීම නිමිත්තෙන්.

643199

එහෙනම් අපි බලමු ඉතුරු සම්මාන කෙසේද බෙදී ගියේ කියලා…

hqdefault

හොඳම චිත්‍රපටය – Bajrangi Bhaijaan

හොඳම අධ්‍යක්ෂණය – සන්ජේ ලීලා බන්සාලි – Bajirao Mastani

හොඳම කතාව – වී. විජේන්ද්‍ර ප්‍රසාද් – Bajrangi Bhaijaan

හොඳම තිර රචනය – කබීර් කාන් – Bajrangi Bhaijaan

හොඳම දෙබස් – බාජිරාවෝ මස්ථානී වෙනුවෙන් ප්‍රකාශ් ආර් කපාඩියා

හොඳම නිළිය – දීපිකා පදුකෝන් – Piku

හොඳම නළුවා – රන්වීර් සින්ග් – Bajirao Mastani

හොඳම සිනමාකරණය – Bajirao Mastani

නැගී එන අධ්‍යක්ෂකවරයා – නීරාජ් ඝයිවන් – Masaan

නැගී එන නිළිය – භූමි පෙඩ්නෙකර් –  Dum Laga Ke Haisha

නැගී එන නළුවා – කපිල් ශර්මා – Kis Kisko Pyaar Karoon

හොඳම සහය නිළිය – තාබු – Drishyam සහ, ටන්වී අස්මි – Bajirao Mastani

හොඳම සහය නළුවා – නවාස්සුධීන් සිද්දීකි – Bajrangi Bhaijaan

හොඳම දුෂ්ඨයා – නවාස්සුධීන් සිද්දීකි – Badlapur

හොඳම විකටයා – දීපක් දොබ්රියාල් – Tanu Weds Manu Returns

ගෞරව සම්මානය – Priyanka Chopra – Quantico ටෙලි කතාව වෙනුවෙන්

විශේෂ සම්මානය – Akshay Kumar – විසි පස් වසරක සිනමා දිවිය වෙනුවෙන්

හොඳම පසුබිම් ගායිකාව – මොනාලි තාකුර් -Dum Laga Ke Haisha චිත්‍රපටියේ එන Moh Moh Ke Dhaage ගීතය වෙනුවෙන්

හොඳම පසුබිම් ගායකයා -අරිජිත් සින්ග් – Hamari Adhuri Kahani චිත්‍රපටියේ එන Hamari Adhuri Kahani ගීතය වෙනුවෙන්

හොඳම සංගීතය – රෝයි චිත්‍රපටිය වෙනුවෙන් අමාල් මලික්, අන්කිත් තිවාරි, මීට් සහෝදරයින්

හොඳම ගීත රචනය – වරුන් ග්‍රෝවර් Dum Laga Ke Haisha චිත්‍රපටියේ එන Moh Moh Ke Dhaage ගීතය වෙනුවෙන්

හොඳම නර්තන නිර්මාණය – රෙමෝ ඩී’ සවුසා – Bajirao Mastani හි Pinga ගීතය වෙනුවෙන්

හොඳම කළා අධ්‍යක්ෂණය –  Bajirao Mastani

හොඳම ශබ්ධ සංකලනය – Bajirao Mastani

හොඳම ඇඳුම් නිර්මාණය – Bajirao Mastani.bajrangi-piku-bajirao

තාරක නුවන් දිල්හාර (71 Posts)


2 thoughts on “Sony Guild Awards 2015 | වසර අවසානයේ බොලිවුඩයේ දැවැන්ත සම්මාන උළෙල

  • January 1, 2016 at 8:52 AM
    Permalink

    thanks tharaka saho apita me visthara tika laba dunnata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *