ඉදිරි දිගහැරුම CII | Fantastic Beasts and Where to Find Them (2016) | හැරී පොටර් විශ්වය නැවතත් (පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරසි සමඟ)

Harry Potter යනු පොත් කියවන අය අතර මෙන්ම සිනමා ලෝලීන් අතරත් ඒක සේ උන්මාදයක් ඇතිකළ නිර්මාණ පෙළක්. ජේ.කේ රෝලින් අතින් රචනා වූ Harry Potter පොත් හත හොලිවුඩ් සිනමා නිර්මාණ අටක් විදිහට සිනමාවට නැගුනා. 2011 වසරේ තිරගත වුනු Harry Potter And The Deathly Hallows Part 2 චිත්‍රපටය එහි අවසන් නිර්මාණය උනා. එයත් සමගම මුළු ලොවටම දැනගන්නට ලැබුනේ හැරී පොටර් විශ්වය එතකින් අවසන් වන බවයි. පසුගිය වසරේ හැරී පොටර් සිනමාරූපී අයිතිය ඇති Warner Brothers ආයතනය ලොව පුරා රසිකයන් අමන්දානන්දයට පත් කරන පුවතක් නිවේදනය කරා. ඒ හැරී පොටර් විශ්වය තව දුරටත් සිනමාව තුළ පවත්වාගෙන යාමට තීරණය කර ඇති බවයි. තවත් හැරී පොටර් සිනමා නිර්මාණ ත්‍රිත්වයක් නිර්මාණය කිරීමට ඔවුන් තීරණය කළ බව පැවසුවා. මේ අනුව රෝලින් රචනා කල Fantastic Beasts and Where to Find Them කෘතිය ඇසුරින් 2016 වසරේ පළමු නිර්මාණය තිරගත වීමට නියමිතව පවතිනවා.FANTASTIC BEASTS AND WHERE TO FIND THEM

රෝලින් හැරී පොටර් පොත් හතට අමතරව හැරී පොටර් විශ්වයට අදාළ වෙනත් පොත්ද රචනා කලා.

  • Fantastic Beasts and Where to Find Them (1 March 2001)
  • Quidditch Through the Ages (1 March 2001)
  • The Tales of Beedle the Bard (4 December 2008)

ඒ අනුව මුල්ම නිර්මාණය ලෙස 2001 රචනා කරන ලද පිටු 42කින් යුත් Fantastic Beasts and Where to Find Them පොත මේ සඳහා යොදාගෙන ඇත. හැරී පොටර් විශ්වයේ හොග්වාට්ස් හි පාසල් පොතක් ලෙස උගන්වන Newt Scamander නම් තැනැත්තා ලියූ පොතක් ලෙසින් රෝලින් මෙම පොත රචනා කර තිබෙනවා. එම චරිතය වටා මේ පොතේ අන්තර්ගතය දිව යනවා. හැරී පොටර් පාසල් ගමන ඇරඹීමට පෙර වසර 70කට පෙර සිදුවීම් මෙහි ඇතුලත් වනවාIndependence-Day-Resurgence-2016-Movie-Wallpaper-HD-1

හැරී පොටර් සිනමාපට පෙළේ අවසන් සිනමාපට හතරම සිනමාවට ගෙන ආ David Yates මෙවරද අධ්‍යක්ෂක ලෙස තෝරාගෙන තිබෙනවා.

තිරගතවන දිනය: November 18, 2016 (USA)
අධ්‍යක්ෂක: David Yates
කතාව: J. K. Rowling
සිනමාරූපීකරණය: Philippe Rousselotindependence-day-resurgence-trailer-2016-movie-1
මෙහි චරිත හා රංගනයෙන් දායක වන පිරිස මෙසේය
Ezra Miller
Credence
Eddie Redmayne
Newt Scamander
Colin Farrell
Graves
Ron Perlman
Gnarlack
Jon Voight
Henry Shaw, Sr
Samantha Morton
Mary Lou
Gemma Chan
Katherine Waterston
Porpentina Goldstein
Carmen Ejogo
Seraphina
Dan Fogler
Jacob Kowalski
Christine Marzano
Exterminator
Lasco Atkins
Pedestrian
Alison Sudol
Queenie Goldstein
Peter Breitmayer
Gilbert Bingley
Jenn Murray
Chastity

maxresdefault

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

තිසර නියෝ (398 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

tisaran has 398 posts and counting.See all posts by tisaran

One thought on “ඉදිරි දිගහැරුම CII | Fantastic Beasts and Where to Find Them (2016) | හැරී පොටර් විශ්වය නැවතත් (පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරසි සමඟ)

  • December 25, 2015 at 10:20 PM
    Permalink

    ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *