Prison Break Season 5 Release Date Confirmed | පස්වන කතාමාලාවේ දින වකවානු හා කුතුහලය දනවන තතු හා පිළිතුරු

prison-break-cast.0Wentworth Miller එහෙමත් නැත්තම් මයිකල් ස්කෝෆීල්ඩ්ගේ මරණයෙත් එක්ක ලොකු ආන්දෝලනාත්මක, පැටලිලි සහගත, කුතුහලය දනවන විදිහටනෙ හතරවෙනි කතාසමය අවසන් වුණේ. මං ඒකට පොඩි සහනයක් ගෙනාවා. හා හා දැන් මැද්දෙන් පැනලා දිනේ විතරක් බලලා යන්නේ නැතුව ලිපිය මුල ඉදලම කියවගෙන යමු.  මොකද අද තර්කානුකූල කරුණු ටිකක් අරගෙන ආවේ. මමම කලින් ලිපියක් ගේනවා මේ Prison Break Season 5 ලබන අවුරුද්දේ විකාශය වෙනවා කියලා.  නමුත් ඉතිං ලොකු දෙයක් කියන්න බැරි වුනා. නමුත් ඉතිං මේ වෙද්දී ගොඩක් ආරංචි පැතිර යනවා. මොකද කිව්වොත් අර මයිකල් ස්කෝෆීල්ඩ්ගේ මරණය අදහාගන්න බැරි වුනා. බලමු නේද අධ්‍යක්ෂකවරු මේ මැරුණු  මයිකල්ගේ චරිතයට නැවත සිද්ධාත්මකව පණ දෙන්නේ කියලා.re4-wentworth-miller_480x360FOX නාලිකාවේ සභාපති හා ප්‍රවර්ධන විධායක නිලධාරි ඩානා වොල්ඩන් විසින් සදහන් කර තිබුණේ 24: Live Another Day විකාශයත් සමගම මේ Prison Break Season 5 විකාශය කිරීමටය. ඒවගේම ඔවුන් සදහන් කර තිබුණේ මෙම කතාමාලාව කොටස් දහයකට කෙටි කර ඇති බවය. නමුත් මෙම කොටස් දහයකට නිර්මාණය වෙනස් වෙන්න පවා ඇති හැකියාව වැඩියි. හැබැයි ඔයාලා අපි හැමෝම දන්නවා වගේම සාමාන්‍යයෙන් අලුතින් විකාශය වෙන  කතාමාලාවක තියෙන්නේ කොටස් දහයක් විතරයි. හේතුව දන්නවා ඇතිනේ. සමහර ආයතන මේ සදහා දරන වියදම වැඩියි. එහෙම කතාමාලාවක් දික් වෙන්න වෙන්න ගොඩක් නාලිකාවල අධ්‍යක්ෂකවරුන් කතාමාලා වල කතාංග වැඩි දුර අරගෙන යන්නේ නැහැ. එහෙම වෙන්න අනිත් කාරණය තමයි නළු නිළියන් එකම කතාවක නිරුපණය දිගින් දිගටම දැක්වීමට ඇති අකමැත්ත. මොකද ඕනෙම කෙනෙක්ට එකම කාර්යයක දිගින් දිගටම නිරත වෙන්න ගියාම එපා වෙනවා.

FOX නාලිකාවේ සභාපති හා ප්‍රවර්ධන විධායක නිලධාරි සදහන් කරලා තිබුණේ ලබන අගෝස්තු මාසයේ විකාශය කරන බවය. එයාලා සදහන් කළා Wentworth Miller(මයිකල්) හා Dominic Purcell(ලින්කන්) දෙදෙනා Prison Break මීළග අනුබද්ධයට පැමිණීමට ඉඩ ඇති බවය. ඒ මොකද කිව්වොත් මේ දෙදෙනා දැනටමත් The Flash හා ඊලග අවුරුද්දේ විකාශය වීමට නියමිත DC Legends Of Tomorrow තුළ Captain Cold (කැප්ටන් කෝල්ඩ්)  හා Heat Wave (හීට් වේව්)යන චරිත වළට රංගනයෙන් දායක වන නිසා ඔවුන් ගොඩක් කාර්යබහුල වෙලා තියෙන නිසා. ඒත් වොල්ඩන් පැහැදිළිවම සදහන් කරලා තියෙනවා මොවුන් දෙදෙනාම නැවතත් මීළග කතාමාලාව සදහා දායක වන බව.FLA110b_0393b_article_story_large legends-of-tomorrow-poster
මීළග කතාවාරයත් සමගම ප්‍රේක්ෂකයන්ගෙන් නොයෙකුත් ප්‍රශ්න නැගෙන්න ගත්තා. කොහොමද මේ මයිකල් ස්කෝෆීල්ඩ් ජීවත් වෙලා ඉන්නේ? එයා කොහොමද බේරුනේ? තාම එයාගේ මොලයේ අර ඉදිමුම එහෙමත් නැත්තම් මොළයේ ඇතිවුන ගෙඩි තියද? එතකොට එයාගේ නහයෙන් ලේ ගලන එක තාමත් වෙනවද? ඒ මදිවට මේකට කට්ටිය නමකුත් දාලා. මේක Prison Break කතාමාලාවේ අවසන් එකද?  FOX  නාලිකාවේ තවත් ප්‍රවර්ධන විධායක නිලධාරි මේ මයිකල්ස්කෝෆීල්ඩ්ගේ මරණය ලේසියෙන්ම ප්‍රහික්ෂේප කරලා තියෙනවා ඒක විහිළුවක් කියලා. එවිට ප්‍රතිචාර ලෙස වොල්ඩන් තර්කානුකූල හේතුවක් ඉදිරිපත් කරලා තියෙනවා ඇයි ඔහු තවම ජීවතුන් අතර ඉන්නේ ඒවගේම ඇයි ඔහු අධිවෝල්ටිය ආරක්ෂාව තියෙන ස්ථාන වලින් පැන යන්නේ කියලා.

“මේ ලෝකයේ කොයි තරම් නම් තර්කානුකූල හා විශ්වාස කල හැකි දේවල් තවමත් පවතිනවද, එහෙව් එකේ Prison Break කතාමාලාවේ චරිත තවමත් ජීවතුන් අතර ඉන්න එක පුදුමයට පත්වෙන්න දෙයක් නෙවෙයි” ඔන්න ඔහොම තමයි වොල්ඩන් පවසා සිටියේ.wentworth-miller_178955_768x1024
රසිකයන් මෙහෙම කතාවකුත් කියනවා. “මයිකල් අපිව ලේසියෙන්ම බොරුවක් කලා එයා මැරුණා කියලා. මොකද The Walking Dead Season 6 කතාමාලාව බලන අය දකින්න ඇති ග්ලෙන් මැරුණා කියලා බොරුවක් කලා. නමුත් ඒක දකින අයට ඇත්තක් වගේ පෙනුනා. සාරා හා ලින්කන් දෙන්නාට නිලමය වශයෙන් සමාව ලැබිලා ඇමරිකාවේ ජීවත් වෙනවා. ඒත් අපිට මයිකල්ගේ මරණය තහවුරු කරගන්න පුළුවන් වුන එකම සිදුවීම තමයි එයා වටා හිටපු අය සොහොන් කොත ගාවට ගිහින් එන එකයි, එයා අන්තිම වතාවට සාරා හා ලින්කන්ට තියපු පණිවිඩයයි. ඒකෙ විශේෂම කොටස් කිහිපය මේකයි…

මෙන්න වීඩියෝ එක

“You know we spend so much of our lives not saying the things we want to say,” said Michael during the Prison Break ending. “The things we should say. We speak in code, we send little messages; origami. So now, plainly, simply, I want to say that I love you both. Very much. And I want you to promise me, that you’re gonna tell my child… that you’re gonna tell my child how much they’re loved everyday. And remind them how lucky they are… to be free, because we are. We’re free now, finally. We’re free.”

“ඔයා දන්නවනේ අපි ගොඩක් කාලයක් එකට ජීවත් වුනා. අපිට කියන්න ඕනේ දේ නැතුව, ඒ දේ තමයි අපි කියන්න ඕන. අපි කේත මගින් කතා කලේ. අපි පණිවිඩ යැව්වා. ඔරිගාමි. ඉතිං දැන් පැහැදිළිවම, සරලවම, මට ඕනේ කියන්න ඔයාලා දෙන්නටම ආදරෙයි කියලා. ගොඩක් ආදරෙයි.  එවගේම ඔයා මට පොරොන්දු වෙන්න ඕනේ, ඔයා මගේ දරුවට කියන්න ඕනේ…. ඔයා මගේ දරුවට කියන්න ඕනේ, අපි හැමදාම එයාලා කොච්චර නම් ආදරෙන් හිටියද කියලා. ඒවගේම මතක් කරලා දෙන්න එයාලා කොයි තරම් නම් වාසානාවන්තද කියලා.. නිදහස් වෙන්න තරම්. මොකද අපි දැන්, අපි දැන් නිදහස්. අන්තිමට හරි අපි නිදහස් වුනා.”

මේ පණිවිඩයත් එක්කම ප්‍රේක්ෂකයන් විශ්වාස කරනවා අන්තිමට හැමෝම ඔහුගේ සොහොන් කොත ළගට ගිහින් එද්දී ලින්කන් එයාගේ සොහොන්කොත උඩ “ඔරිගාමි කඩදාසි කොකෙක්ව ” තියලා යනවා. මතකනේ ඒක තියන්නේ මොකටද කියලා. එතනම ලොකු බලාපොරොත්තුවක් රසිකයන් වෙත ලබාදෙනවා. අනික ඒක නිකන්ම  “ඔරිගාමි කඩදාසි කොකෙක් නොවී ඒක ඇතුලේ පුංචි පණිවිඩයක් මයිකල්ට තියලා ගියා වෙන්න බැරිද? ” තර්කානුකූලව ගත්තම, සාරාව ආරක්ෂිතව තියන්න මයිකල් මෙහෙම කළා වෙන්නත් පුළුවන්.

මුලින් සදහන් කරලා තියෙන විකාශය වන මාසය අගෝස්තු කිව්වට නවතම තොරතුරු වළට අනුව  ඔක්තෝබර් වීමට ඉඩකඩක් ඇති බවද පොඩි ආරංචියක් තියෙනවා. ඔවුන් තවම මේ ගැන දිනයක් ප්‍රේක්ෂකයා වෙත ඉදිරපත් කරලා නැහැ. ලබන අවුරුද්ද වෙනකන් ඉවසගෙනම ඉමු.  ආයේ මේ ගැන විස්තරයක් හරි ට්‍රේලර් එකක්, ප්‍රෝමෝ එකක් ආපු විගසම මං අරගෙන එන්නම්.

චාමර සම්පත් (43 Posts)


5 thoughts on “Prison Break Season 5 Release Date Confirmed | පස්වන කතාමාලාවේ දින වකවානු හා කුතුහලය දනවන තතු හා පිළිතුරු

  • December 19, 2015 at 10:39 AM
    Permalink

    ලිපියට බොහෝම ස්තුතියි සහෝ.
    කතාව එනවා කියලා දැනගත්තු ගමන්ම වගේ මේ තියරි ටික ඔලුවේ දිව්වා. 🙂

  • December 19, 2015 at 7:34 AM
    Permalink

    ”24: Live Another Day විකාශයත් සමගම මේ Prison Break Season 5 විකාශය කිරීමටය” 24 තව සීසන් එකක් එනවද?දැනුවත් කිරීමට බොහොම ස්තූතියි 🙂

  • December 19, 2015 at 12:54 AM
    Permalink

    එලම නිව්ස් එකක් බ්‍රෝ …

  • December 18, 2015 at 9:15 PM
    Permalink

    Elama bro

  • December 18, 2015 at 1:06 AM
    Permalink

    ස්තූතියි චාමර සහෝ දැනුවත් කිරීම වෙනුවෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *