Supergirl S01 E02 Review | පළමු අදියරේ දෙවන කොටසේ විග්‍රහය

Supergirl S01 E02 Reviewurl

ඔන්න වෙනද වගේම අපේ අලුත්ම ටීවී ශෝ එකේ රිවිව් එකත් එක්ක අපි ආවා. ගිය සතියේ එපිසෝඩ් එක ටිකක් හදිස්සියෙ වගේ ගියත් මේ සතියෙ ඒක ටිකක් අඩු වෙලා කතාවෙ හැම පැත්ත්ටම අවදානය යොමු වෙලා කියලා මට හිතුනා. ඒත් මේ අතියෙ එපිසෝඩ් එකට ගිය සතියෙ එකට වඩා රේටින්ග් ටිකක් අඩුවෙලා තියෙනවා. ඒත් හැමදේම අරගෙන බැලුවම දෙවෙනි එපිය ටිකක් ඉස්සරහින් ඉන්නව වගේ.

Let the training begin

කාරා මේ සුපිරි වීර ක්‍රියා වලට අලුත්. ඒ නිසාම එයාට තියෙන අත්දැකීම් අඩු නිසා DEO එකෙන් තීරනය කරල තියෙනවා කාරට ට්‍රේනින්ග් එකක් දෙන්න.1

Superfriends are back :p අපිට දකින්න පුලුවන් කාරා ශබ්දයේ වේගය ඉක්මවා යනවා. සුපර්මෑන්ගෙ cousin වෙන කෙනාට ඒක බැරි නම් වැඩකුත් නෑ. ඒත් කාරා මිනිස්සුන්ට උදවු කරන එකනම් නතර කරලා නෑ. වින් ස්කොට් තමයි කාරගෙ ඇස් සහ කන් වෙලා තියෙන්නෙ. ඒ වගේම කාර කියනවාඑයා අවුරුදු 12ක් සමාජයෙන් හැංගිලා එයාගෙ රාහස රැකගෙන හිටියා කියලා. ඒ කියන්නෙ කාරාට දැන් වයස 25යි. මොකද එයා මෙහෙට එනකොට අවුරුදු 13යිනෙ.

ගියසතියෙ ප්ලේන් එකක්, මේ සතියෙ නැවක්. ඉස්සරහට තව මොනා කරයිද දන්නෙ නෑ. ඒ අගේම පළවෙනි පාරට අපට කාරගෙSuper Breath එක බලාගන්න පුලුවන් උනා. කොහොම හරි අන්තිමට නැව බේරගත්තත් කාරාට #Terriblegirl කියල තමයි නම වැටෙන්නෙ. අත්දැකීම් අඩු උනාම ඕක තමයි වෙන්නෙ. තාම ඉතින් පටන්ගත්තා විතරනෙ. කාරා ඔෆිස් එකේ ඉන්න වෙලාවෙ ටීවී එකේ පෙන්නනව මැක්ස්වෙල් ලෝඩ් කියල කෙනෙක්ව.

2
Maxwell Lord

කොමික් වලට අනුව ලෝඩ් ධනවත් ව්‍යාපාරිකයෙක්. ඒ වගේම ලෝඩ් තමයි Justice League International එක පිහිටුවන්න මූලිකත්වය ගන්නෙ. පස්සෙ කාලෙකදි ලෝඩ්ට මෙටා හියුමන් පවර්ස් ලැබෙනවා, ඒකෙන් මිනිහට මනස පාළනය කරන්න පුලුවන් බලයක් ලබෙනවා. Black King, Lord Havok වගේ නම් වලින් හදුන්වපු මැක්ස්වෙල් Arcana, the Black Lantern Corps,Checkmate, the Extremists, the Illuminati and the Super Buddies වගේ ප්‍රබල කණ්ඩායම් පවා නියෝජනය කරලා තියෙනවා.

DC-Comics-Character-Art-Maxwell-Lord
Maxwell Lord in comics

 Jimmy and Kara

මේ දෙන්න ටිකක් ලං වෙලා වගේ. ඉස්සරහට මේක දුරදිග යන්න ලොකු සම්භාවිතාවක් තියෙනවා.

3
Jimmy and Kara

ගොඩක් අයට ප්‍රශ්නයක් ක්ලාක් කෙන්ට් සුපර්මෑන් කියල මිනිස්සු අදුරගන්නෙ නැත්තෙ මොකද කියලා. මේ සතියෙ එපිසෝඩ් එකෙන් ඒකට උත්තරේ ලැබුනා. තමන් අතරෙම සුපිරි වීරයෙක් ඉදී කියලා මිනිස්සු කවදාවත් විශ්වාස කරන එකක් නෑ කියල ජිමී මෙතනදි කියනවා. කලින් එපිසෝඩ් එකට වඩා මේකෙදි ගොඩක්ම සුපර්මෑන් ගැන සඳහන් කරා කියලා මට හිතුනා. කාරාත් එක්ක තියෙන සම්බන්දය ශක්තිමත් වෙන්න ජිමීට සුපර්මෑන්ගෙන් ලොකු පිටුවහලක් ලැබෙනව වගේ.

Villains keep coming

අපිට තරුණ කාරාව දකින්න පුලුවන් ක්‍රිප්ටෝන් වල ඉන්නවා. ඒ වගේම ක්‍රිප්ටෝන් වල තාක්ෂණය ඉතා උසස් මට්ටමක තිබිල තියෙනවා කියලත් අපිට ඒ දර්ශන වලින් හොදට පේනවා. Hellgramite කියන ජීවීන් වර්ගය ක්‍රිප්ටෝන් හිටපු කොටසක් නෙවෙයි කියලා කියනවා කාරාගෙ අම්මා. එහෙනම් කවුද මේ හෙල්ග්‍රමයිට්ලා කියන්නෙ? කොමික් වලට අනුව හෙල්ග්‍රමයිට්ලා කියන්නෙ තනකොළපෙතත්තෝ වගේ ජීවීන් වර්ගයක්.

Hellgrammite_004
A Hellgramite

කතාවට අනුව වෙනස් කරලා තියෙනවා මනුෂ්‍යක්ගෙ හැඩය ගන්න විදිහට. ඒ කොමික් වලත් කතාවෙ වගේම Superhuman strength,super,Improved Jumping වගේ පවර්ස් තිබුනා.
කාරාට ඇලෙක්ස් උගන්නනවා සටන් කරන විදිහ. එතන තිබුන kryptonite emitters කාරාගෙ ශක්තිය නැතිකරලා සාමන්‍ය මනුස්සයෙක් ගානට අරගන්න පුලුවන් විදිහට වෙනස් කරල තිබුන එකෙන්ම DEO එකට කොච්චර තාක්ෂණික හැකියාවක් තියෙනවාද කියල පේනවා.

4
Alex training Kara to fight

ඒ වගේම ශෝ එකේදි අපිට දකින්න පුලුවන් කැට් ග්‍රාන්ට විසින් ක්ලාක් කෙන්ට් සහ ලොයිස් ලේන්ගෙ නම් සඳහන් කරනවා. දන්නවනෙ කවුද කියලා.

ජිමී සහ වින් මුන ගැහෙන අවස්තාව නම් නියමයි.

5
Jimmy and Winn knows who’s Supergirl

Future is predicted already?

හෙල්ග්‍රමයිට් පැනලා යන අවස්තාවකදි ක්‍රිප්ටෝනියන්ලා දෙන්නෙක් ඔහුව අල්ලගන්නවා පෙන්නනවා. පේන විදිහට ඒ අයටත් ලේසර් බීම්,සුපර් ස්පීඩ් වගෙ පවර්ස් තියෙනවා වගේ. කාරට ඉසසරහට ලොකු තරගයක් තියෙයි මෙයාලත් එක්ක. කාරාගෙ නැන්දගේ නම ඇස්ට්‍රා. ඇස්ට්‍රා තමයි මේ හැමදෙයක් පිටිපස්සෙ ඉදලාම පාලනය කරන්නෙ. ඇස්ට්‍රාටත් තියෙන්නෙ Man of Steel මූවි එකේදි ජෙනරාල් සොඩ්ට ඕන උනා වගේ පෘතුවිය තමන්ගෙ කරගෙන ඒකෙ තමන්ගෙ ලෝකය පිහිටවන්න වගේ.

More Easter eggs and comic reference

වින් ගොඩක් දක්ශ ස්මාට් කෙනෙක් කියල අපිට වින් කාරාට දෙන උපදෙස් වලින්ම පේනව. කොහොමත් වින් කොමික් වලට අනුව එහෙම තමයි. ටෝයිමෑන් වෙන්න ඉන්න වින් ජීනියස් ඉන්ටලෙක්ට් එකක් තියෙන කෙනෙක්.

මේ පාර එපිසෝඩ් එකේ ලොකුම ඊස්ටර් එග් එකක් තමයි කාරා ගහක ඉන්න සර්පයෙක් බේරලා දෙන එක. සුපර්මෑන් ගැන දන්න අය දන්නවා පොඩි ලමයෙක්ට එයාගෙ පූසා ගහට නැගලා ඉන්න වෙලාවක බේරලා දෙන එක හරියට සුපර්මෑන්ගෙ සංකේතයක් වගේ කියල. කොමික් කිහිපයකම මේක අපිට දකින්න පුලුවන් උනා. ශෝ එකේ එක්ක සංකේතවත් වෙන්න ඕන නිස ඒක දාන්න ඇති. හැබැයි පූසෙක් වෙනුවට හිටියෙ සර්පයෙක්.6කාරාට ඇහෙනවා කැට් ජිමීට තර්ජනය කරනවා එයා සුපර්ගර්ල් එක්ක හමුවක් හදල දුන්නෙ නැත්ටම් ජොබ් එකෙන් අයින් කරනවා කියලා. ජිමී ගැන පොඩි ක්‍රශ් එකක් තියෙන කාරාට මේක ඇහුනම අවුල් යනවා වගේ.

ඇලෙක්ස්ව පැහැරගැනීම ගැන කාරා දොස් කියන්නෙ හෑන්ක්ට. ඒ වගේම අපිට මේ එපිසෝඩ් එකෙත් කාරා සුපර්හියරින් එක පාවිච්චි කරනවා බලාගන් පුලුවන්. කාරා, ඇර්ට්‍රාව මුනගැහෙන වෙලාවෙ කාරා පුදුම වෙනවා එයාගෙ නැන්දා ජීවතුන් අතර ඉන්න එක ගැන. ඒ කියන්නෙ කාර දැනගෙන ඉදල නැහැ තමන්ගෙ අම්ම එයාගෙ සහෝදරියව ෆෝට් රොස් වෙත් පිටුවහල් කරලා කියලා.

7
Kara fight with Astra

කාරා සන ඇස්ට්‍රගෙ ෆයිට් එක අතරෙ ඇලෙක්ස් හෙල්ග්‍රම්යිට්ව පරාද කරනවා. ඒ කියන්නෙ ඉස්සරහට අපිට ඇලෙක්ස්ගෙන් ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවම් කියන එක.
හැන්ක් ක්‍රිප්ටනයිට් පිහියක් ඇස්ට්‍රාට එරෙහිව පාවිච්චි කරනවා. තව ඉස්සරහට ක්‍රිප්ටනයිට් මොනා ගේයිද දන්නෙ නෑ.

Mind blowing monets

ඇලෙක්ස් සඳහන් කරනවා Fortress of Solitude ගැන. මේ කියන්නෙ ආර්ක්ටික් වල තියෙන සුපර්මෑන්ගෙ මූලස්තානෙ ගැන.

8
Kara meets her mother

මුලු එපිසෝඩ් එක පුරාවමට පිස්සු හැදෙන මයින්ඩ් බ්ලෝවින් උන තැන තමයි හැන්ක් ඇලෙක්ස් එක්ක කතා කරල ඉවරවෙලා යද්දි ඇස් දෙක රතු පාට වෙන එක.

9Hank Henshaw teasing as Cyborg Superman

මට නම් ඒක දැක්ක ගමන් මතක් උනේ වෙන කවුරුත් නෙවෙයි, Matian Manhunter නැත්තම් J’onn J’onzzව. ඒත් ගිය සතියෙ මම කිව්ව වගේ හෑන්ක් කියන්නෙ Cyborg Supermanට. 

Cyborg_Superman
Cyborg Superman

ඒ නිසා මේ ඉන්නෙ මාශන් කියන එක සම්පූර්ණයෙනම බැහැර කරන්න පුලුවන්. මොකද අනික ඒ වගේ ලොකු චරිතයක් මේ ශෝ එකට ගේන එකක් නැතිවෙයි. ඒත් Cyborg Supermanගෙ ඇස් දෙකම රතුපාට නැහැ. ඒනිසා හිතන්න පුලුවන් මේ මාශන් ගැන පෙන්නන්න කරපු easter egg එකක් වගේ එකක් කියලා. ඒත් මේ තරම් ඉක්මනට් සයිබෝග් සුපර්මෑන්ව ගෙනෙයි කියල නම මම හිතුවෙ නෑ.

අන්තිමට ඇස්ට්‍රා ටිකක් පසුබහිනවා වගේ කාරාගෙ හැකියාවන් දැකලා. අපි බලමුකො මොකද වෙන්නෙ කියලා. කතාවෙ හොදම හරියෙන් තමා නැවතුනෙ. කැට් ග්‍රාන්ට් එක්ක සුපර්ගර්ල්ගෙ ඉන්ටර්විව් එක.

10
Supergirl meets Cat Grant

රැඳීලා ඉන්න අපිත් එක්ක දිගටම. ලබන සතියෙත් සුපර්ගර්ල් රිවිව් එකත් එක්ක හමුවෙමු.

#Luthor

http://www.comicscriptsl.com/

Comic Script (144 Posts)


3 thoughts on “Supergirl S01 E02 Review | පළමු අදියරේ දෙවන කොටසේ විග්‍රහය

  • November 22, 2015 at 5:46 PM
    Permalink

    Super Girl Tv serious 1ke aluthen apu epi wala sub 1ka dennakoo….!! thanx!

  • November 7, 2015 at 5:30 AM
    Permalink

    නියමයි සහෝ! තෑ…න්කියූ,,,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *