Villain (දුෂ්ටයා) 13 | Theodore “T-Bag” Bagwell

අද අපි යන්නේ ඇමෙරිකාවේ Fox River වලට. ඔව් ඔව්…. මයිකල් ස්කොෆීල්ඩ් ඉදපු තැන තමයි. හැබැයි අද කතාව එයා ගැනනම් නෙමෙයි. මොකද #දුෂ්ටයෝ ගැන ලියන මගේ ලිපිවල එයාව දැම්මොත් මයිකල් අයියට හෙන අසාධාරණයක් වෙනවනේ. ඒ වගේම හිරගෙදරකින් මගේ කතාවකට පොරක් තෝරගන්න එකත් ලේසි නෑ. මොකද හිරගෙදරකට දාන්නේ කොහොමත් නරක මිනිස්සුනේ.

ඒ අතරින් මන් තෝර ගත්තා අපේ කතා නායකයා විදිහට sex predetor කෙනෙක්. ලිංගික ගොදුරු සොයන්නෙක්. මෙහෙම කිව්වමනම් prison break කතාව බලපු අයට මතක් වෙනවා ඇති. වෙන කවුරුත් නෙමෙයි T-Bag. හම්ම්ම්ම්ම්….. අද මන් විස්තර ගේන්නේ Theodore Bagwell ගැන.

(මගේ කලින් කතාව කියෝපු & අදහස් දක්වපු හැමෝටම  ස්තුතියි)

Robert Knepper

 

පිටුපස කතාව

ඇමරිකානු ටෙලිකතා මාලාවක් වන prison break Action, Crime, Thrille හා Serial drama යන වර්ගයට අයත් වේ. Paul Scheuring අතින් නිර්මාණය වූ මෙය season 4ක් වන අතර එතුල episode 81 සමන්විතය. Original Film Adelstein/Parouse Productions හා  20th Century Fox Television යන සමාගම් නිෂ්පාදනයෙන් දායක වූ අතර බෙදාහරින ලද්දේ 20th Television විසිනි. Fox නාලිකාවේ 2005 අගෝස්තු 29 ආරම්භ වූ මෙම කතා මාලාව  2009 මැයි 15 දින අවසන් විය.

[නවතම පුවත්වලට අනුව තවත් කතාමාලාවක් ඉදිරියට ඒමට නියමිතය. ඒ පිලිබඳ විස්තර දැනගන්න මෙතනින්]Wikia-Visaualization-Main,prisonbreak

Prison Break කතා මාලාව  1

කල්පිත චරිතයක්වන T-bag චරිතයට පනපොවන ලද්දේ Robert Knepper කියන නළුවා විසිනි. 1959 ජුලි 8වෙනිදා උපතලද මොහු විසින් සිනමා හා කතාමාලා රාශියකට දායකත්වය ලබා දී ඇත. එයින් අද අප කතාකරන චරිතය රඟදක්වන කතා මාලාව සදහා කොටස් 75කින් ඔහු දායකත්වය සපයා ඇත. T-bagලෙස මුලින්ම මෙයාව දකින්න ලැබෙන්නේ “Allen” කියන දෙවන කොටසින්.

 

Theodore “T-Bag” Bagwell

Prison Break character

First appearance Allen
Last appearance “The Final Break”
Portrayed by Robert Knepper
Michael Gohlke (young Theodore Bagwell)

Information

Aliases T-Bag
Teddy
Dr. Marvin Gudat (S2E02)
Clyde May (S2E04)
Stumpy (S3E9)
Sam (S2E13)
Dr. Erik Stammel (S2E18)
Teodoro
Cole Pfeiffer (S4E03S4E12)
Charles Patoshik (S4E17)
Brett Benson (Breakout KingsS1E03)
Henry Pope (Breakout KingsS1E03)
Family James Bagwell
(second cousin) (Deceased)
James Bagwell Jr.
(second cousin once removed) (Deceased)
Audrey Bagwell (mother)(Deceased – Breakout KingsS1E03)
Significant other(s) ·         Susan Hollander (ex-girlfriend)

·         Jason “Maytag” Buchanan (boyfriend, committed suicide in prison riot)

 

චරිතාපදානය

Season 1

T-bag කියන්නේ ෆොක්ස් රිවර් වල ඉන්න ටිකක් විශේෂ කණ්ඩායමක නායකයෙක්. නමුත් මෙයාව අනෙක් සිරකරුවන් විසින් පිළිකුල් කරනවා මෙයා දරුණු කාමාශාවන්ගෙන් හා අහංකාර, උඩඟු ගතියෙන්  පෙලෙන නිසා. කතාව පටන්ගන්නේ මයිකල්ගේ ආගමනයත් සමග. T-bagට ඕනා වෙනවා මයිකල්ව තමන්ගේ පාලනය යටතේ තියා ගන්න. මේ අතරතුල නොසිතු ලෙස T-bagගේ සිරකුටියේ සිටින ඔහුගේ ලිංගික උවමනා සපුරන හා තමන්ගේ සගයා සිරගෙය තුල සිදුවන කලබගෑනියක් අතරතුර මරණිය තුවලා ලබනවා. T-bag හිතන්නේ මේක මයිකල්ගේ වැඩක් කියලා. මෙම සිද්ධියට පලිගන්න හිතාගෙන T-bag විසින් මයිකල්ව අල්ලගන්න මොහොතේ ජෝන් අබ්රූසි විසින් මයිකල්ව බේර ගන්නවා. බේර ගනිද්දී සිදුවන පහර දීම නිසා T-bagට දවස කීපයක්ම සිරකදවුරෙන් පිටත ආරෝග්‍යශාලාවක නවතින්න සිද්ධ වෙනවා. මේ අතර තුල කාලයේදී මයිකල් විසින් එයාගේ පැනයන සැලසුම ක්‍රියාත්මක කරනවා.t is biga bad wolf

Fox river සිරගෙය 1

නැවතත් සිරගෙදරට එන T-bagට දැනගන්න ලැබෙනවා මයිකල් හා තවත් කීප දෙනෙක් පැනලා යන්න සැලසුම් කරනවා කියලා. මේ තොරතුරින් ප්‍රයෝජනගන්න  T-bag කියනවා මයිකල්ට තමාවත් පැනයන සැලසුමට දා ගත්තේ නැත්තන් මෙම රහස  ගැන අනෙක් සිරකරුවන්ටත් කියනවා කියලා. වෙනත් පිලියමක් නොමැති තැන මයිකල් විසින් තීරණය කරනවා T-bagවත් break out එකට සම්බන්ධ කර ගන්න. මෙතැනදී T-bag විසින් prison break කතා මාලාවේ පලවෙනි ඝාතනය සිද්ධ කරනවා. ඒ මෙම රහස් පැනයාම පිළිබද දැනගන්න සිර කඳවුර ආරක්ෂකයෙක්ව.

මේ සිද්ධියෙන් පස්සේ ඉදන් T-bag විසින් මයිකල්ව හා අනෙක් පැනයන පිරිසව blackmail කරලා ඔහුත් මෙම පැනයන පිරිසේ ප්‍රධාන හවුල් කාරයෙක් වෙනවා. ඇත්තටම T-bagනිසා පැනයන කණ්ඩායම තුල ව්විධ ගැටුම් නිර්මාණය වෙනවා. මොකද කිව්වොත් T-bag කියන්නේ කාටවත් නොරුස්සන චරිතයක්. මේ අතරතුල T-bagට දැනගන්න ලැබෙනවා එයාගේ සහෝදරයව හා සහෝදරයාගේ පුතාව මරලා දාලා කියලා. මේකට මෙයා සැක කරන්නේ ජෝන් අබ්රූසිව. මොකද කියනවනම් ජෝන් අබ්රූසි කියන්නේ පාතාල නායකයෙක්. මේකට පලියක් ලෙස T-bagවිසින් ජෝන් අබ්රූසිගේ උගුරු දණ්ඩ කපලා දානවා blade එකකින්. දරුණු ලෙස තුවාල ලබන ජෝන් අබ්රූසිව නොමැරී බේරෙන්නේ අනුනමයෙන්. (මොකද මයිකල්ගේ සැලසුමට අනුව ජෝන් අබ්රූසි තමයි හිරෙන්  පැනගත්තම ප්‍රවාහන පහසුකම් දෙන්න ඉන්න එකම පොර.) ප්‍රහාරයෙන් ජෝන් දිවි බේරාගන්නවා.

අවසානෙදි  මයිකල් සැලසුම් කරපු විදිහටම පැනයාමේ අවසන් දිනේ එනවා. කට්ටිය තාප්පෙට වයර් එකක් දිගේ එල්ලිලා යන අවසාන මොහොතේ මෙයාලත් එක්ක ඉන්න වයසක පුද්ගලයට(Charles Westmoreland)  පැනගන්න බැරි වෙනවා. නමුත් මෙම වයසක පුද්ගලයා මයිකල්ට කියනවා තමන් හොරකම් කරපු මුදල් තොගයක් යම් තැනක හංගලා තියෙනවා එක අරන් තමන්ගේ පවුලට දෙන්න කියලා. මේක කියද්දී T-bagගුත් මෙම කතාව අහගෙන ඉන්නවා. අවසානෙදි වයසක පුද්ගලයා හා තව පුද්ගලයෙක් ඇර අනිත් හැමෝම හිර ගෙදරින් පැනගන්නවා. පැනගත්ත සෙට් එක කැලෑවකට ආවට පස්සේ ජෝන් අබ්රූසි විසින් T-bagගේ වම් අත වලලුකර ගාවින් කපලා වෙන්කරලා උගුරු දණ්ඩ කපපු තමන්ගේ පලිය ගන්නවා.

Season 289aaaad79ff170a298551ea7b54ee333241c

අත නැවතත් සවිකර ගැනීමෙන් පසු 1

වළලුකර ගාවින් අත වෙන් උනාට පස්සේ T-bagව කට්ටිය තනි කරලා යනවා. T-bagගුත් ගේම අතඅරින පොරක් නෙමෙයිනේ. මෙයත් වෙන්වුන අතත් අරගෙන කැලේ කඩාගෙන දුවගෙන යනවා. එහෙම ගිහින් සතුන් සඳහා ප්‍රතිකාර කරන තැනකට ඇවිත් අත නැවත තියලා මහ ගන්නවා. මෙතනින් මෙයා නිකන්ම යන්නේ නෑ. අත මහපු දොස්තරවත් මරලා එයාගේ වාහනෙම තමයි මෙයා මෙතනින් යන්නේ. මෙයා මෙයාගේ පෙනුම එහෙම වෙනස් කරගෙන ගමන් ආරම්භ කරන්නේ සිරෙන් පැනයාමේදී වයසක මිනිහා කිව්ව මුදල් හංගලා තියෙන තැනට. මුදල් හංගලා තියෙන ප්‍රදේශයට ලඟාවන මෙයාට හිරෙන් පැනපු අනිත් අයවත් මුණ ගැහෙනවා. ඒගොල්ලොත් ඇවිල්ලා තියෙන්නේ මුදල් ගන්න. කොහොමෙන් හරි නැවතත් මේ කට්ටිය එකතුවෙලා ගරාජයක හංගලා තියෙන මුදල් ටික ගොඩ ගන්නවා. මෙතැනදී පොඩි කපටි වැඩක් කරලා  T-bag තනියම මුදල් ටිකත් අරන් පැනල යනවා. මෙයා යන්නේ කලින් මෙයා එක්ක යාළුවෙලා ඉදල මෙයාව අතඇරපු කාන්තාව බලන්න

ඒ යන ගමන් අතරතුර මෙයා යන්නේ තමන්ගේ සහෝදරයා මියයන්න පෙර ජීවත්ව හිටපු ගෙදරට. එතැනදී මෙයාව ඔෆිසර් බෙලික්ට(සේවයෙන් පහකළ සිරගෙදර ආරක්ෂකයෙක්ට) අහුවෙනවා. මෙතැනදී මුදල් පිළිබද දැනගන්න ඔෆිසර් බෙලික් විසින් මුදල් ඉල්ලා T-bagට වඳදෙනවා. එම වඳ දෙන අවසථාවේ මුදල් හංගලා තියෙන ලාච්චුවේ යතුර ඔෆිසර් බෙලික්ට හමු වෙනවා. යතුර ගන්න ඔෆිසර් බෙලික් T-bagව ගෙයි රේඩියේටරයට තියලා වම් අත මාංචු දාලා යනවා. මෙතැනදී බේරෙන්න විදිහක් නැති තැන T-bagවිසින් එයාගේ පරණ වළලුකරින් ගැලවුණු අත නැවතත් වළලුකර ගාවින්ම ගලවලා දාලා බේරිලා යනවා.

T-bagකියන්නෙත් මෝඩයෙක් නෙමෙයි. එයා මුදල් ටික ලාච්චුවට දාන්න කලින් මුදල් බෑගයට GPS tracking උපාංගයක් දාලා තියෙනවා. එක මාර්ගෙන් මුදල් තියෙන තැන හොයා ගන්න මෙයා එතැනදී Geary කියන සේවයෙන් පහ කරපු ආරක්ෂකයව මරලා දානවා. මෙතනින් පැනලා යන්න කලින් T-bagවිසින් ඔෆිසර් බෙලික්ව මේ මිනීමරුමට අහුවෙන පරිදි ඔහුගේ credit-cardඑක මල සිරුර ගාව දාලා යනවා. මෙලෙස පැන යන ඔහුට දවසක් දකින්න ලැබෙනවා වියට්නාම යුද්ධයේදී වළලු කර ගාවින් අතක් අහිමි වෙච්ච සොල්දාදුවෙක් බොරු අතක් දාගෙන ඉන්නවා. T-bag විසින් මේ මිනිහවත් මරලා ඔහුගේ බොරු අත අරගන්නවා.

 

මෙතනින් පස්සේ මෙයා ලිපිකාරියකගේ උදව්වෙන් මෙයාගේ පරණ පෙම්වති වන සූසන්ගේ නිවසේ ලිපිනය හොයා ගන්නවා. නමුත් මෙයාට උදව් කරන ලිපිකාරිය දැනගන්නවා විස්තර හොයන පුද්ගලයා ඇමෙරිකාවේ most-wanted ලිස්ට් එකේ ඉන්න පුද්ගලයෙක් කියලා. මෙතැනදී මේක පිළිබද ඉවවැටුණු T-bag මෙම කාන්තාවටත් ගේම දෙනවා. අවසානෙදි සූසන්ගේ නිවසට යන T-bag කාන්තාව සමග කතා කරන විට සූසන් කියනවා ඔහුට අකැමති බව. මෙයින් හිත බිදෙන මෙයා ඒ කාන්තාව හා ළමයි දෙන්නව මුලින්ම තමාගේ ජීවත්වූ නිවසට රැගෙන ගොස් ඒ ගෙයි ගබඩා කාමරයක දාලා ලොක් කරනවා. එතැනදී  මෙයාට මෙයාගේ අතීතේ මතක් වෙනවා. ඒ මෙයාගේ පියා අතින් මෙයා අපයෝජනයට ලක්වෙච්ච හැටි. එක නිසා කලකිරෙන T-bag ඒ පවුල අත ඇරලා පොලිසියට call කරලා  යන්න යනවා.aa1163

ඔහුගේ හිතගත් යුවතියගේ ළමුන් සමඟ  1

ඊට පස්සේ මෙයා කලින් මරපු දොස්තරගේ හැදුනුම්පත මාර්ගයෙන් බැංකොක් වලට ටිකට් පත් මිලදී ගන්නවා. නමුත් Mexico City International Airport  එකේදී මෙයාට හම්බ වෙනවා ඔෆිසර් බෙලික්ව. මෙයාගෙන් හැංගෙන්න යන වෙලාවේදී T-bagට මුදල් බෑගය නැතිවෙනවා. මෙයා එතැන ඉන්න ආරක්ෂකයොත්  එක්ක පොඩි කෙස් එකක් දාගන්නවා මුදල් බෑගය නැවත ලබා ගන්න. නමුත් වැඩේ කණපිට යන නිසා T-bag එතනින් පැනලා යනවා නැවතත් අහු නොවී. ඒ පැනලා යන්නේ  “Panama වලට. එතන ගිහිල්ලත් පොර ගණිකාවක්ව මරනවා. මේ වෙනකොට මුදල් බෑගය පස්සේ හිරෙන් පැනපු බාගයක්ම පැනමා වලට එනවා. පැනමා වල කැලේක මයිකල් හා T-bag අතර සිද්ධ වෙන සටනකින් අනතුරුව මයිකල් විසින් T-bagව එතන හිරකරනවා පැනමා වල පොලිසියට අහුවෙන විදිහට. පැනමා වල පොලිසියට අහුවෙන T-bagව  හිර කූඩුවක දානවා.tumablr_m5ol06zejd1rxcv0yo4_1280

පැනමා වල ගණිකාවක් සමඟ  1

Season 3

පොලිස් හිර කුඩුවෙන් මෙයාව යවන්නේ පැනමා වල තියෙන “sona” කියන හිර ගෙදරට. Fox-river වගේ නෙමේ මෙතනනම්. නීතියක් නැති, මැරයෝ ටිකක් පාලනය කරන තැනක් තමයි sona කියන්නේ. මුදල් බෑග් එකේ ප්‍රශ්නේ නිසා T-bag විතරක් නෙමෙයි මයිකල්, ඔෆිසර් බෙලික් හා මහෝනි (හිරෙන් පැනපු අයව අල්ලන්න ආපු ඇමරිකානු රජයේ නියෝජිතයා) කියන අයත් මේ sona කියන හිරගෙදර කොටු වෙනවා. මයිකල් හිරගෙදර ඉන්නවා කියන්නේ පැනලා යන එක ශුවර්නේ.GaaW300H400

තියඩෝර් බෑග්වෙල් 1

ඒ වගේම T-bagගුත් නිකන් ඉන්නේ නෑ. පොරත් විකාර ටිකක් කරලා Lechero  කියන හිර ගෙදර පාලනය කරන මැරයත් එක්ක සම්බන්ධකමක් හදා ගන්නවා.මේක නිසා T-bagට සිද්ධ වෙනවා මයිකල්ට උදව් කරන්න. ඒ උදව්ව තමයි Lecheroගේ ජංගම දුරකථනය මයිකල්ට ලබා දීම. මේ වැඩේ කරන T-bag ආපසු දුරකථනය තියද්දි Lecheroට තේරුම් යනවා දුරකතනය තිබ්බ තැනම නෙමෙයි තියෙන්නේ කියලා. මේක නිසා Lecheroගේ හිත දිනාගන්න T-bag කරන්නේ Lecheroගේ සගයෝ ගැන හොරෙන් ඔත්තු සපයනවා. මේක නිසා යම්තාක් දුරට මේ දෙන්න අතර හොඳ හිතක් ඇති වෙනවා. මෙහෙම කරන මෙයාට ඕන වෙනවා හිර ගෙදර තුල මත්ද්‍රවය බෙදා හරින පුද්ගලයාගේ තැන ගන්න. එක නිසා පොර කරන්නේ දැනට මත්ද්‍රවය බෙදා හරින එකාව ඉටිකොළ බෑග් එකකින් හුස්ම හිරකරලා මරලා ඔහුගේ තැන ගන්න එක.

මේ අතරතුර මෙයා හොද වැඩකුත් කරනවා. හැබැයි එකේ යටි අරමුණ මොකක්ද කියල නම් කියන්න බෑ. හොද වැඩේ තමයි  Lechero වෙනුවෙන් එන ගණිකාව හිරගෙදර ආරක්ෂකයන්ට අසු නොවෙන පරිදි ආරක්ෂා කිරීම. මේ අතර තුර කාලේ මයිකල් හා James Whistler කියන දෙන්න පැනලා යන්න හදනවා දෙපාරක්ම. නමුත් අහුවෙනවා. මේක ගැන සැකහිතෙන T-bag, මයිකල් පිලිබඳ හොරෙන් ඇහැගහගෙන ඉන්නවා. මෙතැනදීත් T-bag කොහොමහරි පැනයන කන්ඩායාමට එකතුවෙලා හිරෙන් පනින්න යද්දී මයිකල්ගේ කපටි සැලැස්ම නිසා ආරක්ෂකයින්ට මාට්ටු වෙනවා. හැබැයි මෙතැනදී මෙයට පොඩි පොතක් හම්බ වෙනවා කුරුල්ලෝ ගැන විස්තර තියෙන.

ආපහු sona හිරේට යන මෙයා තමයි ලොක්ක වෙන්නේ. මෙයා එතන තියෙන තද නීති ටිකක් වෙනස් කරලා හැම අපරාධකාරයෙක්ම සමානයි කියනවා. මේක නිසාම මෙයාට sonaවල නායකකම ලබෙනවා.

Season 4

4වෙනි සීසන් එකෙත් මෙයා ප්‍රධාන චරිතයක් වෙනවා. මොකද මයිකලුයි, ජේම්ස් විස්ට්ලර් කියන දෙන්නා හිරෙන් පැනලා යද්දී වැටෙන පොත හම්බෙන්නේ T-bagට නිසා. මේ අතරතුර කොහොම හරි T-bagහිරෙන් එලියට එනවා. ඒ ඇවිත් මෙයා හදන්නේ මයිකල්ගෙන් පලිගන්න. මොකද මෙයාව හිරෙන් පනින වෙලාවේදී අහුවෙන විදිහට සැලසුම් කරපු නිසා. හිරෙන් එලියට එන මෙයා තේරුම් ගන්නවා පොත යම්කිසි වැදගත්කමක් තියෙන දෙයක් කියලා. මේකෙන් මෙයාට හම්බ වෙනවා “හොදම විකුණුම්කරු” කියන කොළ වගයක් GATE කියන සමාගමේ. මේකෙන් ප්‍රයෝජන ගන්න මෙයා ඒ කොළ වල ඉන්න පුද්ගලයා වශයෙන් පෙනී ඉන්නවා. එම හේතුව නිසා T-bagට හොඳ ජිවිතයක් හම්බ වෙනවා. නමුත් කුඩල්ලා මෙට්ටේ තියන්න බෑ වගේ මෙයත් නරක දේ පස්සේමයි යන්නේ.aaCole_Pfeiffer

GATE ආයතනය තුල 1

කරුමේ කියන්නේ මෙතෙන්ටත් මයිකල් සම්බන්ධ වෙනවා. හේතුව තමයි GATE කියන ආයතනය සම්බන්ධ වෙනවා මයිකල් හා ජේම්ස් කියන දෙන්නගේ ක්‍රියාන්විතයකට. මේක මුදල් සම්බන්ධ දෙයක් නිසා මයිකල්ගෙන් පලිගන්න එක පැත්තකට දාලා T-bagත් මේ වැඩේට උදව් කරනවා. මේ ක්‍රියාවලිය සිද්ධ වෙන අතර තුර T-bagගෙන් කණ්ඩායමේ අයට විවිධ අකටයුතුකම් සිද්ධ වෙනවා. ඒවා එකින් එකට විස්තර කරනවට වඩා හොදයි කතාව බලන එක. මේ අතර සිද්ධ වෙන හදිසි අනතරක් නිසා බෙලික් කියන මේගොල්ලන්ගේ කණ්ඩායමේ පුද්ගලයෙක් මිය යනවා. මේ සිද්ධිය T-batට ටිකක් බලපානවා. මේ කරුණ හේතුකොටගෙන T-bag පුංචි දේශයනයක් තියනවා. ඒ කතාව අහද්දී අපිට තේරෙනවා T-bag චරිතය කොච්චර අමානුෂික ලෙස ගලාගෙන ගියත් ඔහු තුලත් මානුෂික හැගීම් තියෙනවා කියලා. මිත්‍රත්වය හා බැදීම් ඕනෑම පුද්ගලයෙකුට බලපානවා කියලා පේනවා.

නමුත් මයිකල්ගෙන් පළිගැනීමේ චේතනාව තාමත් T-bagගේ හිතින් අයින් වෙලා නැති නිසා මෙයා කරන්නේ මයිකල්ගේ ආදරවන්තිය වෙන Sara Tancredi  ප්‍රාණ ඇපයට අරගෙන දුෂණය කරන්න හදනවා. නමුත් මෙතැනදී මයිකල් මැදිහත් වෙලා Saraව  බේර ගන්නවා. මේක නිසා කණ්ඩායමේ අනිත් අය තීරණය කරනවා T-bagව හිරේට අල්ලා දෙන්න. මේකේ ප්‍රතිඵලය ලෙස නැවතත් T-bagව Fox River වලට දානවා. කොටන කුකුලට කොහෙත් එකයි වගේ නැවතත් හිරගෙදර  සුපුරුදු ජීවිතයට හැඩගැසෙන  T-bag හිරගෙදර නායකයා වෙනවා. හැමෝම ඔහුට භය පක්ෂපාතිත්වය ඇතිව කතා කරනවා. අවසාන දර්ශනය ඔහු හිරගෙදර පිට්ටනියට ඇවිල්ල හිස ඔසවලා  අහස දෙස බලනවා. සුපුරුදු ලෙසම ඔහුගේ සාක්කුවේ රෙද්ද අල්ලගෙන පොඩි හෙන්චයියෙක් බලන් ඉන්නවා.

  • වීඩියෝ ක්‍රීඩාවට අනුව T-bagගේ වයස අවුරුදු 46 කි. නමුත් රහසිගත් FBI තොරතුරු වලට අනුව ඔහුගේ වයස අවුරුදු 37 කි.
  • වරක් T-bag ඔහු විසින් මරා දමන ලද මෙක්සිකන් මිනිසෙකුව ආහාර ලෙස ගෙන ඇත.
  • කතාව තුල ප්‍රධාන චරිතයක්(Lechero) ඝාතනය කල එකම ප්‍රධාන චරිතය මොහුය.
  • PobegBreakout KingsPrison Break හා Prison Break – The Conspiracy (ක්‍රීඩාව)  යන සියලුම මාධ්‍ය වල පෙනී සිටි එකම චරිතයද මොහුය.
  • ඒ වගේම ඔහුගේ කෙටි නම නිර්මාණය වී ඇත්තේ ඔහුගේ පළමු නමේ පළමු අකුර හා අවසාන නමේ මුල් අකුරු තුන යොදාගෙනය Theodore Bagwell. ඒ වගේම එම වදන ලිංගික ක්‍රියාකාරකමක් වන Tea bagging යන වදනට සමානකමක් දක්වයි. (as it is mostly performed as a dominance act, it could very well reflect on T-Bag’s dominant position within Fox River).
  • T-bag උපදින්නේ ඔහුගේ පියාගේ සහෝදරියට දාවය. ඒ වගේම T-bag ඔහුගේ පියාගේ අතින් අපයෝජනයට ලක්වුවෙකි.
  • හිරෙන් පැනපු හැමෝගෙන්ම නැවතත් හිරගෙදරට අපු එකම එක්කෙනා විදිහට T-bagව නම් වෙනවා.

 

විද්‍යත්මාදය සම්ප්‍රාප්තිය

රූපවාහිනී

වීඩියෝ ක්රීඩා

පරිගණක ක්‍රීඩාවේ විස්තරය  1
(අන්තර්ජාලය ඇසුරිණි)

 

මන් හිතනවා ඕගොල්ලෝ විනෝදයක් වගේම දැනුමක් ලබා ගන්න ඇති කියලා

මගේ කතා වල එකතු වෙන්න ඕන දේවල්, අයින් කරන්න ඕන දේවල් හා මගේ කතා ගැන තියෙන අදහස් උදහස් ගල් මුල් ඔක්කොම පහලින් ප්‍රකාශ   කරන්න.

තවත් දවසක හමුවෙමු “දුෂ්‍ටයා,villain” කතාවක් සමග.

 

එතෙක් ඕගොල්ලොන්ට ජය වේවා !!!

මම  Shereef Perera.

මා සමග සම්බන්ද වෙන්න
Shereef Perera (18 Posts)

මා සමග සම්බන්ද වෙන්න


Shereef Perera

මා සමග සම්බන්ද වෙන්න

shereef-perera has 18 posts and counting.See all posts by shereef-perera

4 thoughts on “Villain (දුෂ්ටයා) 13 | Theodore “T-Bag” Bagwell

  • December 8, 2015 at 9:03 PM
    Permalink

    පට්ට ලිපිය

  • December 7, 2015 at 1:53 PM
    Permalink

    Godak hoda lipiyak a wagema mama yojanawak karannath kamati….me wagema me naluwa gana eyage jiwite gana eya me charitaya nisa labapu janappriyathwaya wage dewaluth add karanawa nam…hodai kiyala mama hitanawa….

  • December 7, 2015 at 11:08 AM
    Permalink

    පට්ට ලිපිය මචන් එල එල….

  • December 6, 2015 at 9:29 PM
    Permalink

    Thnx bn. Niyamama lipiyk. Fatta. Prison break eke mn dnne nathi dewaluth danagththa. T bag gana kiyanna puluwn okkoma kiyala thiyenawa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *